මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන අලින් සැරිසරන හතමුණගාල.අංකන්ද ප්‍රදේශවල වන අලින් සිටින ස්ථාන හදුනා ගැනිම සදහා ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ සොයා බැලිම පසුගියදා සිදු කෙරුනි.

ඩ්‍රෝන කැමරාවක් වන අලි සිටින ස්ථානයක ගත් ඡායාරුප
මාතලේ ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ඊ.එම්.කේ.එස්.ඩී.ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව මාතලේ ප්‍රාදේශීය සභාවේත් වනජීවි දෙපාර්තමේනතුවේත් මැදිහත් වීමෙන් තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ඇතිව,මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සැරි සරන වන අලි රක්ෂිත වනාන්තර සදහා පලවා හැරීම සදහා ඩ්‍රෝන කැමරා මගින් වන අලි සිටින ස්ථාන හදුනා ගැනීමට මහෙයුමක් කරන ලදි.
එහි පළමු ආරම්භයක් ලෙස මීට සති කිහිපයකට ඉහත දී අංකන්ද ප්‍රදේශයේ සැරි සැරු අන්ධ අලියෙක් වන ජීවී දෙපාර්තමේන්තුව හා මාතලේ ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් අල්ලා හොරොව්පතාන වන රක්ෂිතයට ගෙන ගෝස් මුදාහරින ලදි .
වන අලි අදාල රක්ෂිත වලට පලවා හැරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කැන්ඩි ප්‍රයිම් නිව්ස්











