ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම කලබල විය යුතු දෙයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
පසුගිය දිනවල දී ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද හෙතෙම පැවසීය.
මේ වන විට මහ බැංකුව ඩොලර් බිලියන තුනක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් ඩොලරට මේ මට්ටමින් හෝ පවතින්නේ ඒ නිසා බවත් හෙතෙම සඳහන් කළේය.
ඩොලරයේ මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම නිසා බවත් එනිසා මෙම තත්ත්වය කලබල විය යුතු දෙයක් නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනේ අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.60 ක් සහ විකුණුම් මිල රුපියල් 328.92 ලෙස දැක්වේ.
මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ ආනයන භාණ්ඩ 300ක පමණ ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කළේය. තවදුරටත් ආනයනය සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුවක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ක්‍රමානුකූලව එම සීමාද කරන බව මුදල් අමාත්‍යංශය මීට පෙර සඳහන් කළේය.
RANJITH SIYAMBALAPITIYA DOLLAR