• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩේ ගියාට කඩේ යන්න එපා! වැඩේ වෙනවද බලන්න! Sri Lanka Latest News

December 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කඩේ ගියාට කඩේ යන්න එපා! වැඩේ වෙනවද බලන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න අලුත් ආණ්ඩුව ගැන විවිධ මතිමතාන්තර දැන් පළවෙනවා. ගොඩක් අය කියන්නේ අලුත් ආණ්ඩුව හොඳයි කියලා. හොඳයි කියලා කියන්නේ විවිධ හේතු මත. ඇත්තටම ආණ්ඩුව හොඳයි කියන්න හේතුවිය යුත්තේ ඒ ආණ්ඩුව විසින් රට පාලනය කරමින් ගන්නා තීරණ. ඔවුන් ජනතා හිතවාදී තීරණ ගන්නවා නම්, දේශපාලන හිතවාදී තීරණ නොගෙන ඉන්නවා නම්, ආණ්ඩු හිතවාදී වැඩවලටත් වඩා පක්ෂයේ ඉන්න නම්ගම්වලට හිතවාදී දේවල් කරන්න යනවා නම් ඒ ආණ්ඩුව නරකයි. අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ ලංකාවේ තිබුණේ එහෙම ආණ්ඩු. මුල් කාලේ තමන්ගේ පක්ෂයේ අය වෙනුවෙන් වැඩ කරපු ආණ්ඩුව පස්සේ තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වැඩ කරන්න ගත්තා. පවුලේ අය, හිතවත් අය, ළඟ අය, දන්න අය කියලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේශපාලන තීන්දු අරගත්ත ලංකාවේ උදවියට මේ ක්‍රමය දැන් හොඳට හුරුවෙලා. ඒ නිසාම එහෙම තීන්දු තීරණ ගන්නවා නම් ඒවා හොඳයි කියලා හිතන තැනටත් අපේ රටේ මිනිස්සු පත්වෙලා ඉන්නවා. (Sri Lanka Latest News)

මේ ආණ්ඩුව මේ වෙලාවේ වැඩ කරගෙන යන විදිය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩුව හොරකම් කරලා නෑ කියන එකත් අපි පැහැදිලිවම දන්නවා. හොරකම් කරපු අය කවුරුවත් මේ ආණ්ඩුවේ ඉහළ පුටුවල නෑ කියලත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කරයි කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි දැන් මේ ආණ්ඩුව කරයි කියලා හිතාගෙන ඉන්න ගමන් අපි මොකද කරන්නේ කවි ගී සින්දු ලියනවා, හරිනි අගමැතිතුමිය සුපර්මාර්කට් එකට ගිය එක ගැන. හරිනි අගමැතිතුමිය සුපර්මාර්කට් ගිය එක ඇත්තටම හොඳයි. එතුමිය මහ පොළොවේ ඉඳලා දේශපාලනය කරන කෙනෙක් නම් සාමාන්‍ය මහජනයා ආශ්‍රය කරන කෙනෙක් නම් ඇයට සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරෙනවා නම් ඒක හරිම ෂෝක්. ඒක නියමයි. අපි ඒක පිළිගන්නවා.

ඔබට මතකද දන්නේ නෑ, තව පින්තූරයක් මේ වගේම ඉස්සර ආවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාවේ ජනාධිපති වෙච්ච කාලේ එතුමාගේ බිරිඳ සුපර්මාර්කට් එකකට ගියපු පින්තූරයක්. එතුමාගේ බිරිඳත් මේ විදියටම සුපර්මාර්කට් යනවාය, කිසිම ලොකුකමක් නෑ, සාමාන්‍ය පුරවැසියෙක්ය කියමින් මාධ්‍ය තුළ වාර්තා පළකරන්න ගත්තා. සමාජ මාධ්‍ය තුළ ඇයව වර්ණනා කරන්න ගත්තා. මේ විදියට දේශපාලකයෝ පත්වුණාම ඒගොල්ලන්ගේ බාහිර ක්‍රියාකාරකම්වලින් අපි විවිධ දේශපාලනික තීන්දු ගන්නවා කියන එක හරිම භයානක දෙයක්. ඒ කියන්නේ මේ ආණ්ඩුව නරකයි කියලා ඔප්පු කරන්න හදන හින්දා නෙවෙයි. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙච්ච වෙලාවේ හරිම සරලයි, හරිම චාම්, බාල පෑනකින් තමයි අස්සන් කළේ, ලොකු උත්සවයක් ගත්තේ නෑ, වෙනදා වගේ පත්වීම සඳහා ලොකු දේවල් වියදම් කළේ නෑ කියලා ඔහුගේ සරලකම ගැන, ඔහුගේ සරලකම ගැන කවි සින්දු ලිව්වා. එතුමා මේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය බව හිතමින් සිහින දැක්කා. පස්සේ ඒ හීන එළිවුණා. දවල් හීන ඉතුරු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුටුවෙන් බැහැලා ගෙදර ගියා.

ගෝඨාභය රාජපක්ෂ ආවා. ඊට වඩා බලාපොරොත්තු තියාගෙන අපි ඔහුව ජනාධිපති පුටුවේ ඉන්දුවා. ඔහුත් ආපු ගමන් නාරාහේන්පිට සුපර්මාර්කට් එකට එහෙම ගිහිල්ලා පොඩි සෙල්ලමක් දාලා, මහජනතාවගේ ජනාධිපතිවරයා බව ඔප්පු කරමින් දේශපාලන ව්‍යාපෘති කීපයක්ම අලුත් අලුත් පන්නයෙන් නිර්මාණය කරලා පෙන්නුවා. අපිත් අනේ අපරාදෙ කියන්න බෑ, එතුමාගේ මේ දේශපාලන නැඹුරුව ගැන සතුටින් බලාපොරොත්තු තියාගෙන හිටියා. සරල චාම් ජනාධිපති කෙනෙක් අපිට හම්බවුණාය කියලා ආයෙත් අපි සතුටු වෙන්න ගත්තා. එතුමා නැෂනල් එකවත් ඇන්දේ නැති, ටයි කෝට් දාන්න වැඩි උනන්දුවක් දක්වපු නැති, කලිසමක් ඇඳලා උඩින් ෂර්ට් එකක් දාලා ගියපු කෙනෙක් රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දීපු කෙනෙක්. හැබැයි අන්තිමට අපිට තේරුණා මේ වැඩේ හරියන්නේ නෑ කියලා.

දැන් අනුර කුමාර ජනාධිපතිතුමා සහ ඒ කණ්ඩායම ගැන අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ දොර ඇරගන්නේ එතුමාමයි, කුඩය එපා කියනවා, වාහන යන්නේ ටිකයි, හරි සරලයි, යන ගමන් ගෙවල්වලට යනවා, දන්න අයව හම්බවෙනවා, හලෝ කියනවා, මචං කියනවා, බායි කියනවා. රටක ජනාධිපතිවරයෙක්ගේ ප්‍රබලත්වය රටක ආණ්ඩුවක තියෙන ප්‍රබලත්වය ඒ රටට ඔහුගෙන් හෝ කණ්ඩායමෙන් ලැබෙන සවිය ශක්තිය විදියට අපි හඳුනාගන්න ඕනේ මේ කිසිවක් නෙවෙයි. අපි හඳුනාගත යුත්තේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති. දේශපාලන ක්‍රියාකාරකම්. ඔවුන් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ආකාරය. ඔවුන් ගන්නා සමහර ප්‍රතිපත්ති. අපේ රටේ නම් අධ්‍යාපනික ප්‍රතිපත්තිය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් දරන මතය. අධ්‍යාපනික වෙනස්කම් සිදුකරනවා නම් ඒ වෙනස්කම් සිදුකරන ආකාරය. විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි ඔවුන් දරන මතය. සහල් අර්බුදය සම්බන්ධව ඔවුන් දරන මතය. මේ රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඒ අයගේ අදහස. දීර්ඝකාලීන ගැටලුවක් විදියට තියෙන කාර්මික නවෝදය සම්බන්ධව අපිට තියෙන ප්‍රශ්නය. ඒ වගේම අපේ රටේ මූල්‍ය ගැටලු. මූල්‍ය සංචිත හිඟ වීම. ප්‍රතිපත්තියක් විදියට බලශක්තිය සම්බන්ධයෙන් ඔවුන් කරන්නේ මොන වගේ ක්‍රියාකාරකමක්ද? රටේ විදුලිය පුනර්ජනනීය බලශක්තිය හරහා දේශපාලනය කරන්න ඔවුන් සතුව තියෙන වැඩපිළිවෙළ ප්‍රමාණවත්ද? ක්ෂය වන සම්පත් ගෙන්වා ගැනීම සහ භාවිත කිරීම ගැන අපේ අදහස. අපේ රටේ තියෙන ඛනිජ සම්පත් පරිභෝජනය කරන්නේ මොන විදියටද? එකතු කළ අගයක් සහිතව අපේ සම්පත් ලෝකෙට අලෙවි කරන්න ඔවුන්ට තියෙන වැඩපිළිවෙළ මොකක්ද? පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඔවුන් ජාත්‍යන්තර වශයෙන් දැරුවේ වෙනස් මතයක්. අපි දන්නවා පෞද්ගලීකරණයට ඔවුන් නිරන්තරව එරෙහිව වුණා. තාමත් ඔවුන් පෞද්ගලීකරණයට එරෙහිද? මේ විදියට විවිධාකාරයේ දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය සහ ඔවුන් එය ක්‍රියාත්මක කරන ආකාරය දිහා බලාගෙන ඉන්න ඕනේ.

පොහොර ව්‍යාපෘතිය හරිම හොඳ එකක්. අපි දන්නවා රටකට පුළුවන් නම් රසායනික පොහොර සම්පූර්ණයෙන් ඉවත් කරලා කාබනික පොහොර වෙත යන්න ඒ තරම් ලොකු ජයග්‍රහණයක් නැහැ. නමුත් ඒක සතියෙන් දෙකෙන් කරන්න ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගෙදර යන්න පවා සිදුවුණා. එහෙම කරන්න බෑ. සමහර ව්‍යාපෘති හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒවා මහ පොළොවට ගැළපෙන්න ඕනේ. ඇපල් වගාවෙන් ලෝකය වාසි ලබන බව හඳුනාගත් පමණට ලංකාවේ හැම ප්‍රදේශයකම ඇපල් වගා කරන්න යෝජනා කළොත් ඒක සාර්ථක දේශපාලන ව්‍යාපෘතියක් වෙන්නේ නෑ. වී වගාව ලෝකෙට ගැළපෙන්නේ නෑ කියලා තීරණය කරලා ලංකාවේ ගොවියට තිරිඟු හිටවන්න බාරදුන්නොත් ඒක ගැළපෙන්නේ නෑ. මේ විදියට ගැළපෙන සහ නොගැළපෙන දේවල් හොයලා වාසි සහ ලාභ ගැන පමණක් නොහිතා දේශපාලනය කරන කණ්ඩායමක් රටට ගැළපෙනවා මිසක, සුපර්මාර්කට් එකට ගිහින් ෆොටෝ ගහලා දාලා අනේ හරි සරලයි කියලා හිතන තැනට පත්වෙන්න එපා. නෝනාවරුනි, මහත්වරුනි, අපිට ඕනේ දේශපාලන සාක්ෂරතාවක් සහිත මිනිස්සු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාවත් දැන් LADIES FIRST ! Sri Lanka Latest News

Next Post

නාඩු හාල් රටින් ගේන්නේ රුපියල් 110ට! එකට එකක් තියාගෙන මෙහේ විකුණන්න යන්නේ 220ට! කෝටි 770ක කොල්ලයක්! දැන් වසන්ත සමරසිංහ කියනවා හාල් පිටරටින් ගේන්නේ ජනතාව වෙනුවෙන්ලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.