මහමැතිවරණයට තරග කොට පරාජයට පත්වූ කිසිවකුටත් සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ලබා නොදිය යුතු බවට පක්ෂයේ බිම් මට්ටමෙන් පක්ෂ නායකත්වය වෙත දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින් බව වාර්තා වේ.Sri Lanka Latest News
ජාතික ලයිස්තුවේ නම් කොට තිබූ පුද්ගලයන්ට පමණක් එම ධූරයන් ලබාදීමට කටයුතු කරන ලෙසද ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් මැතිවරණයෙන් පරාජයට පත්වී යම් යම් පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික සම්බන්ධතා මත ජාතික ලයිස්තුවෙන් විවිධ චරිත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කරන්නේ නම් තමන් ඊට දැඩි විරෝධය දක්වන බවද ඔවුන් පක්ෂය වෙත දැනුම් දී තිබේ.











