අසාධාරණයට ලක්ව සිටින ගුරු සේවයේ සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.Sri Lanka Latest News
අධිකරණයේ සමථකරණ තීන්දුවක් සංවර්ධන නිලධාරීන් 16600ක් වෙනුවෙන් ඇති බවත් මේ අය වසර ගණනාවක් කැපකිරීමක් කර නිදහස් අධ්‍යාපනය රැකගත් බවත් රට බංකොලොත් වූ අවස්ථාවේ කොරෝනා සමයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ කැපකිරිමට යුතුකම් ඉටු කළ යුතු බවත් එදා මේ අය ඉගැන්වීම කරන විට මේ ගැටලු නොවුවත් අද ගැටලුවක් වී අධිකරණය දුන් සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් එදා විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් වෙනුවෙන් නැගූ හඩ අද ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










