• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිලියන දහදාහේ කුඩු කතාවේ රහස් සියල්ල එළියට! මහමොළකරුවන් කව්ද? චක්ගෝලයෝ මොක්කුද? පැටෙව්වේ කොහෙන්ද? ගෙනාවේ කව්ද? බෑවේ කොතනින්ද? යැව්වේ කොතනටද? දේශපාලන සබධතා මොනවාද? හිතවත්තු කව්ද? මෙන්න සම්පූර්ණ කතාව කියවන්න! I Sri Lanka Latest News

September 24, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
මිලියන දහදාහේ කුඩු කතාවේ රහස් සියල්ල එළියට! මහමොළකරුවන් කව්ද? චක්ගෝලයෝ මොක්කුද? පැටෙව්වේ කොහෙන්ද? ගෙනාවේ කව්ද? බෑවේ කොතනින්ද? යැව්වේ කොතනටද? දේශපාලන සබධතා මොනවාද? හිතවත්තු කව්ද? මෙන්න සම්පූර්ණ කතාව කියවන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලී­සිය විසින් කළ මෙහෙ­යු­මක දී ගොඩ­බිමේ දී මෙ‍ෙතක් ඉති­හා­සයේ සොයා­ගත් විශා­ල­තම මත්ද්‍රව්‍ය තොගය මහ මුහුදේ සිට ගොඩ­බි­මට රැගෙන ඒමට දේශ­පා­ල­න­ඥ­ය­කුගේ සහෝ­ද­ර­යෙ­කුට අයත් හෝට­ල­යක සේවයේ නිරත පුද්ග­ල­යකු සම්බන්ධ වී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.Sri Lanka Latest News

මත්ද්‍රව්‍ය තොගය හමු­වන තංගල්ල සීනි­මෝ­දර නි‍ෙවසේ මිය­ගොස් සිටි දෙදෙ­නා­ගෙන් අයෙක් වන්නේ එම සේව­කයා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යෙ­කුගේ සහෝ­ද­ර­යකු වන එකී හෝටල් හිමි­ක­රුට හා එම හෝටල් හිමි­ක­රුගේ ව්‍යාපා­රික සග­යෙ­කුට සීනි­මෝ­දර එම නි‍ෙව­සට සම්බ­න්ධ­ක­මක් ඇතැයි ලැබී ඇති තොර­තු­රක් සම්බ­න්ධ­යෙන්ද පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි ද එම උසස් පොලිස් නිල­ධා­රියා සඳ­හන් කළේය. මෙම නි‍ෙවස පිහිටි ඉඩමේ සංචා­ර­ක­යන් ඉලක්ක කර­ගෙන විලා එකක් ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබී ඇති බව­ටද පොලී­සි­යට තොර­තුරු ලැබී ඇත.

රුපි­යල් කෝටි 1000කට අධික වටි­නා­ක­මක් ඇති කිලෝ 707ක් වූ එම මත්ද්‍රව්‍ය තොගය උනා­කූ­රුවේ ශාන්ත සහ කළු සාගර විසින් විදේ­ශ­යක සිට මෙර­ටට එවා ඇතැ­යිද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. උනා­කූ­රුවේ ශාන්තට සීනි­මෝ­දර ඉඩම හා සම්බ­න්ධ­යක් ඇති බවට තොර­තු­රුද පොලී­සි­යට ලැබී තිබේ. මේ වන විට පොලී­සිය සොයා බල­මින් සිටින්නේ, ඉඩමේ ලියා­ප­දිංචි හිමි­කරු හා උනා­කූ­රුවේ ශාන්ත, විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යාගේ සහෝ­ද­රයා සහ එම සහෝ­ද­ර­යාගේ ව්‍යාපා­රික සගයා අතර සම්බ­න්ධ­ක­මක් තිබේ­දැයි කියාය. ඒ අනුව එම දේශ­පා­ල­න­ඥ­යාගේ සහෝ­ද­ර­යාත් ඔහුගේ ව්‍යාපා­රික සග­යාත් සම්බ­න්ධ­යෙන් ඉදිරි පිය­වර ගැනී­මට නිය­මිත බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

සොයා­ගත් මත්ද්‍රව්‍ය කිලෝ 705.91ක් තිබී ඇත. අයිස් කිලෝ 420.976ක්ද හොරො­යින් කිලෝ 284.94ක්ද තිබුණු බව පොලී­සිය සඳ­හන් කළේය. ඊට අම­ත­රව ටී 56 ගිනි අවි­යක් සහ රිවෝ­ල්වර 05ක්ද පොලී­සිය සොයා­ගෙන තිබුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි­අවි පාකි­ස්තා­නයේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙ­න­විත් ඇත්තේ බහු­දින යාත්‍රා­ව­කින් බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. පාකි­ස්තා­නයේ සිට මෙම මත්ද්‍රව්‍ය සහ ගිනි­අවි රැගෙන ඉරාන් සහ පාකි­ස්තානු ජාති­ක­යින් පිරි­සක් බහු­දින යාත්‍රා­ව­කින් දකුණු මුහුදු තීරය ආස­න්නයේ ජාත්‍ය­න්තර මුහුදු සීමා­වට පැමිණ ඇති බව සඳ­හන්ය. එම යාත්‍රා‍ෙ­වන් මත්ද්‍රව්‍ය හා ගිනි­අවි භාර­ගෙන ඇත්තේ දකුණේ ධීවර වරා­ය­කින් මුහුදු ගිය යාත්‍රා­වක සිටි පිරි­සක් බවට සැක කරන තොර­තු­රුද විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබී ඇත. එම බහු­දින ධීවර යාත්‍රාව දින කිහි­ප­යක් තිස්සේ යාත්‍රා කර මෙරට වෙරළ තීරය ආස­න්න­යට පැමිණි පසු කුඩා ධීවර යාත්‍රා දෙකක් එම බහු­දින යාත්‍රාව අස­ලට ගොස් එහි වූ මත්ද්‍රව්‍ය හා ගිනි­අවි භාර­ගෙන තංගල්ලේ වෙරළ තීර­ය­කට පැමිණ ඇති බව සඳ­හන්ය. විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ මාව­ලැල් වෙරළ තීර­යට හෝ උනා­කූ­රුවේ විහා­ර­ස්ථාන ආස­න්නයේ වෙර­ළට මෙම යාත්‍රා දෙකේ තිබුණු මත්ද්‍රව්‍ය ගොඩබා ඇති බවය. එම වෙරළ තීර දෙකම පොලිස් විම­ර්ශ­ක­යන්ගේ නිරී­ක්ෂ­ණ­යට මේ වන විටත් ලක්ව ඇත.

ගොඩ­බි­මට එම මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබි­යදී එක් බෝට්ටු­වක් පෙරළී ඇති බවට තොර­තු­රුද විම­ර්ශන නිල­ධා­රීන්ට ලැබී තිබේ. බෝට්ටුව පැත්ත­කට ඇලවී ජලය බෝට්ටු­වට පිරී ඇති බව ද කියැවේ.

එම බෝට්ටුවේ තිබුණු අයිස් සහ හෙරො­යින් මුහු­දට වැටී ඇති බව ද සඳ­හන්ය. එහි දී මුහු­දට වැටුණු එම මත්ද්‍රව්‍ය පැකට් පිහි­නා­ගොස් ගොඩ­බි­මට රැගෙ­න­විත් ඇතැයි පැව­සෙන්නේ සීනි­මෝ­දර නිවස තුළ මිය­ගොස් සිටි දෙදෙනා බවට විම­ර්ශන නිල­ධා­රීන් සැක කරයි.

මේ සිය­ල්ලක්ම සිදුව ඇත්තේ 21 වැනිදා රාත්‍රී කාල­යේ­දීය.

බෝට්ටු දෙක වෙරළ තීර­යට පැමිණි සැණින් වෙරළ ආස­න්නයේ නතර කර තිබුණු ලොරි­ය­කට එහි වූ මත්ද්‍රව්‍ය පටවා සීනි­මෝ­දර නි‍ෙව­සට රැගෙන විත් ඇති බව සඳ­හන්ය. එම මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීම සඳහා ස්ථාන කිහි­ප­ය­කට රැගෙන යාමේ අර­මු­ණින් ලොරි රථ­වල ඇති රහස් කුටි­වල ඉතා සූක්ෂ්මව සඟවා ඇත්තේ සීනි­මෝ­දර දී බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

මෙම මත්ද්‍රව්‍ය පැටවූ ලොරි රථ ස්ථාන තුන­කට රැගෙන යාමට නිය­මි­තව තිබී ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත. සීනි­මෝ­දර නි‍ෙවසේ දී රෝගී වී රෝහ­ල්ගත කිරී­මෙන් පසු මිය­ගිය පුද්ග­ලයා එම ලොරි රථ ආර­ක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සූදා­න­මින් සිටි රියැ­දුරා බව පොලී­සිය හඳු­නා­ගෙන ඇත. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය පාකි­ස්තා­නයේ සිට ඇණ­වුම් කිරී­මෙන් අන­තු­රුව මෙර­ටට රැගෙන විත් බෙදා­හැ­රීමේ ජාලය භාර­ගෙන සිටි බවට හඳු­නා­ගෙන සිටින පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන උනා­කූ­රුවේ ශාන්තගේ ප්‍රධාන ගෝල­යෙක් බවට තොර­තු­රුද අනා­ව­ර­ණය වී තිබේ. උනා­කූ­රුවේ තුසිත නමැති මෙම පුද්ග­ලයා දීර්ඝ කාල­යක් තිස්සේ උනා­කූ­රුවේ ශාන්තගේ මත්ද්‍රව්‍ය ජාලය හා සම්බ­න්ධව සිටින බවට සැක කරන තොර­තු­රුද පොලී­සි­යට ලැබී තිබේ.

මුහු­දට වැටී ගොඩ­ගත් බව සඳ­හන් ඇතැම් මත්ද්‍රව්‍ය ඇසු­රු­ම්ව­ලට ලුණු ජලය ඇතුළු වී හානි වී ඇති බව ද පෙනී ගොස් ඇත. සීනි­මෝ­දර නි‍ෙවසේ කුඩා ලොරි රථ­යක සඟවා තිබී සොයා­ගත් අයිස් මත්ද්‍රව්‍ය අතර වැඩි ප්‍රමා­ණ­යක් මුහුදු ජලය එක්වූ ඒවා බව පෙනී ගොස් තිබේ.

සීනි­මෝ­දර නි‍ෙවසේ මිය­ගොස් සිටි තරු­ණ­යි­න්ගෙන් එක් අයෙක් යට ඇඳුම පිටින් සිට ඇත. ඔහු­ගේත් අනෙත් තරු­ණ­යා­ගේත් සිරුරේ වැලි ගෑවී තිබී ඇත. එම වැලි මුහුදු වැලි බවට සැක කරයි. ඔවුන් වෙර­ළට ගොස් බෝට්ටු­වෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය ලොරි රථ­ව­ලට පැට­වී­මට සම්බන්ධ වී ඇතැයි පොලී­සිය සැක කර­නුයේ ඒ අනු­වය. එය සැක­යන් තහ­වුරු කෙ‍ෙරන තොර­තු­රුද විම­ර්ශ­ක­යන්ට ලැබී ඇත. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් තොර­තුරු රැස්ක­රන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

මිය­ගිය අයගේ මරණ පරී­ක්ෂණ තංගල්ල අධි­ක­රණ වෛද්‍ය­ව­රයා විසින් සිදු කරනු ලදුව විවෘත තීන්දු­වක් ලබාදී ඇත.

මුහුදු මාර්ග ඔස්සේ ආ මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩ­බිමේ දී භාර­ගෙන බෙදා­හැ­රී­මට සම්බන්ධ ජාල­යද මේ වන විට පොලී­සිය විසින් හඳු­නා­ගෙන ඇත. ඔවුන් මේ වන විට පලා­ගොස් සැඟවී සිටින බව පොලී­සිය සඳ­හන් කරයි. සීනි­මෝ­දර නි‍ෙවසේ මිය­ගොස් සිටි තරු­ණ­යින්ට මත්පැන් බෝත­ල­යක් පවා ලබා දී ඇතැයි අනා­ව­ර­ණය වන්නේ ගොඩ­බිමේ දී බෙදා හැරීමේ ජාල­යට සම්බන්ධ වූවෝය. පොලී­සිය සැක කරනු ලබන්නේ එම මත්පැන් බෝත­ල­යට වස එක්කර මොවුන්ට පානය කර­න්නට දී ඇති බවය. එසේ නොවන්නේ නම් මුහුදු ජලය එක්වූ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඒවා විෂ වී ඔවුන් මිය යන්නට ඇතැ­යිද පොලී­සිය සැක කරයි.

පොලී­සිය සඳ­හන් කරනු ලබන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බ­න්ධ­යෙන් කෙරන විම­ර්ශ­න­යට අදා­ළව සැක­පිට ඊයේ (23) සවස් වන විට 06 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවය. ඒ අතර රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රුව මිය­ගිය උනා­කූ­රුවේ තුසි­තගේ දරු­වන් දෙදෙ­නාද සිටිති. ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ඔවුන්ද යම් තොර­තු­රක් දැන සිටින බවට සැක­යක් ඇති­වීම හේතු­වෙනි. ඒ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් කීය.

අත්අ­ඩං­ගු­වට ගත් සෙසු සැක­ක­රු­වන් අතර මත්ද්‍රව්‍ය පැටවූ ලොරි රථ තුනේ ලියා­ප­දිංචි හිමි­ක­රු­වන්ද සිටිති. ඇල්පි­ටිය, මීටි­යා­ගොඩ සහ රත්ම­ලා­නෙන් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මේ හැරු­ණු­කොට මත්ද්‍රව්‍ය පැටවූ එක් ලොරි­යක රිය­දු­රෙක්ද පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

රත්ම­ලා­නෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමි­ක­රුය. පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. පොලී­සිය ඔහුව අත්අ­ඩං­ගු­වට ගන්නා විට නි‍ෙවසේ වහලේ සැඟවී සිට ඇත. උනා­කූ­රුවේ ශාන්ත සමඟ ඔහු සම්බ­න්ධ­කම් පව­ත්වන අයෙක් බව ද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. උනා­කූ­රුවේ ශාන්තගේ ඉල්ලීම මත තමා ලොරි රථය මාස 04කට පෙර කොට්ටා­වට රැගෙන ගොස් පුද්ග­ල­යෙ­කුට භාර­දුන් බව ද ඔහු පොලී­සි­යට පවසා ඇත. ඒ වෙනු­වෙන් ඔහුට විටෙන් විට උනා­කූ­රුවේ ශාන්ත මුදල්ද ලබා දී ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

ගල්කිස්ස පොලී­සි­යට මෙම සැක­කරු භාර දී ඇත්තේ වැඩි­දුර විම­ර්ශන සඳ­හාය. එළැ­ඹෙන 29 වනදා දක්වා රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට ගල්කිස්ස මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ගල්කිස්ස පොලී­සි­යට නියෝග කර තිබේ.

සෙසු සැක­ක­රු­වන්ද රඳ­වා­ගෙන දීර්ඝ ලෙස විම­ර්ශන පව­ත්වන බව පොලී­සිය සඳ­හන් කරයි. මෙම විම­ර්ශන කොටස් කිහි­ප­යක් යටතේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත් මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් සිදුවේ. ඒ සඳහා පොලිස් කණ්ඩා­යම් 10කට ආසන්න ප්‍රමා­ණ­යක් යොදා තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ ද කණ්ඩා­යම් කිහි­ප­යක් විම­ර්ශන සඳහා එක්ව සිටිති.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදේ­ශ­යක සිට මෙර­ටට එවා ඇති බවට හඳු­නා­ගෙන සිටින ප්‍රධාන ජාවා­ර­ම්ක­රු­වන් වන උනා­කූ­රුවේ ශාන්ත හා කළු සාගර යන දෙදෙ­නා­ටම ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් රතු නිවේ­දන පවා නිකුත් කර ඇති බව සඳ­හන්ය.

පාතා­ලයේ ගෝඩ් ෆාද­ර්ව­ර­යෙක් ලෙස කුප්‍ර­ක­ටව සිටි මාක­ඳුරේ මධුෂ් පාතා­ල­යට එක්ව­න්නේද උනා­කූ­රුවේ ශාන්ත සමඟ එක්වය. එකල ඔවුන් දෙදෙ­නාම බස් රථ රිය­දු­රන් ලෙස කට­යුතු කර ඇත. උනා­කූ­රුවේ ශාන්ත ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙ­කුගේ බිරි­ය­කගේ පුද්ග­ලික ආර­ක්ෂ­ක­යෙක් ලෙසද කලක් කට­යුතු කර ඇති බවට තොර­තු­රුද ඇත.

කළු සාගර නමැති පාතා­ලයේ අප­රා­ධ­කරු මර­ණීය දණ්ඩ­නය නියම වී සිටි­න්නෙකි. අඟු­ණ­කො­ළ­පැ­ලැස්සේ දී 1998 වසර් පෙබ­ර­වාරි 18 වැනිදා මව පියා දරු­වන් ඇතුළු එකම පවුලේ පවුලේ 06 දෙනෙ­කුට වෙඩි තබා කපා­කොටා බෝම්බ ගසා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ සිටි ඔහු ඇතුළු 10 දෙනෙ­කුට 2018 වසරේ ඔක්තෝ­බර් 11 වැනිදා තංගල්ල මහා­ධි­ක­ර­ණය විසින් මර­ණීය දණ්ඩ­නය නියම කර තිබේ.

කළු සාග­රට එරෙ­හිව අප­රාධ ගොන්නක් පොලිස් පොත්වල ලියැවී ඇති අතර බැංකු කොල්ල­කෑම්, මිනිස් ඝාතන, ඒ අතර බොහෝ­ම­යක් වන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

ගුරු සේවයේ සංවර්ධන නිලධාරීන් 16,600 අමතක කරන්න එපා! අධිකරණය දුන් සමථකරණයවත් ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? මේ සජිත් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් කතා කරපු හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

අපේ දරුවො බේරලා දෙන්න! මහවැස්සේ තංගල්ලේ ජනතාව කුඩුවලට එරෙහිව මහපාරට බසී! අනුරටයි ආණ්ඩුවටයි ස්තූති කරයි! ලොකු ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.