• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්බිකාට මතක නැද්ද තොණ්ඩා නටන තාලේ! Sri Lanka Latest News

June 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අම්බිකාට මතක නැද්ද තොණ්ඩා නටන තාලේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්බිකා කියන්නේ පහුගිය ඡන්ද කාලේ වඩාත් ආකර්ෂණීය ලෙස මිනිස්සුන්ගේ හදවත්වලට කිට්ටු වෙච්ච තරුණියක්. ඇයගේ නම අම්බිකා සැමුවෙල්. 2024 මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් ඈ තරග කරනවා. අම්බිකා නිරන්තරව කියපු කාරණය වුණේ වත්තේ අහිංසක මිනිස්සුන්ටත් දේශපාලන බලය අවශ්‍ය බව. හැබැයි ඇය එක තැනක කියලා තිබුණා හිතන්න එපා වතුකරයේ ඉන්නේ දලු කඩන අය විතරයි කියලා. අපි නැගිටලා ඉවරයි. අපි අතර උගත් බුද්ධිමත් අය ඉන්නවා කියලා. ඇය දෙමළ භාෂාව, සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි තරුණියක්. ඇය වතු තරුණියක් විදියට තමයි සමාජය තුළ හඳුන්වා දුන්නේ. ඇය වත්තේ ලැයිමේ ඉපදිලා, දලු කඩන අම්මෙක්කේ තාත්තෙක්ගේ පවුලක ලංකාවේ දේශපාලන බලය හිමි කරගන්න ඉස්සරහට ආපු තරුණියක වග බොහෝ තැන්වල කියැවුණා. Sri Lanka Latest News
ඇය ගැන කුමාර හෙට්ටිආරච්චි කවියක් ලියලා තිබුණා.

‘කොකුමඟරා නළල දිලෙන දාඩිය මුතු අහුරූ
ඇට පෑදුණ ළය මඬලට සෝගිනි නැත නුහුරූ
දික්ඔය දික්විජය කරන දේදුනු බිම ඇහිරූ
දුක් ළතැවුල් සාගිනිමය ලද සේසත මහරූ

තේ පඳුරේ නහර පුරා දුවනා රතු ලෙයිනී
ලේ රස තේ රසට පෙරී සුපතළ රස ගිහිණී
දාඩිය ලේ කඳුළු නටන ජීවිත අනුහසිනී
කෑ මොර දෙන මහ පොළොවම කකියා නුඹ උපනී…’

‘මට උඹව බඳින්න හිතෙනවා කෙල්ලේ…’ කියලා තමයි මේ කවිය නම්කරලා තිබුණේ.

මිනිස්සු විශ්වාස කළේ අම්බිකා කියන්නේ සිහිනයෙන් උපන් වසන්තයක් කියලා. තේ දලුවලින් ඉපදුණු බලාපොරොත්තුව කියලා. ඈත කඳු මුදුන් අස්සේ තියෙන සුදෝසුදු සේල වලාකුළු අතරින් අම්බිකා ඉපදුණු බව අම්බිකා මේ දුක් කඳුළු සියල්ල නිමා කරලා වත්තට වසන්තය ගේන බව බොහෝ අය බලාපොරොත්තුවෙන් හිටියා. සුදු පාට මල් පිපෙන තේ දලුවල පාට පාට මල් පූදින්න නියමිත බව ඒ අය විශ්වාස කළා. හැමදාම වත්තේ තේ ගස්වල දලු කඩලා තේ ගස් මිටි කරන බවත්, දලු නොකැඩුවා නම් ඒ තේ ගස් මීට වඩා ලොකුවට හැදෙන බවත් වත්තේ මිනිස්සුන්ට මතක් වුණේ නෑ. දලු කැඩුවට පස්සේ කවදාවත් තේ ගස් උස ගියේ නෑ. වත්තේ මිනිස්සුන්ට තිබුණු ප්‍රශ්නෙත් ඒකම තමයි. වත්තේ මිනිස්සුන්ගේ දලු කැඩුවා. ඒ නිසා වත්තේ මිනිස්සුන්ට බැරිවුණා අනිත් ගස්වලට සාපේක්ෂව උස යන්න. හැබැයි අම්බිකා ඒ සියල්ල වෙනස් කරන බව කියමින් ලංකාවේ දේශපාලන බලය හිමි පාර්ලිමේන්තු බලය හිමි තරුණියක් බවට පත්වුණා. ඇයට හඬක් ලැබුණා. ඈ බොහෝ දේ කිව්වා. ඈ කිව්වා වත්තේ තොණ්ඩමන්ලගේ බලය තවදුරටත් නෑ, මේ වත්තේ තොණ්ඩමන්ලගේ බලය පෙරලුවා. දැන් බලය තියෙන්නේ වත්තේ දලු කඩන මිනිස්සුන්ට කියලා. එය අනියමාර්ථයෙන් කිව්වොත් වඩාත් ලස්සන මෙහෙම. ‘වතු අයිතිකාරයන්ගේ බලය තවදුරටත් නෑ, දැන් බලය තියෙන්නේ දලු කඩන අම්මලගේ තාත්තලාගේ දරුවන්ට’. ඒත් මේ වතාවේ පළාත් පාලන මැතිවරණයෙන් අම්බිකාලට ආයෙත් අර පරණ පුරුදු කතන්දරේටම යන්න සිද්ධ වුණා. වත්තේ බලය ආයෙත් තොණ්ඩමන්ලා ගාව තියෙන බවත්, තොණ්ඩමන්ලාට යට නොවී, තොණ්ඩමන්ලාට ඕනේ විදියට වැඩ නොකර, තොණ්ඩමන්ලාගේ පදයට නටන්නේ නැතුව වත්තේ කිසි කෙරුමෙකුට නටන්න බෑ කියන එක මේ වතාවේ ඔප්පු වුණා.

අම්බිකා මොන බයිලා කිව්වත් මේක බයිස්කෝප් එකක් නෙවෙයි කියලා තොණ්ඩමන්ලා අම්බිකාලට ඔප්පු කරලා පෙන්නුවා. අම්බිකාලා වගේ වීරයෝ බිහිවෙන්නේ බයිස්කෝප්වල. දෙමළ චිත්‍රපටවල. අපිත් ආසයි අම්බිකා ඔබ වගේ වීරවරියක් ඉන්න දෙමළ චිත්‍රපටයක් බලන්න. අපි ආසයි වත්තේ බලය වත්තේ මුදලාලිගෙන් ගළවලා අරගෙන ලැයිමේ ඉන්න අම්මලාට තාත්තලාට දෙන්න. හැබැයි ලැයිමේ නෙවෙයි අම්බිකා දේශපාලනය තියෙන්නේ, වත්තේ නෙවෙයි අම්බිකා දේශපාලනය තියෙන්නේ. දේශපාලනය තිබුණේ වත්තට හුඟාක් ඈත තැන්වල. හෝටල්වල සීතල කාමරවල. හුඟක් දෙනෙක් එකතු වෙලා දේශපාලන ඩීල් ගහලා බලය රැකගන්නවා මිසක් වත්තේ අම්මලා තාත්තලාට දෙන ලබ්බක් නෑ. දුන්නොත් දෙන්නේ සාරි දෙකයි භූමිතෙල් භාගයයි.
අඩුම තරමේ වත්තේ ඩිස්පෙන්සරියට හරිහමන් දොස්තර මහත්තයෙක් ගෙනල්ලා දීලා උන්ගේ ලෙඩක් සනීප කරන්නවත් එකෙකුටවත් වුවමනාවක් නෑ කියලා දැන් අපි දන්නවා. අම්බිකාටත් එහෙම වුවමනාවක් නෑ සහ අම්බිකාට තිබුණත් එහෙම කරන්න බෑ. මොකද වත්තේ බලය අම්බිකාලගේ පිලේ නෙවෙයි තියෙන්නේ. වත්තේ බලය තියෙන්නේ තොණ්ඩමන්ලාගේ පිලේ. අම්බිකා මේක පෙරළන්න ආවා නම් අම්බිකාට කොන්ද කෙළින් තියාගෙන නැගිටින්න තිබුණා. සටන් කරන්න තිබුණා. ගේම ඉල්ලන්න තිබුණා. හැබැයි කෝ අම්බිකාගේ කතන්දර? කෝ අම්බිකා දේශපාලන බලය ගන්න වෙලාවේ කියපු වීර කතා? අන්තිමට අම්බිකාලට සිද්ධ වුණා කම්කරු කොංග්‍රසයත් එක්ක දීගකන්න. තොණ්ඩමන්ලත් එක්ක එක පතේ කන්න. තොණ්ඩමන්ලත් එක්ක එක පතේ කනවා විතරක් නෙවෙයි, තොණ්ඩමන්ලත් එක්ක ලොකු කොටහා දීලා පොඩි කොටහා අරගෙන සැනසෙන්න. ඒක කවදාවත් අපි බලාපොරොත්තු වුණේ නෑ අම්බිකා වගේ කෙනෙක්ගෙන්.

අම්බිකාලගේ තලවාකැලේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩු කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පහුගිය 17 වැනිදා පැවැත්වුණා. ඒ ලිඳුල නාගසේන ප්‍රදේශයේ පිහිටා තියෙන ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී. එන්න එතැනදී තොණ්ඩමන්ලා ඔප්පු කරලා පෙන්නුවා මේක අපේ රාජධානිය මිසක ඔය කිසි එකෙක්ගේ බලය තියෙන තැනක් නෙවෙයි කියලා. ඔය කිසි එකෙක්ට පුළුවන් ලබ්බක් නෑ කියලා. ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය එළිපිටම තිබ්බ ඡන්දෙන් ඡන්ද 8ක් අරගෙන ජයග්‍රහණය කරන කොට උපසභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේෂර්ට සැනසෙන්න සිද්ධ වුණා.
මුළු ලංකාවෙම තමන්ට බලය හිමිවුණු හැම තැනකදීම වගේ තමන්ගේ බලය තහවුරු කරගත්ත මාලිමාවට කම්කරු කොංග්‍රසය යටතේ ඒගොල්ලෝ කියන එක අහගෙන, ඒගොලන්නට ඕනේ විදියට වැඩකරන්න සිද්ධ වෙන තැනට තොණ්ඩමන්ලා තමන්ගේ බලය පෙන්නුවා. ඇත්තටම අම්බිකා අපි සතුටු නෑ තොණ්ඩමන්ලා දිනුවට. අපි කැමැතියි අම්බිකාලා දිනනවට. ඒත් මහපොළොවේ යථාර්ථය බයිස්කෝප් එකක් තරම් ලස්සන නෑ. එළියට ඇවිල්ලා කියන බයිලා කතා මහපොළොවේ ලේසි නෑ. ඔබ දේශපාලන වශයෙන් කියපු කිසි දෙයක් ඔබටවත් අඩුම තරමේ කරගන්න බෑ කියන එක විතරක් අපිට වතුකරයේ මේ ප්‍රතිඵලයෙන් දකින්න ලැබුණා. අවසානයේත් කියන්න තියෙන්නේ අපි සතුටු නෑ. අපිට දුකයි. හැබැයි යථාර්ථය ඔන්න ඕකයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යුද්ධය නිසා තෙල් මිල හිටු කියලා නගිනවා! අගෝස්තු සැප්තැම්බර් ලංකාවට හොම්බෙන් යන්න වෙන්නේ! I Sri Lanka Latest News

Next Post

කොළඹයි යාපනෙයි නෝනලාට ගිය උණුසුම් වෙන සභාපති සෙල්ලම! Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.