• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

23,000කට අධික ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය අවුල් ජාලාවක් වෙලා! නීතිය කඩලා! බාහිර බලපෑම් එල්ල වෙලා! සමස්ත රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමක්! වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමැති නලින්දට ලියයි! I Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂම සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවුල් වී ඇති බවත්, එය සමස්ත රෝහල් පද්ධතියේම සේවා බිඳවැටීමේ බරපතල අවදානමක් නිර්මාණය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩිව අවධාරණය කරයි.Sri Lanka Latest News

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මෙම චෝදනා එල්ල කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මඟින් පෙන්වාදෙන ආකාරයට, දීප ව්‍යාප්ත සේවාවක් වන ශ්‍රී ලාංකීය වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ අඛණ්ඩ පැවැත්ම සඳහා වෛද්‍යවරුන් නිසි පරිදි රට පුරා ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ස්ථාන මාරු ක්‍රියාවලිය ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රීති සහ අමාත්‍යාංශ චක්‍රලේඛ මගින් නියාමනය වන අතර, වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලය (Transfer Board) එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මෙම මණ්ඩලයේ ප්‍රධාන පාර්ශවකරු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.

කෙසේ වෙතත්, මෑත කාලීනව ස්ථාන මාරු ක්‍රියාවලියට අනීතිකව බාහිර බලපෑම් එල්ල වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් නීතිමය ප්‍රතිපාදන පවා නොසලකා හරිමින් අත්තනෝමතිකව ක්‍රියා කරන බවත් GMOA චෝදනා කරයි. මේ හේතුවෙන් 23,000කට අධික ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය අවුල් ජාලාවක් බවට පත්ව ඇති අතර, වෛද්‍යවරුන් දැඩි අසාධාරණයට හා පීඩාවට පත්ව සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස විසින් “ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය තුල සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂම සහ වගකීම් විරහිතක්‍රියාවලිය හමුවේ රෝහල් පද්ධතියේ සේවා බිඳ වැටීමේ අවදානමක්.!” මැයෙන් නිකුත්කළ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි .

වෛද්‍ය හිඟය ඇතුලු අභියෝග සහ දුෂ්කරතා ගණනාවක් මධ්‍යයේ ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව තුල ඉතා ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් ලබා දීම සදහා තීරණාත්මකම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

ශ්‍රී ලාංකීය වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවකි. රට පුරා සෞඛ්‍ය සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් සහ සමානාත්මතාවයෙන් යුතුව අඛණ්ඩව ලබාදීමට නම්, රට පුරා සියලු රෝහල් සහ ප්‍රදේශ ආවරණය කරමින් වෛද්‍යවරුන් ස්ථානගත වීම අනිවාර්ය වේ.

මේ වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් යන සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව, විධිමත්ව සහ පාරදෘශ්‍ය ලෙස සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නියාමනය වනුයේ ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ ඔස්සේය. ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය වඩා පාරදෘශ්‍ය සහ විනිවිද භාවයෙන් යුතුව දේශපාලන හෝ කිසිදු බාහිර බලපෑමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල ද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.

23000 කට අධික ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රමවත්ව, පාරදෘශ්‍යව සහ කාර්යක්ෂම අයුරින් පවත්වා ගැනීම සදහා ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලයේ නිසි ක්‍රියාකාරිත්වය අතිශයින් වැදගත්ය. ආයතන සංග්‍රහය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති වල ප්‍රතිපාදන අනුව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලයේ ප්‍රධාන සහ එකම පාර්ශවකරුවා වනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එහි අනෙක් සාමාජිකයා සෞඛ්‍ය අමාත්‍යංශයයි.

ඉතිහාසය පුරාම වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය විධිමත්ව සහ පාරදෘශ්‍යව පවත්වා ගැනීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය වගකීම සහ කාර්යභාරය උපරිමයෙන් ඉටු කර ඇත.

එහෙත් මෑත කාලීනව වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියට අනීතික අයුරින් විවිධ පාර්ශව හරහා අනව්‍යශ බලපෑම් කිරීමේ සහ අත පෙවීමේ අහිතකර ප්‍රවණතාවයක් ගොඩ නැගෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. එහිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් නීතිමය ප්‍රතිපාදන පවා නොසලකා හරිමින් පිළිගත් ස්ථානමාරු ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් පවත්වා ගෙන යන අත්තනෝමතික සහ අකාර්යක්ෂම වැඩපිළිවෙල හමුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අවුල් ජාලාවක් බවට පත්ව ඇත.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අසාධාරණයට සහ පිඩාවට පත්ව ඇති අතර වෛද්‍ය හිඟය හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව ඇති රෝහල් පද්ධතිය ඉදිරියේදී බිඳ වැටීමේ අවදානමක් ද මතුව ඇත.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම.

සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරුන් 1977 කින් සමන්විත කණ්ඩායම් දෙකක් මේ වන විට සිය අනුයුක්ත කිරීම බලාපොරොත්තුවෙන් රැදි සිටියි. එහි වෛද්‍යවරුන් 1494 කින් සමන්විත එක් කණ්ඩායමක් සිය සීමාවාසික පුහුණුව අවසන් කර මාස 09 කට අධික කාලයක් ගත වී ඇත. පර්යන්තරෝහල් පද්ධතියේ ගැටළු ගණනාවකට විසදුම් ලබා දිය හැකි මෙම අනුයුක්ත කිරීම් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටියි.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව – 2025

ආයතන සංග්‍රහයට අනුව මෙම ලැයිස්තුව 2024 11 01 දින වන විට ප්‍රකාශයට පත්විය යුතුව තිබුනද මාස 09 කට අධික ප්‍රමාදයකින් පසු ප්‍රකාශයට පත් වුයේ 2015.07.11 වන දිනය. එම ලැයිස්තුවේද ගැටළු ගණනාවක් දක්නට ඇත. ස්ථාන මාරු මණ්ඩල වලදි ලබා ගත් තීරණ පවා ක්‍රියාත්මක වී නැත.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව – 2015

අවසන් පුරප්පාඩු ලැයිස්තුවේ තිබු පුරප්පාඩු 78 ක් ස්ථාන මාරු මණ්ඩල එකඟතාවය උල්ලංඝණය කරමින් කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කර ඇත. එහිදි මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාවලිය උල්ලංඝණය කර ඇත්තේ, අධ්‍යක්ෂ/ වෛද්‍ය සේවා විසින් වැරදි තොරතුරු ලබා දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවා නොමග යවමින්ය. එය සමස්ත ලැයිස්තුවටම බලපෑමක් වී වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අගතියට ලක් වී ඇත. එම සෞඛ්‍ය සේවා ස්ථාන 78 හි රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමද ගැටළුවක් වී ඇත.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම

මේ වන විට ක්‍රියාත්මක නොවු ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු 10000 කට අධික ප්‍රමාණයක් ඇත. එය සමස්ථ ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයකි. ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් විරහිත හා අකාර්යක්ෂම ක්‍රියාවලිය හේතුවෙන් වෛද්‍යවරුන් 10000 කට අධික පිරිසක් දැඩි පිඩාවට පත්ව ඇත.

වෛද්‍යවරුන්ගේ තාවකාලික අනුයුක්ත කිරීම් සිදු කිරීමේදී

ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදු කල යුතු අතර එමගින් ක්‍රියාවලියේ සාධාරණත්වය, පාරදෘශ්‍ය භාවය සහ නිරවද්‍යතාවය තහවුරු කිරීමට හැකි වී ඇත.

එහෙත්, තාවකාලික අනුයුක්ත ලබාදීමේ ක්‍රියාවලියෙන් වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලය මහහරිමින් අනීතික සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති අතර එහි අරමුණ වනුයේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පාරදෘශ්‍ය භාවය සහ සාධාරණත්වය උල්ලංඝනය කරමින් පෞද්ගලික හිතවත්කම් වලට ප්‍රමුඛතාවය ලබාදීම ද යන්න බරපතළ සැකයක් මතු වී ඇත.

ස්ථානමාරු අභියාචනා ක්‍රම වේදය අත්හිටු වීම

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ගැටළු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කිරීමට තිබු අවස්ථාව වසරකට අධික කාලයක් තිස්සේ අවහිර වී ඇත. එයට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එම අභියාචනා ක්‍රම වේදයට අදාල සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ /වෛද්‍ය සේවා මෙතෙක් අසමත් වී තිබිමයි.

සෞඛ්‍ය පද්ධතිය තුල වෛද්‍ය හිගය උපරිමව කලමණාකරණ කරගනිමින් සෞඛ්‍ය ආයතන පවත්වා ගෙන යාමේ යාන්ත්‍රණය වන ස්ථාන මාරු ක්‍රියාවලිය අමාත්‍යංශ නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා බිදවැටීමේ තර්ජනයට ලක් වීමෙන් දැනටමත් රට පුරා සියලුම පලාත් වල විහිදී ඇති රෝහල්, විශේෂයෙන්ම පර්යන්ත රෝහල් සහ සෞඛ්‍ය ආයතන වැසී යාමේ දැඩි තර්ජනයකට මේ වන විට මුහුණ දෙමින් පවතී.

එසේ තිබියදීත් ඉතා නිද්‍රාශීලිව සහ වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හැසිරෙමින්, මාරු මණ්ඩල වල නිර්දේශ සහ අනුමැතීන් පවා මඟ හරිමින්, රටේ සෞඛ්‍ය සේවය ප්‍රපාතයකට ඇද දැමීමට සුදානම් වන්නේ ඇයිද, සහ ඒ කාගේ අවශ්‍යතාවයකට සහ සැලසුමකට සිදුවන කුමන්ත්‍රණයක් ද යන්න විශාල ගැටලුවකි.

වත්මන් රජය සෞඛ්‍ය පද්ධතිය තුල ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලසුම් කරන මොහොතක මෙලෙස සාමාන්‍ය රාජකාරීන් පවා හිතාමතාම පැහැර හරින සහ ප්‍රමාද කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවනුයේ ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව නැවත ඛේදවාචකයක් කරා ගමන් කිරීම පමණි.

එබැවින් මෙම ගැටළු වහාම විසදා ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමත් ස්ථාන මාරු මණ්ඩල වල නෛතික ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමත් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම මැදිහත් විය යුතු බව දැඩි සේ විශ්වාස කරමු.

මෙම වෛද්‍ය අනුයුක්ත කිරීම් සහ ස්ථාන මාරු කිරීමේ ක්‍රියා වලින් නිසි ලෙස ප්‍රතිස්ථාපනය කරගනිමින්, මාරු මණ්ඩල වල සහාභාගීත්වය ලබාගනිමින් වහාම,
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු ස්ථාන මාරු මණ්ඩලය හරහා ආරම්භ කිරීම.

වාර්ශික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම.

2025 වාර්ශික ස්ථාන මාරු ලැයිස්තුවේ පුරප්පාඩු ඉවත් කිරීම නිසා ඇතිව තිබෙන ගැටලුව නිවැරදි කර අදාල වෛද්‍යවරුන්ට සාධාරණය ඉටු කිරීම.

ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුකූලව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු, ස්ථාන මාරු මණ්ඩල අනුමැතිය ඇතිව ක්‍රියාත්මක කිරීම.

යන කරුණු ක්‍රියාත්මක කිරීමෙන් වෛද්‍ය සේවාව බිඳවැටීම මඟින් රට තුල සිදුවීමට නියමිත නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම වලක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය වගකීමෙන් සහ සද්භාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

ස්තූතියි.
මීට විශ්වාසී,
ලේකම්
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස

SendShareShare
Previous Post

මහබැංකුව හොරා කෑවෙත් දැන් පොලිසිය බාර ඇමැති අරලිය ගහ මන්දිරයේ ඉන්න කාලේ! යහපාලන ආණ්ඩුව ස්ලිට් එකේ ඩීල් එක දැම්මෙත් එතුමා අරලිය ගහ මන්දිරයේ ඉද්දී! ලැබුණු ගාණ ගැන ප්‍රශ්නයක් ගියාද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඩඩ්ලිගේ හෝටලේ ගැන හරියට බලන්නම් අපි‌ පොළොන්නරුවට ගියාම! එයාටත් යන්න වෙනවා! එයාට නොගිහින් ඉන්න බෑ! වැවේ පදිංචි වෙලා ඉන්නවා නම් ඌව අයින් කරන්න ඕන! ලාල්කාන්ත කිව්වා වගේම ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේට වැඩේ දෙන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.