• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්! ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්!  ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා දවසටත් වෙනදා වගේම හිරු උදාවුණා. වෙරළට ආදරය කළ මිනිස්සු මුහුද දිහා බලාගෙන සිනාසුණා. පෝය දවසෙ නිවාඩු නිසා බොහෝ දෙනෙක් විනෝද ගමන් ගියා. කුඩා දරුවන් වෙරළේ වැලි මාලිගා හැදුවා. කවුරුත් හිතුවේ නැහැ තවත් මිනිත්තු කිහිපයකින් ඒ මුහුදම මරණයේ නිහඬ දූතයෙක් වෙයි කියලා. ඒත් උදෑසන 9.26ට ලෝකයම වෙනස් වුණා. Sri Lanka Latest News

මුහුදු රළ පහර අරගෙන යන්න ආවේ වතුර විතරක් නෙවෙයි, දහස් ගණනක් ජීවිතවල සිනහව ජීවිතවල අනාගතයත් අරගෙන ගියා. අදට වසර 21ක් ගෙවී ගියත් සුනාමිය ඉවරවෙලා නැහැ. ඒ අහිංසක ආදරණීයන්ගේ හිත්වල අදත් තිගැස්මක් කම්පනයක් තියෙනවා. ඒ මහා ඛේදවාචකයෙන් දිවි බේරාගත් සන්ධ්‍යාගේ හදවත තුළත් ඒ කම්පනය තවමත් රැඳී පවතිනවා.

ඇය කියනවා මම වතුර යටට ගියා, හුස්ම ගන්නවත් බැහැ, මට හිතුණේ මේ තමයි මගේ අවසානය කියලා. ඒත් මට තාත්තා මතක් වුණා කියලා. ඇය අල්ලගෙන තිබුණේ ලෑල්ලක් කියලා හිතුව දෙයක්. පස්සේ දැනගත්තේ වතුරෙන් යටවුණු බස් රථයක වහලය කියලා. සන්ධ්‍යාගේ තාත්තා තමන්ගේ දුවව සොයන්න බස් නැවතුම්පොළේ පාරවල් දිගේ, රෝහල් කොරිඩෝවල ගියා. සුදු රෙදිවලින් වසා තිබුණු මළ සිරුරු අතර ‘මගේ දුව නැහැ නේද’ ඒ ප්‍රශ්නය ඔහුගේ හදවත කඩා බිඳ දැම්මා.

ඒ දවස්වල ස්වාධීන රූපවාහිනී සේවයේ ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සේවය කළේ අජන්ත සමරවික්‍රම මහතායි. ඔහු එදා ගාල්ල බස් නැවතුම්පළේ සහ ගාල්ල නගරයේ දර්ශන කැමරාවට හසුකරගෙන තිබුණා. ඒ දර්ශනවල බස් නැවතුම්පළේ සිටි ගැහැනු ළමයි කිහිප දෙනෙක් මේ දරුණු සුනාමි රළ පෙළ විසින් බිලිගන්නා ආකාරය වගේම ඒ රළ පහරට හසුව ගසාගෙන ගිය බස් රථයකට ගොඩවී දිවි බේරාගත් තවත් පිරිසක් දැකගන්නට ලැබුණා. ඒ කළු ජල රළ පහර කැරකි කැරකී ගොඩබිමට ආ හැටි අපේ හදවත්වලත් තවම රැඳී තියෙනවා. ඒ අතර සිටි සන්ධ්‍යා එවක විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියක්. ඒ රූප රාමුවල සිටි සන්ධ්‍යාට අවුරුදු 21ක් ගෙවිලත් තවමත් ඒ කම්පනය දරාගත නොහැකියි. ඇය එය විස්තර කර තිබුණේ තැතිගත් කම්පනයකින් යුතුවයි.

‘මම සන්ධ්‍යා වික්‍රමසිංහ. පාසල් ගියේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට. මට අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. මම පවු‌ලේ දෙවැනියා. මගේ තාත්තා ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට සේවය කළා. එදා දෙසැම්බර් 26 වැනිදා අපි උදේ 7.30ට විතර ගෙදරින් පිටත් වුණේ කොළඹ යන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ විභාගය පවත්වන්න තිබුණේ දෙසැම්බර් 27 වැනිදා. අපි ඒ විභාගයට තමයි පිටත් වුණේ. පිටත්වෙනකොට මට තාත්තා කිව්වා, මල් කඩලා මේසේ උඩ තියලා ඇති. දුව බුදු පහන තියලා වැඳලා යන්න කියලා. ආයේ මම බෑග් එක තියලා බුදු පහන පත්තු කරලා වැඳලා තමයි ගියේ. අපි කෝච්චියේ යන්න කියලා ස්ටේෂන් එකට ගියා. පෝය දවසක් නිසා අද කෝච්චිය නැහැ කිව්වා. පස්සේ අපි බස් එකේ යන්න බස් ස්ටෑන්ඩ් එකට යනකොට එතැන තිබුණු බස් එකේ සෙනඟ නිසා යන්න හිතුණේ නැහැ. ඊළඟ බස් එක එනකල් හිටියා. තාත්තා ටිකක් වෙලා මාත් එක්ක ඉඳලා ගෙදර යන්න කියලා ගියා. කරාපිටිය බස් එකේ මාත් එක්ක හිටියා අට දෙනෙක් විතර. අපි එතැන ඉන්න කොට දැක්කා මිනිස්සු කලබලෙන් වගේ දුවනවා. මම දැක්කා සමනල පාලම ගාව සැරේට රැල්ල ගහනවා. ඒක සාමාන්‍ය දෙයක් නිසා මම එච්චර ගණන් ගත්තේ නැහැ. ටිකක් වෙලා යනකොට පාරට වතුර දානවා දැක්කා. ඒක කළු පාට වතුරක්. එතැන බස්වලට නගින්න හිටපු කට්ටිය දුවන්න ගත්තා. මට හිතාගන්න බැරිවුණා මොකද්ද කියලා. ඊට පස්සේ දර කෝටු කඩනවා වගේ කර කර සද්දයක් ආවා. මම බලනකොට සමනල පාලම කැඩිලා කෑලි කෑලිවලට යනවා. ඒක දැක්කාම මම ටිකක් බයවුණා. දැකලා නැහැනේ ඊට ඉස්සෙල්ලා මේ වගේ සිදුවීමක්.

මිනිස්සු කෑගැහුවා බස් එක අරන් යන් කියලා ඩ්‍රයිවර් මත්තයට. එයාටත් හිතාගන්න බැරිවුණා. කොළඹ පාරට හරවන්න බැහැ. ලොකු වතුර කඳක් යනවා. ගාල්ලේ ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එක පැත්තට හැරෙව්වා. ගේට් එක ගාව නතර කළා. මං ගාව තිබුණා ලොකු බෑග් එකක්. මම ඒකත් අරගෙන බස් එකෙන් පැනලා ස්ටෑන්ඩ් එකට ගියා. යනකොට වටේම වතුර. මට හිතුණා මොකද මේ කළු වතුර පාගන්න යන්නේ කියලා. ආයෙත් හැරිලා බස් එක පිටිපස්සේ බලනකොට බස් එක තිබුණේ නැහැ. මම මාත් එක්ක ආව අය ඉන්නවාද බලනකොට එයාලා හිටියේ නැහැ. එක්කෝ එයාලා දුවලා. මට හිතාගන්න බැහැ මොකද වුණේ කියලා. බස් හෝල්ට් එකෙත් කවුරුවත් හිටියේ නැහැ. මම තනියෙන් හිටියේ බස් ස්ටෑන්ඩ් එකේ. කකුල් මට්ටමට වතුර එනවා. වේගයෙන් වගේ වතුර වැඩිවෙනවා. ඊට පස්සේ මම එතැන තිබ්බ තාප්පේ උඩට නැග්ගා. ස්ටෑන්ඩ් එකේ කණුව අල්ලගෙන හිටියා. එතකොට ඉණ මට්ටමට වතුර එනවා. ඊට පස්සේ මම බෑග් එක අතඇරලා දැම්මා.

බස් ස්ටෑන්ඩ් එකේ වහලේ කඩාගේ මගේ ඔළුව උඩට වැටුණා. ඒ එක්කම මම වතුරට යටවුණා. වතුර කැලතෙනවා. මම පීනන්න දන්නේ නැහැ. ඒත් මම ටිකක් පීනනකොට මට ලෑල්ලක් අහුවුණා. මට එළියක් වගේ දැනුණා. මීටර 25ක් විතර ඈතට ගිහිල්ලා මට දැනුණේ මම මුහුද මැද ඉන්නවා කියලා. ඒ දැනුණු කම්පනයත් එක්ක මම කොහොම හරි පීනුවා. කළු වතුරේ කොහේට හරි යයිනේ කියලා මට දැනුණා. මම වටපිට බලනකොට හැම තැනම වතුර. බිල්ඩින් එකක් පේන තෙක්මානයක නැහැ. පස්සේ කවුද කෙනෙක් මාව කොන්ඩෙනුයි අතිනුයි ඇදලා ගත්තා. එතැන හයදෙනෙක් විතර හිටියා. එයාලා කිව්වා බය වෙන්න එපා අපි ඉන්නවා කියලා. අඳුරන අය කවුරුවත් හිටියේ නැහැ. බලනකොට මම හිටියේ බස් එකක වහලයක් උඩ. ලෑල්ලක් කියලා හිතලා තියෙන්නේ බස් එකට. බස් එක ඔක්කොම යටවෙලා තිබුණේ. තහඩුව විතරයි උඩට පේන්නේ.

බස් ස්ටෑන්ඩ් එකේ තට්ටු දෙකේ බිල්ඩින් එකක් තිබ්බා. ඒකේ තාප්පේ අස්සේ බස් එක හිරවෙලා. මං හිතන්නේ සිඩ්නි හොටෙල් කියලා බෝඩ් එකක් තිබ්බා. මට හුරු තැනක් වුණාට මොකද්ද කියලා දන්නේ නැහැ. මගේ අතේ ඒ වෙලාවේ ලෑල්ල තිබුණා. අනිත් අය කිව්වා ඕක අතහරින්න කියලා. පස්සේ බස් ස්ටෑන්ඩ් එකේ මැද කොටසට යනකල් ගිහින් තිබුණේ. මැද කොටසට වෙනකල් යටින් ගිහින් තමයි උඩට ආවේ. ජනේලයක් ඇරලා තිබුණා. කට්ටිය කෑගහනවා එතැනින් උඩට එන්න කියලා. එතැනින් දෙන්නෙක් උඩට ගත්තා. බටයක් වගේ තැනක් තිබුණා. පස්සේ එතැන හිටපු අය කිව්වා මේ ළමයව උඩට ගන්න කියලා. මට මතකයි අවුරුදු 52ක විතර කෙනෙක් මාව උඩට ගත්තා. මට ඒ රූපේ හොඳට මතකයි. මම එයාට පින් දෙනවා. මොකද මාව බේරගත්තාට. පස්සේ එයාට උඩින් කෙනෙක් කතා කරලා උඩට එන්න කිව්වා. මම බටේ දිගේ උඩට නැග්ගා. මම එතැනට ගිහින් තාත්තා තමයි හෙව්වේ. තාත්තා මාව බස් එකට දාලා ගිය නිසා මගේ ඔළුවේ වැඩ කරන්නේ තාත්තා ගියාද තාත්තාට මොකද වුණේ කියලා. මේ සෙනඟ අස්සෙත් තාත්තාව හෙව්වා.

මට හොඳටම අමාරුයි. මම ඒත් තාත්තාව හොයන්න යනවා. මට කිව්වා ඔයා යන්න එපා කියලා. මට මතකයි මම තාත්තා තාත්තා කියලා කියනවා. බය වෙන්න එපා තාත්තා කොහේ හරි ඇති. අපි වතුර අඩු වුණාම තාත්තාව ගිහින් බලමු කියලා. කට්ටිය කිව්වා දෙපැත්තම කඩන් ගිහිල්ලා දැන් මේකත් කඩන් වැටෙයි කියලා. වාසනාවකට කඩන් වැටුණේ නැහැ. අපි වතුර බැස්සට පස්සේ පහළට බැහැලා තාත්තා බලනකොට මා ළඟ හිටිය අක්කා අනිත් අයට කිව්වා මෙයාට වතුර පෙවිලා ඉස්පිරිතාලේ අරන් යන්න කියලා. බස් එකක්වත් තිබුණේ නැහැ. බන්ධනාගාර බස් එකක් තමයි එතැන තිබුණේ. එතැන හිටිය හැමෝම ඒ බස් එකට දැම්මා. අපිව කරාපිටිය හොස්පිට්ල් එකට ගෙනිච්චා. පිටට ගහ ගහ ට්‍රොලියේ දාගෙන ගෙනිච්චා.

ගොඩාක් කට්ටිය අවා අපේ අය ඉන්නවාද කියලා බලන්න. මූණ හරෝලා බලනවා යනවා. එහෙම ගොඩාක් අය හිටියා තමන්ගේ කට්ටිය හොයාගෙන එන අය. මං හිටපු වාට්ටුවට දැම්මේ සුනාමියට අහුවෙච්ච අය. අත්වල තුවාල තිබුණු අය. මට මතකයි මගේ අත්වල තුවාල. ෂීට් වැටිලා ඔළුව ඉදිමිලා තිබුණේ. ගොඩක් අය ආවා ඇඳුම් නැති අයට ඇඳුම් අරගෙන. ලොකු එකමුතුකමක් තිබුණා. නර්ස්ලා කිව්වා අපිට ඇඳුම් ගන්න කියලා. මම වාට්ටුවේ ඇඳේ හැරිලා හිටියා. මොකද හැරිලා ඉන්නෙ කිව්වා. මගේ ඔළුවේ ඉඳලා හැම තැනම වැලි තිබුණා. සැරින් සැරේ පිටට තට්ටු කර කර තමන්ගේ අයව හොයනවා. ටියුෂන් ක්ලාස් එකක ළමයි ගිහින් තිබුණා. එයාලද කියලා හොයනවා. මට තිබුණේ තාත්තා හොයන සිහිය. ටික වෙලාවක් යනකොට තාත්තා මාව හොයලා ඉස්පිරිතාලේ නම් ලිස්ට් එකේ නම දැකලා දුවගෙන ආවා. මාව බදාගත්තා. දවස් දෙකට පස්සේ මම ගෙදර ආවා.

ගෙදර ආවට ඒ කම්පනය අවුරුදු ගානක් යනකල් තිබුණා. කට්ටිය ගෙදර ආවාම අහනවා ඒ සිදුවීම ගැන. ඒත් මම කාලයක් කතා නොකර හිටියා. මං කියනවා මගෙන් මුකුත් අහන්න එපා කියලා. මට මගේ පොත් බෑග් හොයාගන්න ඕනේ වුණා. මං අම්මලාට කිව්වා යන්න ඕනේ ඒක බලන්න කොහේ හරි ඇති කියලා. ඒ කාලේ රත්‍රන් මාල කඩාගෙන යනවා. මං කොළඹ යනකොට ඒ මාලෙත් ගලවලා බෑග් එකට දාගෙන ගියා. මට ඕනෙ වුණා පොත් ටික හොයාගන්න. මට ඕනෙ වුණා ඊළඟ විභාගයට ලියන්න පොත් ටික සොයාගන්න ඕනේ කියලා. තාත්තා කිව්වා යන්න බැහැ රොඩු මඩ තියෙන්නේ එහේ කියලා.
මං පුරුද්දක් විදියට පොත්වල මගේ ටෙලිෆෝන් නම්බර් එක ලියලා තිබ්බා. ගෙදරට කෝල්ස් ආවා. කතා කරලා අහනවා ‌මේ කෙනා ඉන්නවාද, සන්ධ්‍යා ඉන්නවාද, එයාගේ පෝත්වල කෑලි තිබ්බා මිනුවන්ගොඩ රේල් ගේට්ටුව ගාව කියලා. මං කිව්වා කවුරු වුණත් කමක් නැහැ මට පොත් තියනවා නම් ගෙනත් දෙන්න කියලා. එතකොට කිව්වා පොත් නැහැ පොත්වල කෑලි තියෙන්නේ කියලා. දවස් කිහිපයකට පස්සේ ස්ටේෂන් එකේ මගේ හැඳුනුම්පත තිබිලා කෙනෙක් ගෙනත් දුන්නා. කොහොම හරි විභාගේ කල් ගියා. කල් ගියාට පස්සේ මට ලියන්න මානසිකත්වයක් තිබුණේම නැහැ. ලියන්නෙ නැහැ කියලා හිටියේ. යාළුවෝ සර්ලා මගේ හිත හැදුවා. නෝට්ස් දුන්නා. කොහොම හරි ලියලා උපාධිය ගත්තා. ඊට පස්සේ අවුරුද්දේ සංගීත විශාරද විභාගය තිබුණා. ඒත් මගේ උගුරෙන් එන්නේ නැහැ ශබ්දය. එතැනදිත් ගුරුවරු කව්වා ඔයාට පුළුවන් කොහොම හරි කරන්න කියලා. යාළුවෝ සර්ලා ඉන්නවා මගේ හයියට. ඒ විභාගෙත් සමත් වුණා. දැන් වුණත් මුහුද ගාවට ගියාම ලොකු රැල්ලක් එනවද කියලා බලනවා. ඒක තමයි මතකයට එන්නේ. පස්සේ මට ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක් වශයෙන් රැකියාව ලැබුණා. මං විවාහ වුණේ සුනාමියට පස්සේ අවුරුද්දේ. කාලයක් හම්බන්තොට හිටියා. පස්සේ ආයේ ගාල්ලට ආවා. මට දැන් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. තාම එයාලා පාසල් අධ්‍යාපනය ලබනවා…’ යනුවෙන් ඇගේ කටුක අත්දැකීම විස්තර කළා.

සන්ධ්‍යාගේ පියාද ඒ අඳුරු මතකය ආවර්ජනය කළේ මේ විදියට.
‘එදා උදේ 7.30ට විතර දුව විශ්වවිද්‍යාලයට යන්න ගෙදරින් ගියා. දරුවෙක් විභාගයට යනවා නම් ගෙදර මල් පහන් පූජා කරලා යවන්න මගේ පුරුද්දක් තිබුණා. අපි ඉස්සෙල්ලාම ගි‌යේ කෝච්චියේ යන්න. නමුත් කෝච්චි තිබුණේ නැහැ. ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එකට ආවා. දුවව බස් එකට නග්ගලා මම වෙනදා කරන්නේ ගාල්ලේ පිට්ටනියේ රවුම් 7ක් 8ක් ඇවිදිනවා. එදා මට හිත දුන්නේ නැහැ ඇවිදින්න. මං පත්තරෙත් අරන් ඇවිත් ගෙදර යන්න බස් එකේ නැග්ගා. එතකොට බස් එකේ මිනිස්සු දුවන්න පටන් ගත්තා. මොකද කියලා ඇහුවාම කිව්වා මුහුද ගොඩ ගලනවා කියලා. මාත් බස් එකෙන් බැස්සා. බැහැලා මැද පාරවල්වලින් ගියා. වතුර ගලාගෙන එනවා දැක්කා. කිලෝමීටර් බාගයකට වඩා අපි දිව්වා. ඒ යනකොට පුඤ්ඤසාර විහාරය කියලා පන්සලක් තියෙනවා. එතැන තියෙන තාප්පෙට නැග්ගා. ඒ නගිනවාත් එක්ක තාප්පෙට ආවා වතුර. ගොඩක් අය ගිහින් වහලෙට නැග්ගා. මමත් ගිහින් නැග්ගා. මං හිතුවේ නැහැ කාටවත් හානි වෙලා ඇතියි කියලා. තාප්පෙන් බැහැලා යනකොට අපේ ලොකු දුවගේ යාළුවෙක් හිටියා. එයා ඇහුවා අංකල් රසිකාගේ තාත්තා නේද කියලා. ඔව් කිව්වාම, බලන්නකෝ විනාසේ අපේ මිදුලටත් මිනියක් ඇවිත් කිව්වා. මට ඒ දුව කිව්වා කන්ද උඩ පාරෙන් යන්න, ඒ පාරේ වතුර නැහැ කියලා.
ටවුන් එකට ගියාම බස් පෙරළිලා හිතාගන්න බැහැ. හරිම අවුල්සහගත තත්ත්වයක් තිබුණේ. මං දුවව හොයන්න ගියා. බස් ස්ටෑන්ඩ් එකේ මිනී තැනින් තැන. මං ආපහු ගෙදර ආවා. අපිට හිතවත් ළමයෙක් ඇවිත් හිටියා ගෙදර. අපි ඉස්පිරිතාලේ ගියා බලන්න. කොරිඩෝව දිගේ මිනී දාලා තිබුණා සුදු රෙද්දකින් වහලා මුහුණ විතරක් පේන්න. අපි ඒවා බලලා වාට්ටුවලත් බලන්න ගියා. පළමු වාට්ටුවේ හිටියේ නැහැ. දෙවැනි වාට්ටුවට යනකොට දුවට සේලයින් දෙනවා. මට ලොකු සතුටක් ඇති වුණා. මං දුවව බදාගෙන තෙරුවන් සරණයි කියලා ආශීර්වාද කරලා විස්තර ඇහුවා. මට කකුල් දනවා කියලා දැනුණා. මං බලනකොට මගේ කකුල් ඒ පාරේ තිබුණු වීදුරු කටුවලට කැපිලා. දවස් හතරක් විතර යනකල් කකුල් ඉදිමිලා තිබුණා. ඒවාට බෙහෙත් කළා උණත් ගැනුණා…’ යනුවෙන් තමන් මුහුණ දුන් ඒ අත්දැකීම ඔහු විස්තර කළා.

අදත් මුහුද දිහා බලන හැම වෙලාවකම සන්ධ්‍යාගේ හදවත අහනවා ‘ආයෙත් රැල්ලක් එයිද?’ කියලා. ඒ බිය කවමදාවත් කිසිම වෛද්‍යවරයකුට සුව කරන්න බැහැ.

කාලය ගෙවෙනවා. දරුවන් ලොකු වෙනවා. ගෙවල් හැදෙනවා. පාරවල් අලුත් වෙනවා. නමුත් සමහර මතක අද වගේම තියෙනවා. 2004 දෙසැම්බර් 26 තවමත් බොහෝ මිනිසුන්ගේ හදවත් තුළ අද උදෑසනක් වගේම ජීවත් වෙනවා. ඒ කෑගැසීම් තවමත් හදවත් තුළ දෝංකාර දෙනවා. සමහර කඳුළු ඇස්වලින් වැටෙන්නේ නැහැ. ඒවා හදවත පුරා නිහඬව ජීවිත කාලය පුරා ගලාගෙන යනවා. මෙවැනි විපතක් උපදින මතු ආත්මයන්හිදී කිසිවකුටත් අත්නොවේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

Next Post

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!
Exclusive

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News
Exclusive

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News
Exclusive

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

Load More
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන කුළුණු තුනක් ඇති බවත් මීට අමතරව නිදහස් මාධ්‍ය තවත් කුළුණක් නිසා එය...

Read more
CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්!  ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News

සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්! ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.