ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන කුළුණු තුනක් ඇති බවත් මීට අමතරව නිදහස් මාධ්‍ය තවත් කුළුණක් නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවුවත් සුරක්ෂිත කළ යුතු බවත් අද වන විට වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කර භාෂණයේ නිදහස් නැති කර ඇති බවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරනවා කිව්වත් තවමත් එය පවත්වා ගෙන යනවා සේම දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස පවා උල්ලංඝනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ ස්ථාපිත කර ඇති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති වැඩමුළුවක් අමතමිනි.
අද වන විට ගොවි ජනතාව මුහුණ දෙන දැවැන්ත ගැටලු ආදිය පවා කතා කිරීමට නිදහසක් නැති බවත් මැතිවරණය සමයේ ගොයම් කකා වත්මන් රජයේ මැති ඇමතිවරු වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද එය රු.120ට අඩු වුවත් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් යන බවට කෘෂිකර්ම ඇමතිම කියන බවත් ගොවියාගේ කරපිටින් බලයට ආ වත්මන් රජය අද ගොවියාට රු. 17ක් අලාභ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය
ගොවි ගැටලුවලට පාර්ලිමේන්තුවේ වාරණයක්
සත්‍යට වඩා බලය ලබා ගන්න වුවමනා නිසා ගොවියාගෙ කරපිටින් බලයට ආව වත්මන් රජය අද පාර්ලිමේන්තුවේ ගොවියාගේ දුක කියන්න විපක්ෂයට පාර්ලිමේන්තුවේ අයිතියක් නැති බවත් මේ රජය පසුගිය රජය ගිය අඩිපාරේ ගොස් 2023 මෙන් අදත් පාර්ලිමේන්තුවේ කමිටුවල කතා කිරීම අදහස් ප්‍රකාශ කිරීම තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් වෙනසක් නැ
බීජ පොහොර කෘෂි රසායන ගැටලු අලි මිනිස් ගැටුම ආදිය ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් 2/3ක් ලබා ගෙන තමන් පත් කළ ජනතාවගේ ගැටලුවලට විසදුම් සේම කතා කිරීමට ද අයිතිය නොමැති කර ඇති බවත් මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් වෙනසක් නැති බවත් එයට හේතුව ආණ්ඩුවට මැතිවරණ සමයේ වුණු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුවේ සහන සුපිරි ධනපතියන්ට පමණයි
මෙරට දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසියට අදාළ පරාටේ නීතිය මැතිවරණ ඉලක්ක කර ගෙන පමණක් මේ රජයත් ගිය රජයත් අහෝසි කළත් ඔවුන්ට නිසි සාධාරණයක් ඉටු නොකළ බවත් මේ ව්‍යාපාරිකයන් සඳහා දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශය ලබා දිය යුතු වුවත් එය ද නොදුන් බවත් මේ පහසුකම් සහන ලැබෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට නොව සුපිරි ධනපතියන්ට සහ බිලියන පතියන්ට බවත් මැද පන්තියට ගමේ ජනතාවට වතු ජනතාවට මේ සහන නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
රජය ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා යාමට උත්සාහ කරනවා
මේ රජය ක්‍රියාත්මක කරන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක් බවත් මොවුන්ට ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය නිදහස් මාධ්‍ය සේම සිවිල් සමාජ පවා විනාශ කර ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා යාමට උත්සාහ කරන බවත් මෙය භයංකාර දෙයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධිකරණයෙ ස්වාධීනත්වය වෙනුවෙන් අපි සටන් කරනවා
මේ වන විට උපරිමාධිකරණවල විනිසුරුවන් පත් කර නොමැති මොහොතක විශ්‍රාම යන වයස වැඩිකිරීමේ උත්සාහයක නිරත බවත් මෙය අධිකරණයට එල්ල කරන බලපෑමක් බවත් මේ සඳහා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සටන් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අපි යන්නේ නිවැරදි මාවතේ
සමගි ජන බලවේගයේ අඩුපාඩුකම් තිබුණත් නිවැරදි මාවතේ යන බවත් රට ගොඩනගන නිවැරදි මාවත ඇත්තේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










