• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැග් එකට ප්ලග් වෙන්නේ ඇයි කියලා දන්නවද? Sri Lanka Latest News

June 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රැග් එකට ප්ලග් වෙන්නේ ඇයි කියලා දන්නවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් විවිධ කතන්දර මේ දවස්වල කතාබහ කෙරෙමින් යනවා. ඒ අතරතුරේ වැඩිපුරම කියැවෙන්නේ නවක වධය සම්බන්ධයෙන්. සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ගේ සියදිවි නසාගැනීමත් එක්ක තමයි මේ කතාව තව තවත් දුරදිගට යන්න පටන් අරගත්තේ. දැන් විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව විවිධ වැඩසටහන් ඉදිරිපත් වෙන අතර, ඒ සම්බන්ධව නඩුකරයකුත් ඉදිරිපත් වුණා. මේ සම්බන්ධව විවිධ සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රබල ලෙස පෙනීසිටිනවා. නීතිඥ ගඟුලැල් ද සිල්වා ඇතුළු පිරිසක් අපි දන්නවා කාලයක් තිස්සේ නවක වධයට එරෙහිව යම් ව්‍යාපාරයක් දියත් කරනමින් යනවා. ඒ ජයග්‍රහණවලට, ඒ අයගේ වුවමනාවන්ට ප්‍රතිචාර නොදක්වපු රජයක් යටතේ තමයි මේ වතාවෙත් සිද්ධ වුණේ එක ශිෂ්‍යයෙක්ගේ මළගම සඳහා සහභාගි වෙන්න. ඇත්තටම මේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන, නවක වධය සම්බන්ධයෙන් තියෙන තාර්කික කාරණා විමසා බලලා රටක් විදියට පියවර ගත්තා නම් තවදුරටත් ශිෂ්‍යයෝ මිය නොයාවි යැයි අපිට විශ්වාස කරන්න පුළුවන්. Sri Lanka Latest News

යුනිසෙෆ් සංවිධානය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව රාජ්‍ය විශ්වවිද්‍යාල 8ක් තුළ සිදුකරපු සමීක්ෂණයක් ගැන අපි දැක්කා. රීබිල්ඩ් ශ්‍රී ලංකා වැඩසටහනේදී චතුර අල්විස් විසින් විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. මෙහි සම්පූර්ණ නිල අයිතිය තියෙන්නේ ඔවුන්ට. නමුත් එහි ඇති විවිධ ගණන් හිලව් උපුටා දක්වමින් අපි සූදානම් මේ ලිපිය ඉදිරිපත් කරන්න. ඔවුන්ගේ මුඛ්‍ය කාරණය වෙන්නේ මේ කතාව ඇතුළේ 51% ශිෂ්‍ය ප්‍රජාවක් විශ්වවිද්‍යාල තුළදී වාචිකව නවක වධයට ලක්ව ඇති බව තමයි ඔවුන් පළමුවෙන්ම පැහැදිලි කරන කාරණාව. 49%ක පිරිසක් විතරයි වාචිකව බොහෝ විශ්වවිද්‍යාල තුළදී මේ විදියට රැග් වෙලා නැත්තේ. 23.8%ක පිරිසක් සිය කැමැත්තක් නොමැතිව ශාරීරික පීඩාවට ලක්වන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් කියන කොට, චතුර පැහැදිලි කරනවා විශේෂ ගණනක්. ඒ, 16.6%ක්. සිසුන් 100 දෙනෙක් විශ්වවිද්‍යාල ගියොත් ඔවුන්ගෙන් 17 දෙනෙක් ලිංගික අතවරයට ලක්වෙන බව. මෙය ඉතා බරපතළ සහ භයානක ගණනක්.

අපි දන්නවා වසරකදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ ශිෂ්‍යයන් 100ක් නෙවෙයි. සමහර විට එය දසදහස ඉක්මවා යන ප්‍රමාණයක්. 1000කට 166කුත් 10,000කට නම් 1,666 දෙනෙක් ලිංගික අතවරයට ලක්වන බව තමයි මේ කරුණු අනුව පැහැදිලි වෙන්නේ. එහෙම නම් විශ්වවිද්‍යාලවලට 100,000ක් ගියොත් එයින් 16,000කට වැඩි පිරිසක් මේ විදියට කාලයක් තිස්සේ ලිංගික අතවරයන්ට ලක්වෙනවා. එතකොට ඔවුන් ගැන කිසිම තැනක කිසිදු කාරණාවක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙහි භයානකකම තමයි මේ හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගැන සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ගැන විශේෂයෙන්ම වපරැහෙන් සමාජය විසින් බලන්න පටන් අරගන්නා එක. මේ ශිෂ්‍යාවන් සමාජගත වුණාට පස්සේ ඔවුන් ලිංගික අතවරයන්ට ලක්වූවන් බවට තමයි සමාජය මතය මේ හරහා නිර්මාණය වෙන්නේ. අපි දන්නේ නෑ එය වගකිව යුතු ප්‍රකාශයක්ද කියලා චතුර ඉදිරිපත් කරන්නේ. 88.3%ක පිරිසක් වගකිව යුතු පාර්ශ්ව දැනුවත් නොකරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව කියනවා. ඔවුන්ට නවක වධය දුන්නාම ඔවුන්ගේ ඒ කිසිදු කාරණාවක් ගැන කිසිම ආකාරයකින් පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. නැත්නම් කරුණු දැක්වීමක් කරන්නේ නැහැ පරිපාලනය වෙත කියලයි ඔවුන් කියන්නේ. 11.7%ක පිරිසක් වගකිව යුත්තන් දැනුවත් කරනවා. නමුත් 11.7%ක පිරිසක් දැනුවත් කරලත් පියවරක් අරගෙන තියෙනවාද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. විශ්වවිද්‍යාල අභ්‍යන්තරය තුළට ගියාම මේක මීට වඩා වෙනස්.
යුනිසෙෆ් සංවිධානය කරපු සමීක්ෂණයකින් වෙනස් කරුණු කාරණා ගොඩක් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ දකින්න ලැබෙනවා. විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේදී නවක වධය කියන එකට වඩා මේකට වෙන නමක් ඔවුන් භාවිත කරනවා. ඒක තමයි ‘නවක නම්‍යකරණය’ කියන නම. ඒ වගේම ඔවුන් කියන්නේ මේක වධයක් නෙවෙයි, මේක ඇත්තටම නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල පරිපාලනය ගැන, විශ්වවිද්‍යාල ගොඩනැගිලි ගැන, විශ්වවිද්‍යාල ක්‍රමවේදය ගැන සහ විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන හඳුන්වා දීම සඳහා භාවිත කරන ක්‍රමවේදයක් කියලා. ඒ වගේම අපි දන්නවා විශ්වවිද්‍යාල තුළ සමානාත්මතාව නිර්මාණය විය යුතුයි. විශ්වවිද්‍යාලවල ඉන්නේ ලංකාවේ සිවු කොනෙන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන්ගේ ආර්ථික මට්ටම් වෙනස්. සමාජ තත්ත්වයන් වෙනස්. ඔවුන්ගේ ආදායම් මට්ටම් වෙනස්. ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම්වල ඉඳලා වෙනස්කම් තියෙනවා. මේවායේ සමානාත්මතාව ඇතිකරන්න. විශ්වවිද්‍යාලය මුලින්ම එක එක ජාතියේ ඇඳුම් ඇඳගෙන එන්න බැරි විදියට එකම ඇඳුම් කාණ්ඩයක් යෝජනා කරනවා. එකම සෙරෙප්පු වර්ගයක් යෝජනා කරනවා. එකම විලාසිතාවක් යෝජනා කරනවා. මේක තමයි විශ්වවිද්‍යාලවල සිද්ධ වුණේ. ඒ වගේම මෙතැනදී ඇත්තටම ඉතා අහිංසක විදියට විශ්වවිද්‍යාලවල නවක වධය භාවිත වන අවස්ථා අපි දෑසින් දැකලා තියෙනවා. පොඩි විහිළුවක් කරලා, පොඩි යාළු මිත්‍රකමක් ගොඩනගලා මේක සිද්ධ වෙන බව අපි දන්නවා. ඒ වගේම මේ නවක වධය කියන සිදුවීම ඇතුළේ ඇතිවෙන සහෝදරත්වය, නොබිඳෙන බව, කවුරු මොනවා කිව්වත් විශ්වාසයෙන් තහවුරු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. නමුත් නවක වධය කියන එක ඉතා වැරැදි ආකාරයට යොදාගන්නා බව අපට පිළි නොගෙන ඉන්න බෑ. එතකොට නවක වධය වැරැදි ආකාරයට යොදාගෙන පහරදීම්, තුවාල සිදුකිරීම්, මරාදැකීම් දක්වා දුරදිග යෑම්, සමහර වෙලාවට විශාල ගැටුම් නිර්මාණය වෙනවා විශ්වවිද්‍යාල තුළ. විශාල අලාභ හානි සිද්ධ වෙනවා ශිෂ්‍යයන්ට. ශාරීරිකව සහ මානසිකව. ඒ කිසි දෙයක් ගැන කිසිම ආකාරයකින් පරිපාලනයන් සොයා නොබලන බව තමයි හොයාගන්න තියෙන්නේ.
මේ සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය කරපු පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදියට මෙන්න මෙහෙම එකක් කියනවා. මේ නවක වධය සඳහා වැරැදිකරුවන් බවට පත්වෙන්නේ බොහෝ විට සිවුවැනි වසරේ ශිෂ්‍යයන් බව අප හඳුනාගන්නා කරුණක්. වැරැදිකරුවන් වන සිසුන්ගේ පොදු ලක්ෂණ විදියට ඔවුන් කියනවා අඩු ආදායම්ලාභී පවුල් පසුබිමක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්, කටුක ළමා අවධියක් ගතකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ග්‍රාමීය ප්‍රදේශවල සිට විශ්වවිද්‍යාලවලට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ නේවාසිකාගාරවල රැඳ සිටින්නන් නවක වධයට පක්ෂග්‍රාහීව සහ නවක වධයට අතිශය කැමැත්තෙන් කටයුතු කරන බව. මේක සරල කරලා ඔවුන් කියනවා රැග් කරන ගොඩක් අයියලා අක්කලාගේ පවුල් පරිසරය ඉතා කටුක එකක් කියලා. මේ කාරණය ඉතා නරක සහ ඉතා භයානක දෙයක්. මේක පෙන්නලා විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන දේශපාලනය විනාශ කරලා, විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන එකමුතුකම විනාශ කරලා, සිසුන් මුණගැහෙන තැන් විනාශ කරලා දාලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මොට කරලා, ඔවුන්ට දේශපාලන මැදිහත් වීම් කරන්න බැරි තත්ත්වයට පත්වීමේ වුවමනාවකුත් අපි දන්නවා මේ රට ඇතුළේ තියෙනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නවක වධය සහ මේ සිදුවීම් දෙක පටලවා ගැනීම.

මේ පහරදීම් හානි කිරීම්, මානසිකව කරන හිංසනයන් සියල්ල විශ්වවිද්‍යාල තුළින් අහෝසි විය යුතුයි. ඉවත් කළ යුතුයි. ඒ සම්බන්ධ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහ ඒ සම්බන්ධව නීතිරීති අණ පනත් නිර්මාණය වෙලා තියෙන බවත් නීතිඥ ගඟුලැලි ද සිල්වා විසින් කරන ලද පැහැදිලි කිරීමකදී අපි දැක්කා. ඒ සම්බන්ධව බොහෝ විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් නැති බව තමයි පේන්න තියෙන්නේ. විශ්වවිද්‍යාල පරිපාලනයවත් ඒ ගැන දැනුවත් නෑ. තමන් රැග් එකට අහුවෙලා නම්, තමන්ට රිදෙනවා නම්, තමන්ට හානියක් වෙලා නම් ඔවුන් කරන්න ඕනේ සියදිවි නසාගන්න එක නෙවෙයි. ඔවුන් කරන්න ඕනේ ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න එක. මේක හරි සරල ක්‍රියාදාමයක්. සංකීර්ණ දෙයක් නෙවෙයි. එහෙම නවක වධය දෙන්න ඔබට හිතෙනවා නම් ඔබ කරන්න ඕනේ තවදුරටත් විශ්වවිද්‍යාලයට යන එක දවස් කීපයකට නතර කරලා මානසික වෛද්‍යවරයෙක් මුණගැහිලා ප්‍රතිකාර ගන්න එක. මේ දෙකම ඉතා ඉක්මනින් සංසිඳුවාගෙන විශාල ගැටලුවක් ඇති නොවී නවත්තන්න පුළුවන්. මොකද ඒකට හේතුවක් යම් හෙයකින් ඔබ නවක වධය දීමේ සිද්ධියකට වරදකරු වුණොත් ඔබට රජයේ රැකියාවක් පවා කරන්න බැරි තැනට පත්වෙනවා. ඔබේ විශ්වවිද්‍යාල ජීවිතයත්, ඔබේ අධ්‍යාපනයත් සියල්ල නැතිවෙලා ගිහිල්ලා ඔබ නිකන් වැරැදිකාරයෙක් බවට පත්වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්නටයි ඔබට මේ කතාව අපි කියන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මොන්ටිසෝරි දරුවන් ගැන ලංකාව කරන ලොකුම අධ්‍යයනය මේ දවස්වල යනවා! Sri Lanka Latest News

Next Post

ටිල්වින් චීනෙ ගියේ පරණ ණයක් ගන්නද? Sri Lanka Latest News

MORE NEWS

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

Load More
2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

සිය ජීවිත පවා අවදානමේ හෙළමින් 2015 සිදු කළ සටන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස 2ක් යාමට පෙර පාවා දුන් බවත්,...

Read more
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.