සමගි ජන බලවේගයට ලබා දී තිබූ කොළඹ හයිඩ් පිටිය කොරෝනා හේතු දක්වමින් අවලංගු කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
ඒ බව ලිඛිතවම කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දීමටද ඔවුන් පියවර ගෙන තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.











