මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය වහා මහපොළ භාරකාර අරමුදල යටතට පත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු කරනු ලැබීය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා කෝටි 4000ක පාඩුවක් මහපොළ අරමුදලට සිදුව ඇති බවකි.
එමෙන්ම ඉදිරියේදී ස්ලිට් ආයතනය තුළ සිදුව ඇතැයි කියන තවත් දූෂණ රැසක තොරතුරුද ඉදිරියේදී හෙළිදරව් වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.









