අයවැය ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විවේකයක් ඉල්ලා සිටීම හේතු කොටගෙන විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
අද දහවල් 2ට බැසිල් රාජපක්ෂ මහතා අයවැය කියවීම ආරම්භ කළ අතර පසුව ඒ මහතා තමන්ට අසුන්ගෙන අයවැය ඉදිරිපත් කිරීමට කතානායකවරයාගෙන් අවසර ඉල්ලීය.
පසුව අසුන්ගෙන අයවැය ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා ඉන් අනතුරුව තමන්ට මද විවේකයක් අවශ්‍ය බව සදහන් කිරීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.









