ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉදිරි දිනවල විශේෂ ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මහජන එක්සත් පෙරමුණේ නායකයන් ඒකාබද්ධව මෙම ඉල්ලීම කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මහජන එක්සත් පෙරමුණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ද මෙසේ රැස්විය.
රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින හෙයින් ඔවුන්ට සහනයක් ලෙස කිසියම් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීම වැදගත් බවට ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ යුතු යැයි පක්ෂ නායකයෝ එහිදී එකම තීරණයකට පැමිණියහ.