පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීමට යෝග්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ බවත්,එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බවත් නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවත් කී පීරිස් මහතා ⛔ලබන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වන බවත් කියා සිටියේය.
දෙවන ණය වාරිකය ලබාදීම සඳහා IMF නියෝජිතයින් මෙරට සමීක්ෂණ කටයුතු වල නියැළෙන බවත්, එවැනි අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශ සිදු කිරීම නුවණට හුරු නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ජනාධිපතිවරණය නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවද ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.