මාලිමාවේ මන්ත්‍රී නෝනෙක්ට හරි වැඩක් වෙලාලු නේද? එයාගෙ මහත්තයා සහ පුතා කුඩු එක්ක අලගෙන කියලා හෝ ගාලා ආරංචියක් යනවා නේද? අපි හිතන්නෙ ඒකෙන් නම් මාලිමාවට බේරෙන්න බෑ. එක එක වචන හරඹවලින් බේරගන්න අමාරු වෙයි.Sri Lanka Latest News
ඒ අස්සෙ අර මන්ත්‍රී මහත්තයෙක් මල්ලි වෙනුවෙන් පොලිසියට ගිහිල්ලා සද්දයක් දාලා. ඒකත් එයා හත්පොලේ ගාගෙන. වැඩේ දෙල් වෙලා. ප්‍රධානම කීප දෙනාගෙ ඉඳලා හුඟක් අය පෝලිමේ නානවා. ඒ අස්සෙ කීප දෙනෙක් විතරක් ක්ලීන් සූට් ඉන්නවා කුණු ගාගන්නෙ නැතිව. ඒත් කුණු ගාගෙන කණුකුණු ගාන අය ඕනෙ තරම්.
ඒ කියන්නෙ මාලිමාව ඉවරයිද?
හුඟක් අය එහෙම හිතන්නෙ. මෙයාලා කිව්ව කෙරුව විදියට නම් ඒක එහෙම තමයි. හුඟක් වෙලාවට රෙද්දක් ඇඳගෙන කතාකරන්න බෑ. මොකද හුඟක් අය කිව්වෙ මාලිමාවෙන් ඡන්දෙට එන්නෙ කහ මලෙන් උපන් අය කියලා. මාලිමාවට මීට කලින් තිබ්බ ලොකුම චෝදනාව
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හාදයෙක්ගෙ දීගෙ. ඒ හාදයා ජාතික ලැයිස්තුවෙ හිටියාය කියලා මාලිමාවට පන්න පන්න ගහනවා. මාලිමාව ඒ චෝදනාවෙන් බේරෙන්න එක දේවල් කියනවා. ඒ අස්සෙ තමයි මේ මරාලෙ වැටුණෙ.
එතකොට….?
සරලයි. මේක තේරුම් කරගමු. ඉස්සර මාලිමාවට සම්බන්ධ පිල නියෝජනය කරමින් පාර්ලිමේන්තුවෙ හිටියෙ තුනයි. දැන් ඉන්නව එකසිය පනස් නමයක්.
ඉස්සර පළාත් පාලන ආයතනවල හිටියෙත් පොඩි ප්‍රමාණයක්. ඒත් දැන් එහෙම නෑ. පළාත් පාලන ආයතන 339කින් 265ක බලය ලැබුණෙ මාලිමාවට. මුළු රටෙන්ම සභික ධුර 3,927ක් ඒ අයට ලැබුණා. මේ වෙනකොට ධුර දරන්නන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා.
මේ තත්ත්වය එක්ක හාරදහකට වඩා වැඩි පිරිසක් පත්වුණාම ඒ එක එක්කෙනා ගැන වගකියන්න ලෝකෙ කිසිම පක්ෂකට බෑ. මේ තත්ත්වය අස්සෙ මාලිමාවට පරණ කතන්දරය ඇත්ත කරන්න බෑ. ඔය හාරදහ අතරෙ එක එක තාලෙ අය ඉන්න ඕනෙ. ඒ අතර බීල කෑගහන ඩයල් එකක්, හොරකමකට සම්බන්ධ පොරක්, දූෂණ චෝදනා තියෙන
ක්කෙනෙක්, මාල කඩපු, වැලි කපපු, බදු වංචා කරපු, සිවුරු ඇරපු, නම වෙනස් කරපු ඔය එක එක ඒවා කරපු අය එකා දෙන්නා ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හාරදහසක් පිරිසකට අයිති වෙන්න බැරි කාවද?
අන්න ඒක මුලින්ම තේරුම් ගන්න ඕනෙ ජවිපෙ සහෝදරවරු. ඒක ඕනෙ දේශපාලන කඳවුරකට පොදු දෙයක්.
‘කාලා බලන්න බෑ මිනිස්සුන්ව….’
ඕන්න ඕකයි යථාර්ථය. ජවිපෙ ඔය මන්ත්‍රීතුමියව තෝරගන්නෙ මහත්තයා කුඩු බිස්නස් කරන බව දැනගෙන නෙමේ. අනිත් අයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ එකාව ජාතික ලැයිස්තුවට දාන්නෙ පොරගෙ පැටිකිරිය දැනගෙන නෙමේ. ඒක අපි 100%ක්ම දැනගන්න ඕනෙ. හදිසියේම නොදන්නා දෙයක් වෙනවා. දැන් අපි ඒක මාලිමාවේ එකවුන්ට් එකට දානවා. ඒක සරලවම දේශපාලන අමනාපකම් පිරිමැහිල්ලක්. හැබැයි ඒ සෙල්ලම පටන් ගත්තෙ මාලිමාවෙ සහෝදරවරු. එයාලයි මේ තාලෙ චෝදනාවල නිර්මාතෘවරු.
ඒ නිසා අපි හැමෝම මේ සෙල්ලම නතර කරමු. කිසිම කුලකයක් සමාන නෑ. අපි හිතන සුන්දර ලෝමෙ කොහෙවත් නෑ. අපි පාරිශුද්ධයි සුරම්යයි, එයාලා නපුරුයි අධර්මිෂ්ටයි කියලා සුරාඅසුර යුද්ධයක් මවන්න ඕනෙ නෑ. හොඳ විසින් නරක පැරදවූ සටනක් ලෙස මැතිවරණ නම් කරන්න එපා. නරක සහ අල්ප නරක නැත්නම් වඩා නරක විසින් ටිකක් නරක පැරදවූ වගේ කතාවක් තමයි වැඩියෙන්ම ගැළපෙන්නෙ.
ඒ නිසා හැම කිල්ලෝටෙකම ටික ටික හුණු තියෙන බව හැම සහෝදරයෙක්ම ආදරෙන් මතක් කරමු.

ජීවන පහන් තිළිණ










