• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මං ඔබට ආදරෙයි…! ඔබව මට මතක් වෙනවා! නික්ම ගිහිල්ලද? ඔබේ මියගිය ආදරණීයයන්ට කතා කරන්න අවස්ථාවක්…! Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මං ඔබට ආදරෙයි…! ඔබව මට මතක් වෙනවා! නික්ම ගිහිල්ලද? ඔබේ මියගිය ආදරණීයයන්ට කතා කරන්න අවස්ථාවක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබ ආදරේ කරන… ඔබට අදරේ කරපු… ඔබ වටිනාකමක් දුන්න… ඔබට වටිනාකමක් දුන්න, ඔබට හැම මොහොතකම සිහිපත්වෙන…. මේ ලෝකෙන් ඔබව තනිකරදමා යන්නට වුණු කෙනෙක් සමග ඔබට කියාගැනීමට නොහැකි වූ දෙයක් වේවා, ඔබට කියන්න තිබෙන දෙයක් හෝ වේවා, නිදහසේ ඔබගේ හිතේ තිබෙන හැමදේම ඔහුට හෝ ඇයට කියන්නට අවස්ථාවක් හමුවුණොත්, ඔබ ඒ අවස්ථාව මගහරිනවද? මග නොහරින අයෙක් නම් මේ ලිපිය ඔබට.Sri Lanka Latest News

ජපානයේ පුංචි නගරයක් වන ඔතුචි නමින් ස්ථානයක, නගර මධ්‍යයට වෙන්න විශේෂිත වූ දුරකතන කුටියක් පිහිටා තිබේ. එය සත්‍යයෙන්ම විශේෂය. ‘කසේ නෝ ඩෙන්වා’ හෝ ‘සුළං දුරකතනය’ යන නමින් ප්‍රසිද්ධ මෙය, ජපන් ජනතාවගේ සිත් තුළ ගැඹුරු ස්ථානයක් හිමි කරගෙන ඇත.

2010 වසරේදී ඉටරු සසාකි නම් පුද්ගලයකු විසින් තම අහිමිවූ මිතුරකුට කතා කිරීමට වූ අධික ආශාවකින් පිරි සංකල්පයක් මත මේ දුරකතන කුටිය නිර්මාණය කළේය. ඔහුගේ එකම අභිප්‍රාය වූයේ මෙලොවින් සමුගත් කිසියම් හෝ අයකුට ඇසේ නම්, ඔවුන්ට කියන්න තිබුණු දේ අසබා (සුළං) හරහා යවන්න. ඒ නිසාම මෙය ‘සුළං දුරකතනය’ ලෙස හැඳින්වෙයි.

එමගින් සසාකිගේ මෙම නිර්මාණය ඔහුගේ හිතේ තිබුණු දුක නිවා දුන්නා පමණක් නොව, ජාතියක්ම ඔවුනොවුන්ගේ හිතේ තිබෙන දුක, සතුට, ආදරේ කෑගසා කියා, ඔවුන්ගේ සිත් සුවපත් කරගන්නා ස්ථානය බවට පරිවර්තනය විය.

වසරකට පසුව, එනම් 2011 මාර්තු මාසයේදී ජපානයේ විශාල සුනාමි හා භූකම්පන විපතක් සිදුවිය. ඔසුචි නගරයද ඒ විපතට ගොදුරු විය. නගරයේ එම විපතින් දිවි ගලවාගත් අයට ඔවුන්ගේ හිතවතුන්, පවුලේ සාමාජිකයන් අහිමිවූහ. මෙම විපතින් පීඩා විඳිමින්, අඳෝනාවල් දෙමින් සිටි දිවි ගලවාගත් පිරිසේ දුක වේදනාව විසි කරදැමීමට සසාකිගේ සුළං දුරකතනය ඔවුන්ට නව මගක් විය.

මෙම දුරකතන කුටියේ විශේෂත්වය, මෙහි කිසිම සම්බධතාවක් නැතිවීමත්, මෙම දුරකතන කුටිය තුළ පැරණි රොටරි දුරකතනයක් පමණක් තිබීමත්ය. මෙය බොහෝ මිනිසුන්ගේ හදවතට මනෝවිද්‍යාත්මක රැඳවුමකින් සම්බන්ධ විය. බොහෝ දෙනා එම කුටියට ඇතුළුවී මියගිය මවුපියන්ට, දරුවාට හෝ ආදරණීයයන්ට කතා කරති. ඔවුන්ගේ හඬ සුළං හරහා මුහුදට ගමන් කරයි.

අද වනවිට ‘කසේ නෝ ඩෙන්වා’ තනි ස්ථානයක් පමණක් නොවේ. එය ලෝකයටම ආදර්ශයක් වී ඇත. සසාකිගේ මෙම සුළං දුරකතන කුටියේ සංකල්ප දකුණු කොරියාව, ඇමෙරිකාව, ඉතාලිය, ඇලන්ඩ්, සහ පසුගිය වසරේ සිට ඉන්දියාව වැනි රටවලද නැවත නිර්මාණය වී ඇත. එම සියල්ලේ අරමුණ වන්නේ අහිමිවූ අය සමග ‘නැවතත් කතා කිරීමට’ තවත් අවස්ථාවක් ලබාදීමය.

මෙම දුරකතනයෙන් ආවරණ වූ සංවේදී කතාවක් මත පදනම්ව, 2020 දී “Voices in the Wind” නම් ජපන් චිත්‍රපටය නිර්මාණය කළේය. එය සුනාමි විපතෙන් පසු අහිමිවූ පවුලකට අයත් ළමයකුගේ ගමනක් ලෙස විස්තර වන අතර, ඇය අවසානයේ මෙම සුළං දුරකතනය වෙත යාමෙන් තමන්ගේ ආතතියෙන් නිදහස් වීම පෙන්වයි.
අදත්, වසර දහයක් ගතවූවත්, ඔතුචි නගරය වෙත දිනපතාම මිනිස්සු පැමිණෙති. ඔවුන්ගෙන් සමහරු සොයුරියට, සමහරු තම අහිමි වූ දරුවාට, සමහරු පවුලේ අයෙකුට ‘ඔබට ආදරෙයි’ ‘ඔබව මතක් වෙනවා’ කියා සුළං හරහා කියා යති. එම වේදානාත්මක හා සුන්දර මතකයන්ගෙන් පිරි වචන සුළඟේ පාවෙමින් ගොස් සුළං මගින් කවුරුන් හෝ ඔවුනට ළඟා වන බවක් ඔවුහු විශ්වාස කරති.

කෙසේ වෙතත්, ‘කසේ නෝ ඩෙන්වා’ යනු තාක්ෂණික නිර්මාණයක් නොවෙයි. එය මනුෂ්‍යයාගේ හදවත සුවපත් කරන විස්මය දනවන නිර්මාණයකි. ඔබටත් එවැනි අවස්ථාවක් ලැබුණොත්, ඔබටත් කියන්න කෙනෙක් ඇති, කියන්න බොහොදේ ඇති, ඔබ කියන්නේ කාටද? ඔබ කියන්නේ කුමක්ද…?

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

භද්දිය හිමිගෙන් කාලීන බණක්! බුදුන් වහන්සේගේ චීවරය දේශපාලන වේදිකා සරසන කොඩියක් කරගන්න දෙන්න එපා! ඒ අය දිනුවට පස්සේ අපි වැස්සට ඉහළපු කුඩේ වගේ තමයි! Sri Lanka Latest News

Next Post

සහෝදරවරු දැක්කද? ඔක්කොගෙම කිල්ලෝටවල හුණු! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.