• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොඑන හේතු එකින් එක කියයි! 21 නුගේගොඩ රැළියට අපි එන්නෙ නෑ! විමල් වීරවංශ බරපතළ කරුණු සහිත නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
මෙන්න හෙළිදරව්වක්! විමල්ලාව කපලා දාන නාළිකාවක මයික් එක පෙන්නලා විමල් හොඳටම කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.Sri Lanka Latest News

එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවය.

එම නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනය :

මහජන හඩ

සංවිධායක කමිටුව,

නොවැ: 21 නුගේගොඩදී පැවැත්වීමට සැළසුම් කර ඇති “විපක්‍ෂයේ” රැළිය පිළිබඳව

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය පාලනය විසින් අපගේ රට බාරගත්තේ, 76 වසරක් තිස්සේ පැමිණි ගමන් මග වෙනුවට නව ප‍්‍රගතිශීලී හා ජනහිතකාමී යුගයකට අපගේ දේශය ඔසවා තබනු ලබන බවට වූ පොරොන්දු රාශියක් මහජනතාව හමුවේ තබමිණි. ගෙවී ගිය වසරකට වැඩි එම පාලන කාලය තුළ මැනැවින් සනාථ වී ඇත්තේ, එය විසින් විකල්ප හා නවීන සමාජ ආර්ථික හා සංස්කෘතික මාවතකට අප දේශය කැඳවනු වෙනුවට අසාර්ථක පැරණි මාවතේම ඇතැම් විට කලින්ටත් වඩා බොහෝ සෙයින් හානිකර ලෙස රට ප‍්‍රපාතය කරා ඇදගෙන යමින් තිබෙන බව ය.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බොරු පොරොන්දු රාශියක් රට හමුවේ තබමින් ද, පොදුවේ සමස්ත දේශපාලන හා නිලධාරී තන්ත‍්‍රය පිළිබඳව වෛරය වඩවමින් ද බලය ලබාගත් බව අපි දනිමු. එලෙස බලය ලබා ගැනීමෙන් අනතුරුව එම පාලනය විසින් ඉටු කරමින් සිටින්නේ පොදු ජනයාට පොරොන්දු වූ කිසිවක් නොවන බව පැහැදිළි ය.

ඒ වෙනුවට,

(අ). රාජ්‍යයේ ස්වෛරීභාවය හා ආර්ථික ස්වාධීනත්වය පාවා දෙන ගිවිසුම් ඉන්දියාව ඇතුළු බාහිර පාර්ශවයන් සමග අත්සන් කරමින් හා මහජනතාවට ඒවා සඟවා තබා ගනිමින් ද,

(ආ). රට ගොදුරු කොට ඇති ආර්ථික අර්බුදයෙන් හා තීරණාත්මක ණය අර්බුදයෙන් රට ගොඩගන්නා මාවතක ගමන් කරනු වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අසාර්ථක වට්ටෝරුව කර තබාගෙන ගමන් කිරීමෙන් ද,

(ඇ). දේශයේ නිෂ්පාදන ආර්ථිකය (කාර්මික හා කෘෂි ආදී සෑම කේෂ්ත‍්‍රයක් තුළම දරුණු ලෙස බිඳවට්ටමින්, එම ආර්ථික ක‍්‍රියාවලියේ නියුතු ජනයා බලවත් පීඩාවකට ගොදුරු කරමින් ද,

(ඈ). රජයේ උපායමාර්ගික තීරණාත්මක වැදගත්කමින් යුත් රාජ්‍ය ආයතන විදේශීය සමාගම් වෙත විකුණා දමමින්, රාජ්‍ය හා මහජනතාව බලවත් අසරණ ඉරණමකට ඇද හෙළමින් ද,

(ඉ). නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමේ නාමයෙන් ඉතිහාසය, බුදු දහම හා සෙසු ආගම් පිළිබඳ අධ්‍යාපනය පිළිකන්නට දමා, මෙරට මහා සංස්කෘතියට පටහැනි LGBTQ ආදී සුළුතර ලිංගික ප‍්‍රවණතා ප‍්‍රවර්ධනය කිරීම හරහා මෙරට දරු පරපුර අසංස්කෘතික ජීවියකු බවට පත් කරමින් ද,

(ඊ). මෙරට ගෞරවණීය මහා සංඝරත්නයත්, උන්වහන්සේලාගේ ශාසනික හා සමාජමය කාර්යභාරයත් උතුරු පළාත හා රටේ සෙසු පළාත් බොහොමයක් තුළ දී බලවත් තර්ජනයකට වැඩි වශයෙන් මුහුණ පා ඇත්තේ, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ වන අතර, බුද්ධ ශාසනයත්, එය තුළින් බිහි වූ මහා සංස්කෘතියත් වනසන මිස දුටු බලවේග පෝෂණය කරමින් හා එමගින් බුදු සසුන බලවත් අනාරක්ෂිත ඉරණමකට ඇද හෙළනු ලැබීමෙන් ද,

(උ). ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගම් වෙත පැවරීම හරහා මෙරට වැසියන්ගේ සියළු ජෛවමිතික දත්ත ඉන්දියාව සතු කර ගැනීමට මහ පාදා දෙමින් ද,

(ඌ). සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සතු වැඩකරන ජනතාවගේ අරමුදල් රාජ්‍ය වියදම් පියවා ගැනීමේ උවමනාව වෙනුවෙන් කොල්ල කෑමට ක‍්‍රියාමාර්ග සකස් කරමින් ද,

(එ). එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සහ එයට හිතවාදී ජාත්‍යන්තර බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රය අනුව යමින්,

i. විරෝධාර රණවිරුවන් අත්අඩංගුවට ගනිමින්, රාජ්‍ය හමුදා බෙලහීන කිරීමත්,

ii. ජිනීවා මානව හිමිකම් කොමිෂමේ ශ‍්‍රී ලංකාවට හතුරු යෝජනා පිළිගෙන ඊනියා යුද අපරාධ චෝදනා සනාථ කර ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ද`ඩුවම් කිරීම පිණිස ස්වාධීන අභිචෝදක කාර්යාලය සහ තවත් ඒ සඳහා වූ ව්‍යුහයන් පිහිටුවීමට ක‍්‍රියා කිරීමත්,

iii. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වා, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව බලාත්මක කිරීම මගින් හා මහ ඇමැතිවරයාට අවනත ආණ්ඩුකාරවරයකු පත් කිරීම හරහා රාජ්‍යය බෙදා වෙන් කිරීමේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය බල ගැන්වීමට කටයුතු කිරීමත්,

ඒ මගින් රාජ්‍යයේ ඒකීයභාවය හා වීරෝධාර රණවිරුවන්ගේ ඉරණම අතිශය අවධානමට ඇද හෙළමින් ද,

(ඒ). මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් එම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දාස ආයතනයක් බවට පත්කොට තිබෙන තත්වය එසේම පැවතීමට කටයුතු කිරීමෙන් ද,

(ඔ). විදේශ විනිමය පණත වහා සංශෝධනය කර, රටට අයිති විදේශ විනිමය නිශ්චිත කාලයක් තුළ රට තුළට ගෙන්වා ගැනීම සහතික කිරීමට පියවර නොගැනීමෙන් හා තවත් ගත යුතු නිවැරදි පියවර නොගැනීමෙන් වත්මන් ආර්ථක අර්බුදයේ කරවටක් ගිල්වා තව තවත් අපගේ රාජ්‍යය හා එහි වෙසෙන ජනතාව අසරණභාවයේ පතුළට ඇද හෙළමින් ද,

( ඕ) අසීමාන්තිකව බදු බර හා ජීවන බර වැඩි කරමින් ජීවත්වීමට තබා හුස්ම ගැනීමටවත් අසීරු ඉරණමක අති බහුතර මහජනතාව ඇද වට්ටවාලීම තුළින් ද,

ආණ්ඩුව තවදුරටත් ගමන් කරමින් ඇත්තේ, බරපතළ ජනතා ද්‍රෝහී හා දේශද්‍රෝහී මාවතකය.

එබදු පාලනයක් නොපමාව පරාජයට පත් කළ යුතු බව පිළිගන්නා අපි එය කළ යුතු වන්නේ, එම ගමන් මගට ප‍්‍රභලව හා විවෘතව එරෙහිවන, එම විනාශකාරී ප‍්‍රතිපත්තිය පැරදවීමට සමත් හා විකල්ප නිවැරදි ප‍්‍රතිපත්ති මත නොබියව සිට ගැනීමට සමත්, මහජනතාව ඒ අනුව දේශපාලන වශයෙන් පෙළ ගැස්වීමට නායකත්වය දෙනු ලබන අවංක හා එඩිතර දේශපාලන නායකත්වයන් මගින් බව බලවත්ව විශ්වාස කරමු. එසේ නොමැතිව ජනප‍්‍රිය ආණ්ඩු විරෝධී සරල සටන් පාඨ ඔසවාගත්, එක් හෝ වෙනත් පුද්ගල නායකයන් අභිෂේක ගැන්වීම අරමුණු කරගත් පටු හා වංචනික දේශපාලන මැදිහත්වීමකින් සැබෑ ලෙසම වත්මන් ආණ්ඩුවත්, එය සතු වැරදි ප්‍රතිපත්තිමය ගමන් මගත් පැරදවිය නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ එකතුවකින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ආණ්ඩු විරෝධී රැළිය, අප ඉහත දක්වා ඇති ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එක`ගතාවකින් තොර හා ඊට ප‍්‍රතිවිරුද්ධ පුළුල් හා නිවැරදි වැඩපිළවෙලක් පිළිබඳ එක`ගතාවයකින් තොර එක්සත් ක‍්‍රියාමාර්ගයක් ලෙස අපි වටහාගෙන සිටිමු. සරල හා පටු ආණ්ඩු විරෝධය වෙනුවට, ඉහත අප පෙන්වා දී ඇති පරිදි ගැඹුරු හා අර්ථවත් ආණ්ඩු විරෝධයත්, ඒ මත ගොඩනැගෙන විකල්ප ප‍්‍රතිපත්තිමය පදනම මත සිදු කෙරෙන දියුණු මඟපෙන්වීමත් අද ජාතියට අත්‍යවශ්‍ය වී ඇති බව අපි දැඩිව විශ්වාස කරමු. මුලූ මහත් ජාතියට ම`ග පෙන්වනු ලබන එබදු බලවත් ජනතා න්‍යාය පත‍්‍රයකින් තොරව හා අප සියළු පක්‍ෂවල අතීත භාවිතයන් පිළිබඳ විවෘත හා අවංක ස්වයං විවේචනයක නිරත වීමෙන් තොරව සිදු කෙරෙන කුමන දේශපාලන කටයුත්තක් වුව ගැඹුරු හා තියුණු අර්බුදයක කරවටක් ගිලී පීඩාවෙන් පීඩාවට පත්ව සිටින අපගේ ජන සමාජයට හා සියවස් ගණනාවක ඓතිහාසික උරුමයට හිමිකම් කියන අපගේ රාජ්‍යයට සාධාරණයත්, ගෞරවයත් සැබෑ ජයග‍්‍රහණයත් හිමිකර නෙදෙන බව කණගාටුවෙන් වුව පැවසිය යුතුව ඇත.

එබැවින්, නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත රැළිය සඳහා, ඉහත දැක්වූ හේතු මත අප පක්‍ෂය සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්, අප ඉහත පෙන්වා දී ඇති දේශපාලන කරුණු නිවැරදිව හා සම්පූර්ණව සැළකිල්ලට ගත් සාධනීය පරිවර්ථනයක් විපක්ෂයේ පක්ෂ එකමුතුව අතර ඇති කෙරෙන තත්වයක් තුළ පමණක් අප පක්‍ෂයේ සජීවී දායකත්වය ආණ්ඩු විරෝධී පොදු ක‍්‍රියාමාර්ග සඳහා ලබාදීමට ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු සහගතව සිටින බවත් අවසන් වශයෙන් ඔබ වෙත අවධාරණය කර සිටිමු!

ආණ්ඩුවේ ජනතාද්‍රෝහී – දේශද්‍රෝහී ප‍්‍රතිපත්තියට එරෙහිව, නිවැරදි ප‍්‍රතිපත්තිමය පදනම මත පිහිටා ආණ්ඩුව පළවා හැරීමේ සටන බලගැන්වීම කෙරෙහි මින් ඉදිරියට හෝ දැඩි ලෙස අවධානය යොමුකිරීමට ඔබ සැමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කර සිටිමු.

ස්තූතියි

මෙයට

විශ්වාසී

විමල් වීරවංශ

සභාපති,

ජාතික නිදහස් පෙරමුණ

(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)

2025.11.07

SendShareShare
Previous Post

සහෝදරවරු දැක්කද? ඔක්කොගෙම කිල්ලෝටවල හුණු! Sri Lanka Latest News

Next Post

හිනාවෙවී අහන් හිටපු අනුරගෙ අයවැයෙන් කාට කාටත් ඇඟට නොදැනිම වැදිලා තියෙන බදු ටික මෙන්න! ඉවර වෙනකම් හොඳට අහගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.