සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.Sri Lanka Latest News
සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවත් ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය මෙම නඩුව ගොනුකර තිබුණි.