ඩී.පී එඩියුකේෂන් නිර්මාතෘ ජගත් කීර්තිධර ශ්‍රී ලාංකීය ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගෙ සංකල්පය මත ශ්‍රී ලංකාව පුරා සුවහසක් දුවා දරුවන්ගේ ජීවිත උසස් තලයකට ගෙනයෑම සඳහා ආරම්භ කරනු ලබන ඩී.පී.එඩියුකේෂන් අයි.ටී කැම්පස් තවත් එක් මධ්‍යස්තානයක් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අයගම ශ්‍රී ගංගාරාම මහා විහාරස්තානයේ පෙරේදා (03) දින 131 වන ඩී.පී. එඩියුකේශන් අයි.ටී කැම්පස් නිළ වශයෙන් විවෘත විය.Sri Lanka Latest News
අයගම ශ්‍රී ගංගාරාම විහාරාධිපති රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අයගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී,ආයතනාධිපති පූජ්‍ය රඹුක්පොත ධම්මදින්න හිමිගේ හා ඩී.පී එඩියුකේෂන් මෙහෙයුම් කලමණාකාරිණී සදුනිකා වනිගරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ අයගම ප්‍රාදේශීය ලේකම් තුමා සහ කොට්ඨාශයෙහි විදුහල්පතිවරුන් , පොලිස් ස්තානාධිපතිතුමා, ග්‍රාමනිලධාරී මහත්ම මහත්මීන්, සමෘද්ධි නිලධාරි මහත්ම මහත්මීන් ඇතුලු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත විය
ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන සහ පාසල් අධ්‍යාපනය අවසන් කල රැකියා විරහිත දුවා දරුවන් සඳහා මෙම වැඩසටහනෙහි අරමුණ හා ඔවුන්ගේ ජීවිත උසස් මට්ටමකට ඔසවා තැබීම සඳහා ඔවුන් දැනුවත් කිරීමද මෙහිදී සිදු විය.
















