• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කලකිරිලා.. රට යන්නයි ඉන්නේ! ආයුර්වේදෙ අය මගේ ව්‍යාපාරෙ අයිතිය ඉල්ලුවා! හැංගිලා ඉන්න ධම්මික බණ්ඩාර පළමුවරට ‘මව්රටට’ කතා කොට රහස් ‌හෙළිකරයි! EXCLUSIVE

August 31, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ධම්මික ආයෙත් ආවේශ වෙයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොරෝනා රැල්ලට ධම්මික පැණිය හදලා රට තුළ ප්‍රසිද්ධියට පත්වුණු කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අද හතර වටින්ම ප්‍රහාර එල්ල වෙන්න පටන් අරන්. ඒ පැණිය ආහාරයක් වශයෙන් පාවිච්චි කරන්න විතරක් ආයුර්වේදයෙන් දුන්න තාවකාලික බලපත්‍රයත් දැන් තහනම් කරලා. ඒ මදිවට දේශපාලකයන්ට, රජයේ කාර්යාලවල ධම්මක පැණි බෝතල් ලක්ෂයක් බෙදාහැරපු ධම්මික වෙද මහත්තය අද හතර වටින් එල්ල වෙන ප්‍රහාර නිසා පසුගියසති අන්තයේ ඔහු ළඟ තිබුණු පැණි බෝතල් අටදහසක් විතර එයාගෙ වත්තෙම වළ දමල තියෙනවා. ඒ බෝතල් ටික තිබුණා නම් කොරෝනා රෝගීන් 26,000කට පමණ දෙන්න තිබුණ කියලයි ඔහු කීවෙ. කොරෝනා සඳහා ධම්මික පැණිය හදපු වෙද මහත්තයව උඩ දාලා බිම දැම්ම වගේ ඔහුට හතර වටින් විරෝධය ආවෙ ඇයි කියලා අහන්න ‘මව්රට’ ධම්මික බණ්ඩාර වෙද මහත්තයට කතා කළා.

ඔබ ඔය හදල තියෙන්නේ බොරු බෙහෙතක්ය, ඕකෙන් කවුරුවත් සනීප වෙලා නැහැ කියලා බෙහෙත රට පුරා මිනිසුන් අතරට ගියාට පස්සෙ නැගෙන චෝදනා සත්‍යයක්ද?
මම ඒ කිසිම චෝදනාවක් පිළිගන්නෙ නැහැ. මගෙන් පැණිය අරන් මම කියපු විදියට දින තුනක් නිර්මාංශව නියම මාත්‍රා ගණනම පාවිච්චි කළ කිසිවකුට කොරෝනා හැදුණෙ නැහැ. කවුරුවත් මියගියේ නැහැ. සමහරු මේ පැණිය අරන් මස් මාංශ කාලා අරක්කු බීපු අයට නම් කොරෝනා හැදෙන්න ඇති.

එහෙනම් ඒ චෝදනා ගැන මෙතරම් විශාල ප්‍රචාරයක් ගියේ කොහොමද?
මගෙන් පැණිය ගන්න ඇවිත් අනියම් ලෙස ලබාගන්න බැරිව ආපසු ගිය දෙතුන් දෙනෙක් ප්‍රාදේශීය දේශපාලනඥයකු සමග එකතු වෙලා තමයි පළමුවෙන්ම මට පහර ගහන්න පටන් ගත්තෙ.

මේ පැනිය ගැන පර්යේෂණ කරන්න සෞඛ්‍ය ඇමැතිවරිය දේශීය වෛද්‍ය විශේෂඥයන්ගෙ කොමිටියක් පත් කළා නේද. ඒකට මොකද වුණේ?
සෞඛ්‍ය ඇමැතිවරිය පත්කළ කොමිටියේ මමත් හිටියා. මට උදව් රන බටහිර වෛද්‍යවරුන් දෙදෙනකුත් හිටියා. නමුත් ඒ අය පැණිය ගැන පර්යේෂණ කළේ අනුරාධපුරය පැත්තෙ රෝහලක. ඒ කොමිටිය අපිව කැඳෙව්වෙ නැහැ. ඒ නිසා ඒකෙ වාර්තාව ඉල්ලපුවාම ඒක අමාත්‍යාංශයට භාරදුන්නා කිව්වා.

ඔබට මුදල් උදව් කළ දේශීය වෛද්‍ය ඇමැතිගෙ ඉඳන් ආයුර්වේදයේ ලොක්කන් පසුව ඇයි ඊට විරුද්ධ වුණේ?
සායනික පරීක්ෂණ හරියට කළේ නැහැ. ආයුර්වේද වෛද්‍ය සභාව මගෙ බෙහෙත් වට්ටෝරුව ගන්න උත්සාහ කළා. මම දුන්නෙ නැහැ. ඒ නිසා මම බොරු බෙහෙත් හදන කෙනෙක් ගානට වැටුණා. මම මගේ භද්‍රකාලි මෑණියන් පාවා දෙන්න සූදානම් නැහැ.

ඔබ හැදුව ධම්මික පැණිය බොරුවක් බවට පත්වුණේ ඇයි?
මම මේක රජයට, රටට හඳුන්වා දුන් වෙලාවෙ කවුරුත් නොදන්න දෙයක් වුණා. ආයුර්වේදයේ ලොක්කන් දෙදෙනෙක් මාව කොළඹ තරු පහේ හෝටලයකට කැඳවාගෙන ගිහින් තේ පැන් සංග්‍රහයක් කළා. හැබැයි එතැනදිත් මා එළවළු මිශ්‍රණයක් විතරයි අනුභව කළේ. ඉන් පස්සේ ඒ අය මාව ගාලු මුවදොර හෝටලය ළඟ තියෙන තල් ගස් සෙවනට කැඳවාගෙන ගියා. ඒ නිසා මා සමග දිගු වේලාවක් කතා කරමින් සිට ඒ අය මගෙන් මේ පැණියෙ ව්‍යාපාර අයිතිය ඉල්ලුවා. මම බැහැ කිව්වා. ඔන්න ඕක තමයි සටනේ ආරම්භය. මම මේවා ඕනෙම වෙලාවක හෙළිකරන්නත් සූදානම්. ළඟදි මම ඒකට වීඩියෝ එකක් මාර්ගයෙන් රටට හෙළි කරනවා.

ඔබ ඔය පැණිය හදපු ආරම්භය ගැන යමක් කියන්න පුළුවන්ද?
මම මේ පැණිය මුල් අවස්ථාවේදිම මේ රටේ මිනිසුන් ලක්ෂ 40කට විතර නොමිලේ තමයි දුන්නෙ. පසුව මම මේ පැණිය හදන්න අවශ්‍ය මීපැණි, සාදික්කා හිඟයක් ඇතිවුණු වෙලාවෙ ඒවා මම චීනයෙන් රුපියල් ලක්ෂ 59ක් වියදම් කරලා ගෙන්වා ගත්තා. පසුව මම එක්තරා ප්‍රබල දේශපාලනඥයකුට කිව්වා දැන් පැණිය නොමිලේ දුන්නා අති, අවශ්‍ය බෙහෙත් ගෙන්වා ගන්න සහන මිලකට දෙන්න කියලා. ඒ හින්ද තමයි මම කාලෙ බෝතලේ රු. 2,500/-ට විකිණුවේ. ඒ මුදලින් පවා ඇතැම් රෝගීන්ට නොමිලේ ධම්මික පැණිය ලබාදුන්නා. කොවිඩ් 19 මුල් අවස්ථාවේදී මර බියෙන් උන්න මිනිසුන්ගෙ ජීවිත බේරාගන්න හැකි වුණා.

ඔබේ පැණිය ගැන පරීක්ෂණ කරන්න ආව අය ධම්මික පැණිය බිව්වෙ නැද්ද?
බිව්ව විතරක් නෙවෙයි, ඒ අයගෙ ඥාතීන්ට බෙදන්න පැණි බෝතල් 100-200 අරන් ගියා. එක් විද්‍යුත් මාධ්‍යයක මාධ්‍යවේදියෙක් මගෙන් පැණිය බීලා පී.සී.ආර්. කරපු වෙලාව නෙගටිව් වුණා. නමුත් ප්‍රචාරය කළේ කොරෝනා හැදුණා කියලයි.

ඔබගේ පැණියට විරුද්ධව අප්‍රසිද්ධව නැගී සිටි අයත් සිටියද?
ඒ ප්‍රශ්නයට කලින් කිව යුත්තක් තියෙනවා. මගෙ පැණිය නොමිලේ ගන්න, මිලදී ගන්න ආව දස දහස් ගණනක් පොලිසිය යොදවලා පාලනය කරන්න සිදුවුණා. ඒත් අරන් ගිය අය තමන්ට කොරෝනා සුවවුණා කියලා කියන්න තරම් ඉදිරියට ආවෙ නැත්තෙ ඇයිද යන්න ප්‍රශ්නයක්. අපේ මිනිස්සු හුඟ දෙනෙක් සත්‍යය කතා කරන්නෙ නැහැ. ධම්මික පැණිය බොරුවක්, වස විසක් තියෙනවා කියලා බොරු ආරංචි ඇතම් දේශපාලනඥයන් බටහිර වෛද්‍යවරු විසින් ප්‍රචාරයක් ගෙනගියා. නමුත් මගේ පැණිය පිටුපස බටහිර වෛද්‍යවරු කිහිප දෙනකුම උදව්වට හිටියා. අදටත් ඇතැම් වෛද්‍යවරු මගෙන් පැණිය ලබාගන්න රහසේ විමසීම් කරනවා.

එවැනි අයට ඔබ ලබාදෙන ප්‍රතිචාරය මොකක්ද?
අද තියෙන ඩෙල්ටා වෛරසයට නම් කලින් එකට වඩා ප්‍රබල පැණියක් හදන්න ඕනෑ, නමුත් දැන් මම ඒවා කරන්නෙ නැහැ. සමහරු හිතුවා මම පැණිය හරහා දේශපාලනයට එන්න එනවා කියලා. තුන් හිතකවත් මම ඒ වගේ පිස්සුවක් නැහැ. මට දැන් පැණිය නිසා දොස්තරලා බණිනවා. දේශපාලනඥයො බණිනවා. හැම තැනකින්ම බැණුම්. ඒ නිසා මම තීරණය කළා මා සතුව තිබුණු ධම්මික පැණි බෝතල් 8,000ක් විතර ගෙවත්තෙම වළදාන්න. මම ඉඩකඩම් දේපොල තියෙන, කාලි මෑණියන් අදහගෙන ඉන්න අයෙක්.

ඔබ කාලි මෑණියන් අදහනවා නම් මේ ප්‍රශ්නයෙදි ඇය ඔබට පිහිට වුණේ නැහැ කියලා හිතනවද?
නැහැ, එහෙම හිතන්නෙ නැහැ. ඒත් මම එකක් කියන්න ඕනෙ. කාලි මැණීයන් කියන්නෙ එකවර දඬුවම් දෙන මෑණි කෙනෙක් නෙවෙයි. ඉදිරියේදී ඇයගෙ දඬුවමට යටත් වන අය ගැන බලාග්නන පුළුවන්.

ධම්මික පැණිය නිපදවන්න කර්මාන්ත අමාත්‍යාංශයෙන් පවා මැෂිමක් ලැබුණ නේද? ඒ අමාත්‍යාංශයේ අයත් ඔබගේ නිෂ්පාදන බලන්න ආව නේද?
මගේ මේ වැඩේට කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය ලැබුණා. මැෂිමකුත් ලැබුණා. නමුත් දැන් ඒ යන්ත්‍රයත් ආපහු එම අමාත්‍යාංශයට භාරදෙන්නයි තීරණය කරලා තියෙන්නෙ.

මේ රටේ ආයුර්වේදය ගැන ඔබට විශ්වාසයක් නැද්ද?
ආයුර්වේදයත් ඉන්දියාවෙන් ආව වෛද්‍ය ක්‍රමයක්. කොරෝනාවලට බෙහෙත් හදන්න පුළුවන් ඍෂිවරුන්ටයි, පාරම්පරික වෙද මහතුන්ටයි පමණයි.

ඔබගේ ධම්මික පැණි බෝතල් රජයේ ආයතන ගණනාවකට දහස් ගණනින් ලබාදුන් බවට ආරංචි පැතිර ගොස් තිබුණා?
ඔව් ඔව්. රජයේ ආයතන ගණනාවකටම මම නොමිලේ පැණි බෝතල් ලබාදුන්නා. වරාය සේවකයන් පිරිසකට ලබාදුන් ඒවාට නම් මුදල් ලබාගත්තා.

ඔබ කීවා අධික වියදමක් දරා චීනයෙන් මෑපැණි ගෙන්වා ගත්තා කියලා. දැන් ඒ ඉතිරි වෙන ඒවට මොකද කරන්නෙ?
පාරම්පරික වෛද්‍යවරයකුට බෙහෙත් හදන්න ලබාදෙන්න අදහස් කරනවා.

ධම්මික පැණිය නිසා ඔභට සිදුවුණු ඔබට සිදුවුණු අසාධාරණය ගැන ඔබ නිහඬව ඉන්නේ ඇයි?
මට සිදුවුණු හැම අසාධාරණයටම සාක්ෂියක් තියෙනවා. මම ඇත්ත රටටම ළඟදි හෙළි කරනවා.

මේ ප්‍රශ්නයනිසා ඇත්තටම ඔභ ඉන්නේ කලකිරීමෙන්ද?
සත්තකින්ම ඔව්. මම ඉන්නෙ වේදනාවෙන්, කලකිරීමකින්. හිතුණොත් රට අතහැරලා යනවා.

ඔබ කොරෝනා එන්නත විදගත්තාද?
නැහැ, මම විදගත්තෙ නැහැ.

ඔබට ආයුර්වේදයෙන් කිසියම් බලපත්‍රයක් ලබාදී තිබෙනවද?
ඔව්. ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයට 2020 දෙසැම්බර් සිට 2021 දෙසැම්බර් 21 දක්වා බලපත්‍රයක් ලබාදී තබෙනවා. මට කොරෝනාවලට බෙහෙත් හදන්න බලපත්‍රයක් ලබාදී නැහැ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පොලිසියේ නවත්වලා තිබ්බ පොලිස් බයික් එකත් හොරු අරන් ගිහින්! පොලිස් නිලධාරියා පොලිසියටම පැමිණිලි කරයි!

Next Post

ආර්ථිකය අමාරුයි! බැසිල් කැපිල්ල අරඹයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.