පාතාල සාමාජිකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ඇති බවට ඊයේ වාර්තා වුණා..Sri Lanka Latest News
මේ සිද්ධියත් සමග ඔවුන් ගැන මේ වනවිට නැවතත් සමාජයේ කතාබහක් නිර්මාණය වන පසුබිමක මේ කියන්න යන්නේ තවත් අහන්න ලැබෙන අන්න ඒ වගේ එක කතාවක් ගැනයි.. දැනට මලයාසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා කොටුකර ගැනීම සදහා ඔත්තුව ලබාදී ඇත්තේ මෙරට සිටින පාතාල කල්ලි සාමාජිකයින් විසින්ම බවට අනාවරණය වී තිබෙනවා…
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා…
මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඇතුලු තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ…
කෙහෙල්බද්දර පද්මේ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා. ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ මලයාසියාවේදී පෙනී සිට ඇත්තේ ආදිත්‍ය අභිමන් ලෙසින්..
එම නම භාවිතා කරමින් ඔහු විදෙස් ගමන් බලපත්‍රයක් ද සකස් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ..
2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කෙරුණා. ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණේ ගනේමුල්ල සංජීවට සහ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩාටයි..
පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි වෙත පලා ගිය අතර එහි සිට ඝාතන රැසක් මෙහෙයවා තිබුණා. ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත සම්බන්ධයෙන් මෑතකදී වැඩි කතාබහක් ඇති වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන් මෙහෙයවූ බවට වාර්තාවීමත් සමගයි..
එවන් පසුබිමකයි කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ තවත් අයකු මලයාසියාවේ හෝටලයක පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා..
ගනේමුල්ල සංජීව නැමැති පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීම සදහා ඩුබායිහි රැදී සිටි කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් ලබාදුන්නේ මලයාසියාවේ රැදී සිටි කමාන්ඩෝ සලින්ත නැමැත්තායි..
එම ඝාතනයෙන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේ සලින්ත රැදී සිටින මලයාසියාව වෙත පළාගොස් තිබුණේ ඩුබායිහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලුවත් සමගයි.
මේ අතර, මෙරට පාතාල කල්ලි සාමාජිකයින් අතර මෑත කාලීනව ගැටුම් උග්‍ර වී ඇත්තේ පාතාලයේ අනසක පතුරන්නේ කවුරුන්ද යන්න පිළිබදව මතුව ඇති තරගකාරීත්වයත් සමගයි. ඊට කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා පාතාල සාමාජිකයින්ට හිසරදයක් වී තිබූ බවටයි ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදී ඇත්තේ..
එම ගැටුමත් සමග කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සදහා ඔහුගේ ව්‍යාජ නම ඇතුලුව අනෙකුත් තොරතුරු ආරක්ෂක අංශ වෙත මෙරට පාතාල කල්ලි සාමාජිකයන් විසින්ම ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා..










