වරාය අධිකාරිය ආශ්‍රිත මුහුදේ පසුගියදා පැවැති සුපිරි සාදය සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇතිවුණා. (Sri Lanka Latest News)
වරාය කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා එහිදී සඳහන් කළේ එම සාදය සඳහා විපක්ෂය චෝදනා කරන ආකාරයේ විශාල මුදලක් වැය නොවූ බවත්, ඊට අදාළ සියලු බිල්පත් සභාගත කරන බවයි.
එසේම එම සාදයේ වීඩියෝ දර්ශන මාධ්‍යයට මුදාහළ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියා.










