කුඩු සළිඳු සහ හරක් කටාට සිදුකළ බව කියන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාට නියෝග කළේය. (Sri Lanka Latest News)
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සළිඳු සහ හරක් කටාට පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයෙක් එලෙස මරණ තර්ජන සිදුකළ බව පැවසෙයි.
මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සැකකරුවන් නිරීක්ෂණය කිරීමට 18 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවය.
එමෙන්ම එම තර්ජනය සිදුකළ බව පැවසෙන දිනයට අදාළ සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
adaderana










