සිනමා සක්විති ලෙස ජනාදරයට පත් සම්මානනීය නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා මහතා පසුගිය බ්‍රහස්පතින්දා දින මිනුවන්ගොඩ පැවැති දේශපාලන රැලියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් වේදිකාවට ගොඩවීමට කටයුතු කර තිබිණි.Sri Lanka Latest News
මේ ආකාරයටම ගාමිණී ෆොන්සේකා මහතාද 1988 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මාතර පැවැති දේශපාලන රැලියට ගොඩවීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව, රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ගාමිණී ෆොන්සේකා මහතා මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමටද කටයුතු කොට තිබිණි.
එමෙන්ම හිටපු කතානායකවරයකු වශයෙන්ද ගාමිණි ෆොන්සේකා මහතා රාජකාරි කළේය.










