• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සුමාගේ සිග්නල් එක! ජාත්‍යන්තර සහාය කාටද? රනිල්-අනුර ඩීල් එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 7, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
සුමාගේ සිග්නල් එක! ජාත්‍යන්තර සහාය කාටද? රනිල්-අනුර ඩීල් එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉන්නේ කොතැනද කියලා කියන්න තියෙන්නේ එක් සිග්නල් එකක් නොහොත් එක් සංඥාවකි. ඒ සිග්නල් එක නම් සුළු ජාතික පක්ෂයි. සුළු ජාතික පක්ෂ අතරිනුත් උතුරේ දෙමළ ජාතික සන්ධානය විශේෂය.Sri Lanka Latest News

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලන්ගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රීධරන් පසුගියදා ලන්ඩනයට ගොස් කීවේ තමා ලන්ඩනයට යෑමට පෙර මෙරට දකුණු අප්‍රිකානු තානාපති සහ කැනඩා තානාපති හමුවූ බවත්, දෙමළ ජාතික සන්ධානය දමිළ පොදු අපේක්ෂකයෙක් දැමීම ගැන ප්‍රශ්න කළ බවත්ය.

ශ්‍රීධරන් පක්ෂ නායක වූවාට ශ්‍රීධරන් පක්ෂ නායකත්වයට පත්වීම අභියෝග කරමින් අධිකරණයේ නඩුවක් තිබේ. පක්ෂ නායකත්වය සඳහා තරගයේදී ශ්‍රීධරන් දින්නත් සුමන්තිරන්ට ඡන්ද 134ක් හිමිවිය. නායක තරගයේදී ඡන්ද දූෂණ චෝදනා එල්ලවී ශ්‍රීධරන්ට එරෙහිව උසාවිය වාරණ නියෝග පැනවීමෙන් පසු පක්ෂය මෙහෙයවන්නේ සුමන්තිරන්ය. පක්ෂ මධ්‍යම කාරකසභාව සුමන්තිරන්ගේ නායකත්වය පිළිගෙන ඇත්තේ ඔහුට හිමි ජාත්‍යන්තර සහාය නිසාය. උතුරේ ජනතාවගේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යන්නේ සුමන්තිරන්ය. ඒක උතුරේ ජනතාව දනී. යුද්ධයේදී එල්.ටී.ටී.ඊ.යට සහාය නොදුන්නා යැයි උතුරේ ජනතාවට ජාත්‍යන්තර ප්‍රජාව ගැන අසතුටක් ඇතත් ජාත්‍යන්තර ප්‍රජාව ඡන්දයකදී කියන්නේ මොකක්ද, ඒ දේ ඉටුකරන්න ඔවුන් සැදී පැහැදී සිටින්නේ තමන්ව ආරක්ෂා කරන්න ඉන්නේ ජාත්‍යන්තර ප්‍රජාව යන මතයක් ඔවුන් තුළ ඇති නිසාය. ඉලංගෙයි තමිල් අරසු කච්චි ජ්‍යෙෂ්ඨ නායකයකු වන මාවෙයි සේනාධිරාජා මුලින් සජිත්ට සහාය දෙන්න ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරකසභාව ගත්ත තීරණය විවේචනය කළේය. ඔහු එසේ කළේ ඔහුට සුමන්තිරන් සමග තිබෙන පුද්ගලික ප්‍රශ්නයක් නිසාය. පසුව ඔහු විවේචනය ඉල්ලා අස්කර ගනිමින් තමන් සජිත්ට සහාය පළකරන පක්ෂ තීරණයට එකඟ බව කීවේ ජාත්‍යන්තර බලපෑම නිසාය. ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක ශ්‍රීධරන්ට සල්ලි වියදම් කරන්නේ දමිළ ඩයස්පෝරාවය. ජාත්‍යන්තර ප්‍රජාව දමිළ ඩයස්පෝරාවට කරන බලපෑම මත ඉදිරියේදී ශ්‍රීධරන්ද මාවෙයි සේනාධිරාජා වෙනස් වූ විදියට වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇත. නැතිනම් එක්කෝ ලන්ඩන් සංචාරය අනෙක් රටවලට දික්වනු ඇත.

ශ්‍රීධරන්ට ඇති අනෙක් ප්‍රශ්නය රනිල්ගේ ආණ්ඩුවෙන් අරක්කු බලපත්‍ර ලබාගැනීමය. දමිළ පොදු අපේක්ෂකයාට සහාය දක්වන ඉලංගෙයි තමිල් අරසු කච්චි කිහිප දෙනා රනිල්ගේ ආණ්ඩුවෙන් බලපත් ගත්ත අයය. සුමන්තිරන් ඇතුළු අනෙකුත් දමිළ නායකයන් ඔවුන්ව හෙළිදරව් කරයි කියා බයෙන් ඔවුන් සජිත්ට සහාය දුනහොත් රනිල් ඔවුන්ව හෙළිදරව් කරයි කියා බයේ ඔවුන් හැංගිලා ඉන්න තියෙන ඉඩකඩ වැඩිය.

රනිල් ජනාධිපති වූ පසු රනිල් සමගි ජන බලවේගය තමන් යටතට ගෙන යූ.ඇන්.පී.ය එක්සත් කරනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව සිතීය. මේ සඳහා ඔවුන් රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළට අයි.එම්.එෆ්. සහාය ලබාදුන්නේය. හැබැයි සජිත් ඉතා දක්ෂ ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ ජාතික පක්ෂ තමා යටතේ තබාගන්න සමත් විය. ඉන් පසු ජාත්‍යන්තර ප්‍රජාව රනිල් ගැන තබපු බලාපොරොත්තු අතහරින්න පටන්ගත්තේය. එකල රනිල් සජිත් එක්වන බවටත්, සජිත් අගමැති කොට රනිල් ජනාධිපති අපේක්ෂක කරන්න විදේශ රටවල් උත්සාහ දරන බවටත් රනිල්ම මාධ්‍යවල නිවුස් පළකරවා ගත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ඔහුගෙන් ඈත් වෙද්දීය. රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අධිකරණ තීන්දු පිළිනොගැනීම් නිසා ජාත්‍යන්තර ප්‍රජාව රනිල්ව අතහැරියේය. ඒත් රනිල් සහ සජිත් යන දෙදෙනාම ජනාධිපතිවරණයට ආ විට දෙදෙනාගෙන් ඉදිරියට එන්නේ කවුදැයි ඔවුහු බලා සිටියහ. හේතුව රනිල් සහ ඔහුගේ උපදේශකයන් ඔහුගේ මාධ්‍ය ජාත්‍යන්තර ප්‍රජාවට දීලා තිබුණේ රනිල්ට නිහඬ ඡන්දයක් තියෙන බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ විගස ඒ නිහඬ ඡන්දදායකයන් එළියට එන බවත්, එවිට සමගි ජන බලවේගය දෙකට තුනට කැඩෙන බවත්ය. ජනාධිපතිවරණයට නාමයෝජනා දී සති ගණනක් ගියත් සජිත්ගේ රැස්වීම්වලට වැල නොකැඩී සෙනඟ එද්දී රනිල්ගේ රැස්වීම්වලට ආවේ සුළු පිරිසකි. ජනමත සමීක්ෂණවලින්ද පෙනුණේ සජිත්, අනුර සහ රනිල් යන දෙදෙනාටම වඩා ඉදිරියෙන් සිටිනා බවය. පළමුවෙන්ම හකීම්ගේ පක්ෂය, රිෂාඩ්ගේ පක්ෂය, දිගම්බරම් සහ මනෝ ගනේෂන් සජිත්ට සහාය දෙන බව ප්‍රකාශයට පත්කළහ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරකසභාව රැස්වී සජිත්ට සහාය දෙන්න තීරණය කළා යැයි සුමන්තිරන් කීවේ ඉන් පසුවය.

සුමන්තිරන්ගේ ප්‍රකාශය රනිල්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ගහපු දේශපාලන බෝම්බයකි. රනිල් සහ රනිල්ගේ මැතිවරණ කැම්පේන් මෙහෙයවන ඔස්තාර්ලා රනිල් දිනයි කියා හීන දැක දැක සිට නින්දෙන් අවදි විය. සුමන්තිරන් කියන්නේ උතුරු-නැගෙනහිර දමිළ ඡන්ද ලක්ෂ 10ක් තියෙන බවය. ඒ ඡන්ද, රිෂාඩ්ගේ ඡන්ද, හකීම්ගේ ඡන්ද, දිගම්බරම් සහ මනෝගේ ඡන්ද එක්වූ විට සජිත් 2019 ගත්ත ඡන්ද ලක්ෂ 55 සජිත්ට ගෙඩිය පිටින් ලැබෙන බව ඔවුන්ට තේරුණි. ඒ අනුව සජිත් ඉන්නේ දිනුම් කණුව ළඟ බව දැන ඔවුන් අනුර දිනවන්න කැම්පේන් එක පටන්ගත්හ.

මේ කැම්පේන් එකේ පළමු වැන්න අනුර දිනන නිසා සජිත්-රනිල් එකට එකතු විය යුතුය කියන කැම්පේන් එකය. මේ කැම්පේන් එක පටන්ගත්තේ දූෂිත ගනුදෙනු හොයයි කියා බයට යූ.ඇන්.පී.යට ගිය තලතාය. ඔවුහු ඒ සඳහා තලතාව පාවිච්චි කළහ.

දෙවැනි කැම්පේන් එක සජිත්ට අනුර පරද්දන්න බැහැ කියන කැම්පේන් එකය. රනිල් මේ කතාව හැම වේදිකාවකම කියන්න පටන්ගත්තේය.

මේ කැම්පේන් දෙකෙන්ම රනිල් නොකියා කියන්නේ අනුරව පරද්දන්න කාටවත් බැහැ කියාය.

රනිල් දැන් පොහොට්ටු ඡන්දවලට කතා කරන්නේත් නැත. කතා කරන්නේ යූ.ඇන්.පී.යට සහ සුළු ජාතිකයන්ටය. පොහොට්ටු ඡන්ද කැඩුවොත් අවාසිය යන්නේ අනුරට බව රනිල් දනී. යූ.ඇන්.පී. ඡන්ද කඩලා සුළු ජාතික ඡන්ද කඩලා සජිත්ව දුර්වල කළොත් අනුරට දිනන්න පුළුවන් බව රනිල් දනී. අනුරත් හිරිකිතයකින් තොරව රනිල්ගේ උදව් පතන බව පෙනේ. නැත්නම් තලතා සජිත්ගෙන් වෙන්වීම සමාජ මාධ්‍ය හරහා ලොකු කරලා පෙන්නුවේ ජවිපෙ මාධ්‍යය. රනිල් අනුරට සිලින්ඩරයෙන් ඔක්සිජන් දෙන බව ජවිපෙ විරෝධී, සජිත් විරෝධී යූ.ඇන්.පී.කාරයන්ට සහ පොහොට්ටු පාක්ෂිකයන්ට වැටහී ඇත. එය දැන බියට පත්වී තමන්ට ඡන්දය දෙන්න හිතපු ජවිපෙ – සජිත් විරෝධී යූ.ඇන්.පී.කාරයොත් පොහොට්ටුකාරයොත් ඒ ඡන්දය ජවිපෙ පරද්දන්න සජිත්ට දෙයි කියන බයට ඔහු දැන් සජිත් විසින් අනුර පුම්බනවා යැයි කියාගෙන යයි. ඇත්ත කතාව නම් අද අනුරගේත් රනිල්ගේත් පොදු හතුරා සජිත්ය. තමන්ට දිනන්න බැරි බව තේරුණු විට රනිල් කරන්නේ යූ.ඇන්.පී.යේ හතුරා දිනවීමය.

1994 මහ මැතිවරණ පරාජයෙන් පසු ගාමිණී දිසානායක යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න චන්ද්‍රිකාගේ හවුල්කාර පක්ෂය වූ මුස්ලිම් කොංග්‍රසය සමග සාකච්ඡා කරද්දී රනිල් අගමැති ධුරයෙන් ඉවත්ව ගියේ ජනාධිපති විජේතුංග ලවා චන්ද්‍රිකා අගමැති ධුරයට පත්කොට යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදා අගමැති වීමේ ගාමිණීගේ හීනය කඩාකප්පල් කරන්නය.

පසුගිය 2010 ජනාධිපතිවරණයේදී රනිල් තමාගේ කකුලෙන් ඇද පරාජය කළා යැයි යූ.ඇන්.පී.යෙන් ඉදිරිපත් කළ පොදු අපේක්ෂක ෆොන්සේකා කීවේය.

2019 ජනාධිපතිවරණයේදී රනිල් තමාව පරද්දන්න ගෝඨාභය සමග ඩීල් එකක් දැම්මා යැයි සජිත් ප්‍රසිද්ධියේ කීවේය.

දැන් රනිල් බලන්නේ අනුර දිනවන්නටය. අනුරත් රනිල්ව සජිත්ගේ ඇඟේ එල්ලන්න බලන්නේ එතකොට රනිල්ගේ පවු සජිත්ගේ කරේ ගහලා දිනන්නටය. අනුර සහ රනිල් ඩීල් එක හොඳටම පේන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනිය තැපැල් ඡන්දයට පෙර දින රෑ අනුරව ස්වාධීන රූපවාහිනියට ගෙනැවිත් අනුරව පිම්බීමෙන්ය.

ජාත්‍යන්තර ප්‍රජාව මෙය දනී. සුමන්තිරන් ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු රනිල්ගේ සිරිකොත පමණක් නොව අනුරගේ ජවිපෙ මූලස්ථානයත් තක්බීර් වී සිටින බව ඔවුන් දනී. ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ ඡන්ද තුනකට බැස්ස අවස්ථා තුනක් තිබේ.

පළමුවැන්න 1994 මහ මැතිවරණයය. ඒ මැතිවරණයේ ඡන්දය දවසේ චන්ද්‍රිකාට ආරක්ෂාව දුන්නේ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයය.

දෙවැන්න 2015 ජනාධිපතිවරණයය. ඒ ජනාධිපතිවරණයේදී ඇමෙරිකාව තමන්ව පරාජය කළා යැයි මහින්ද ප්‍රසිද්ධියේම කීවේය.

මේ තෙවැනි ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර ප්‍රජාවේ භූමිකාව හරි පැහැදිලිය. ඔවුන් බහින්නේ දිනවන්න මිස පරද්දවන්න නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තැපැල් ඡන්දයට මොකද වුණේ? වැඩිපුර ගියේ කාටද? මෙන්න තැපැල්පති කියන කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රණසිංහ ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ගා! ගාමිණීගේ පුතා දමිත් ෆොන්සේකා ප්‍රේමදාසගේ පුතාගේ වේදිකාවට නැග්ගා! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.