මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතාට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් යෝජනාවක් ඉදිරිපත් ළුීමේ ලකුණු පහළ කොට ඇති බව වාර්තා වේ.
ඒ, ජනාධිපතිවරයාට අයත් “ෆාම්ගේට්” ගොවිපොළක තිබී ඩොලර් මිලියන 4ක මුදලක් හමුවීමත් සමගය.
2020 දී ඔහුගේ ගොවිපලෙන් ඩොලර් මිලියන 4 ක් (පවුම් මිලියන 3.3 ක්) සොරකම් කිරීම, පැහැරගෙන යාම සහ සොරුන්ට අල්ලස් දීම ඇතුළුව වසන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
ස්වාධීන මණ්ඩලයක වෙළුම් තුනකින් යුත් වාර්තාවකින් රමෆෝසා මහතා තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවත් දූෂණ විරෝධී නීතියක් කඩ කර ඇති බවත් සොයාගෙන ඇත.
කමිටුවේ නිගමන පාර්ලිමේන්තුවට භාර දී ඇති අතර, ඒවා පරීක්ෂා කර ඉදිරි සතියේදී දෝෂාභියෝග ක්‍රියාවලිය දියත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතයි.
එම වාර්තාව ඔහුට ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලීම් කිරීමට හේතු වී තිබේ.
ලංකාවට පැමිණි අවස්ථාවේදී ඒ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග උපන්දින කේක් ගෙඩියක් කැපීමටත් ඒ මහතා කටයුතු කොට තිබිණ.