මධ්‍යම අධිවේගයේ, මීරිගම සිට කඩවත දක්වා වූ කොටසට අයත් දාරළුව ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ පඬු කරද ගහ කපා දැමුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.Sri Lanka Latest News
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන් අදාල කරුණ කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කළ බව පැවසු අමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය ගස කපා ඉවත් කිරීමට අවසර දුන් බව වැඩි දුරටත් පවසයි.
ගස නොකපා, අධිවේගී මාර්ගය වෙනස් කිරීමට ගියානම් රුපියල් බිලියන 15 ක අතිරේක වැයක් දැරීමට රජයට සිදුවන බව ද අමාත්‍යවරයා පැවසී ය.
මේ වන විට පඩුකරද ගස් බොහෝ ප්‍රමාණයක් රට තුළ තිබෙන බව පවසන අමාත්‍යවරයා, දාරළුව ප්‍රදේශයේම හොදින් වැඩුණු පඩු කරද ගස් හැත්තෑපහක් පමණ තිබෙන බවද පැවසී ය.










