මුලතිව් අලම්පිල් උතුරු ප්‍රදේශයෙන් ඊයේ (10) එල්.ටී.ටී.ඊ. අවි ගබඩාවක් හමුවී තිබේ. (Sri Lanka Latest News)
මුලතිව් පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන එහි කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.
මේ වන විට එම අවි ගබඩාවෙන් ලොකු පැරා 13ක්, කුඩා පැරා 1ක්, 82 මි.මී. මෝටර් 49ක්, 60 මි.මී. මෝටර් -1ක්, ක්ලේමෝ බෝම්බ 6ක්, අත් බෝම්බ 56ක් මෙන්ම උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් හමුවී තිබේ.
මුලතිව් අධිකරණයේ නියෝගවලට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම අවි ගොඩගෙන ඇත.
යුද උපකරණ හමු වූ එම වළේ කැණීම් කටයුතු තව දුරටත් සිදුවෙමින් පවතින අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයෙන් සමූහ මිනී වළේ කැනීම් ද මේ වනවිට පවත්වාගෙන යනු ලබයි.
lankasara










