රුපියල් ලක්ෂ පනහක් වටිනා නවීනතම ජංගම දුරකථන , ටැබ් පරිගණක , රූපලාවන්‍ය ආලේපන සහ දුම්වැටි සහ ගංජා ඔතන කඩදාසි තොගයක් රැගත් ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (12) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටින්නන් වන අතර ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා 32 හැවිරිදිය . කාන්තාව 45 හැවිරිදිය . ඔවුන් දෙදෙනා ඊයේ අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ නවීනතම ජංගම දුරකථන 132ක්, ටැබ් පරිගණක 14ක්, දුම්වැටි සහ ගංජා එතීම සදහා භාවිතා කරන කඩදාසි අඩංගු පෙට්ටි 1,700 ක් සහ රූපලාවන්‍ය ආලේපන විශාල තොගයක් ද සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
රේගු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිති.










