මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුළු දිවයිනට ම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13) පෙ.ව 06.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
යළි ත් හෙට ප.ව. 02.00ට ඇඳිරි නීතිය පැනවෙන අතර පසුදින (2022-05-14) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේ.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.










