රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙරට පිහිටි පළමු තානාපති සේවා සුබ පැතුම එක්කර ඇත්තේ අමෙරිකාව යි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං සිය ට්විටර් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.
අගමැතිවරයා පත් කිරීම සමඟ ඉක්මනින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරී ත් පවතින අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ගත යුතු කඩිනම් පියවර බවයි ඇය කියන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථාන්විත ප්‍රගතියක් අත් කර ගැනීමටත් ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඇති කිරීමටත් දිරි ගන්වන බව අමෙරිකානු තානාපතිනිය නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.
Look forward to working w/ @RW_UNP. His appointment as PM, and the quick formation of an inclusive government, are first steps to addressing the crisis & promoting stability. We encourage meaningful progress at the IMF & long-term solutions that meet the needs of all Sri Lankans.
— Ambassador Julie Chung (@USAmbSL) May 12, 2022










