• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ එහෙම වුණාට වෙන කොහෙවත් එහෙම වෙන්නේ නෑ! උනුත් එකයි – මුනුත් එකයි! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ එහෙම වුණාට වෙන කොහෙවත් එහෙම වෙන්නේ නෑ! උනුත් එකයි –  මුනුත් එකයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට්වල ඉන්න සුපිරි වැඩකාරයා වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකාව. ලෝකෙ ක්‍රිකට් තියෙන තැන බැලුවම අපේ ක්‍රිකට් ලෝකෙට වැඩක් නෑ. විශේෂයෙන්ම අයි.සී.සී. එකට වැඩක් නෑ. බැරි වෙලාවත් ලංකාව කිව්වොත් අපි ක්‍රිකට් ගහන්නෙ නෑ කියලා අයි.සී.සී. එක ‘නොගහා හිටපල්ලා’ කියලා ඒගොල්ලන්ගෙ වැඩ බලාගන්නවා. ඒකට හේතුව අපේ ඉන්න මිලියන 20 අයි.සී.සී. එකට හැරෙන්නත් මදි. ලෝක ජනගහනයෙන් වැඩිම රටවල්වලින් පළමුවැනි 10 ඉන්න රටවල් හතරක්ම දැන් ක්‍රිකට් ගහනවා. අංක 1 ඉන්දියාව (බිලියන 1.47), අංක 3 ඇමෙරිකාව, අංක 5 පාකිස්තානය, අංක 8 බංග්ලාදේශය. ලෝකෙ වැඩිම ජනගහනය ඉන්න රටවල්. ඒගොල්ලො ක්‍රිකට් ගහනකොට, ඒගොල්ලො දිනනකොට බලන්න ඉන්න ප්‍රමාණය විශාල අගයක් ගන්නවා. ඒ නිසාම ලෝකෙ ක්‍රිකට්වල අපිට වඩා ඉන්දියාවෙ ජයග්‍රහණය අයි.සී.සී. එකට ඇත්තටම වටිනවා.
ලෝකෙ ක්‍රිකට් පෙන්වන නාලිකා ඉන්දියාව ඉන්න තරග පෙන්වන්න කැමැති ඒකයි. ලෝකෙ බිලියන 1.47ක් ඉන්න ඉන්දියාවයි, ලෝකෙ පස්වැනියට ජනගහනය වැඩි පාකිස්තානයයි දැන් කරට කර සටන් කරනකොට ඒගොල්ලන්ගෙ ජයග්‍රහණ, ඒගොල්ලන්ගෙ පරාජයන් ලෝකෙ මිනිස්සු පිස්සු හැදිලා වගේ බලනවා කියලා අයි.සී.සී. එක දන්නවා. හොඳටම විකුණන්න පුළුවන් වෙන්නෙ ඒ තරග.Sri Lanka Latest News

ලංකාව කියන්නෙ ලෝකෙ ක්‍රිකට්වල ඉන්න මහ ලොකු වැඩකාරයෙක් නෙමෙයි. දිනන්නෙ නැත්නම් අපිට කිසි දෙයක් ඩිමාන්ඩ් කරන්න බෑ. අපි ඩිමාන්ඩ් කරන්න ගියා කියලා කවුරුත් අපව ගණන් ගන්නෙත් නෑ. හැබැයි ලෝකෙ මිලියන විසි ගණනක ජනගහනයක් ඉන්න ලංකාව මේ ක්‍රිකට් එක අල්ලගෙන ඉන්න එකම අපි දකින්නෙ ජයග්‍රහණයක් විදිහට. ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ. හරියට සත්සාමාජික රගර්වල ෆීජී වගේ, පාපන්දුවල ක්‍රොඒෂියාව වගේ.

සත්සාමාජික රගර්වල ලෝකෙ මොන කෙරුම්කාරයො හිටියත් මිලියනයකටත් වඩා අඩු ජනගහනයක් ඉන්න ෆීජී දූපත කවදාවත් නොවැටී අල්ලගෙන ඉන්නවා. ෆීජීවල ජයග්‍රහණය ලෝක රගර් සංගමයටවත් රගර් පෙන්වන ටීවී චැනල් වලටවත් වැඩක් නෑ. මොකද ෆීජීවල ලොකු ප්‍රේක්ෂක පිරිසක් නැති නිසා. ක්‍රොඒෂියාවත් එහෙමයි, මිලියන 4යි ජනගහනය. ක්‍රොඒෂියාව පාපන්දුවල පළමුවැනි ස්ථාන 4-5 හැමදාම ඉන්නවා. හැබැයි අර ලෝකෙ පළමුවැනි ජනගහනය තියෙන රටවල් 10 අතර ඉන්න බ්‍රසීලය නැත්නම් රුසියාව ජයග්‍රහණය කරන එක ඇත්තටම ලෝකෙ පාපන්දු සම්බන්ධව තියෙන නාලිකාවලට අතිශය වැදගත්.

ඒ නිසා ලංකාවෙ ක්‍රිකට් ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා. අපි දිනන එක ලෝකෙ වෙන කාටවත් වැඩක් නෑ. අපි දිනුවා කියලා වෙන කාටවත් ආදායමක් එන්නෙ නෑ. අපි දිනුවාම ආදායම එන්නෙ අපිට විතරයි. අපේ ක්‍රිකට් අද තියෙන තැන ගැන අපි කලිනුත් කිව්වා, ඇත්තටම දුක් වෙන්න එපා සතුටු වෙන්න. මොකද කිසි කෙනකුට වැඩක් නැති ක්‍රිකට් එකක් අපේ රටේ උන් ගහනවා අමාරුවෙන් අල්ලගෙන ඉන්නවා. ඔව්, ඒගොල්ලො සල්ලි හොයනවා. මේක ආදායම් උපයන්න පුළුවන් මාර්ගයක්. මේක බිස්නස් එකක්, මේක ව්‍යාපාරයක්. විවිධ අයට චෝදනා තියෙනවා, ඇත්තටම ඒ අය පැහැදිලි නිරවුල් අය නෙමෙයි, ඒ අය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා ඒක ඇත්ත.

ඒ අය සම්බන්ධ ප්‍රශ්න තිබුණට මතක තියාගන්න නෝනාවරුනි මහත්වරුනි, අපිට ජයග්‍රහණ ලැබෙන්නෙ ක්‍රිකට්වලින් විතරයි. වෙන කිසිම ක්‍රීඩාවකින් අපි ඔය හිතන තරම් ලොකු ජයග්‍රහණ අපිට ලැබිලා නෑ. කොහොම කළත් ලෝකෙ පළමුවැනි රටවල් අට අතර ලංකාවෙ ක්‍රිකට් එක තියාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්, ඒක සමරන්න ඕනෙ ජයග්‍රහණයක්, ඒක ඓතිහාසික කතාවක්.

දැන් අපි මෙහෙම කියමු. මේ වෙලාවෙ ලංකාව ඉන්නෙ මාර තැනක. ලංකාව හිටියෙ සිම්බාබ්වේ, ඔස්ටේ්‍රලියාව කියන ගෲප් එකේ. ඔස්ටේ්‍රලියාව තමයි කවුරු කොහොම කිව්වත් ලෝකෙ ක්‍රිකට්වල අපිට මේ මොහොතෙ හිටපු භයානකම ප්‍රතිවාදියා. අපි භයානක ප්‍රතිවාදියාව දණගස්වලා හොම්බෙන් යන්න ගැහුවා. ඒක එහෙම කිව්වා කියලා ඔස්ටේ්‍රලියාව තරහ වෙන එකක් නෑ. අපි ඒ තරගය පටන් ගනිද්දි හිතුවෙ ලංකාවට දුවන්න ගහනවා කියලා. මං දැක්කා එක්තරා ප්‍රේක්ෂකයෙක් දාලා තියෙනවා අපිට අපේ 15ම දාලා රකින්න දෙන්න බැරිද කියලා. ඇත්තටම හිතුවෙ පළමුවැනි ඕවර් 10 ඉවර වෙද්දි අපි ඉවරෙටම ඉවරයි කියලා.

මේ ජයග්‍රහණයේ සැඟවුණු වීරයෙක් ඉන්නවා. අපි කවදාවත් කවුරුවත් ඔහුට මේ ජයග්‍රහණය වෙනුවෙන් අත්පුඩි ගැහුවෙ නෑ. ඒ තමයි දසුන් ශානක. දසුන් ශානක මොන තරම් අසරණ වෙන්න ඇද්ද කියලා මං හිතන්නෙ ක්‍රිකට් දන්න අයට තේරෙනවා. හේතුව තරගය අතරතුරේදී ඔහුට හිටපු හොඳම පන්දු යවන්නා බෝල හතරක් දාලා ආබාධයට ලක්වෙලා ආපහු යනවා තව ඔහුගෙන් දාන්න තරගයේ පන්දු 20ක් එහෙමම ඉතුරු වෙලා තියෙද්දි. සැලසුමක් නෑ ඔහු හැර වෙන පන්දු යවන්නෙක් පිට්ටනියට ගෙන්නගන්න. වෙන වේග පන්දු යවන්නෙක් අපි අතේ නෑ, චමීර විතරයි ඉන්නෙ. වගකීම ගන්න තියෙන්නෙ දසුන්ට. නමුත් දසුන් තමන්ගෙ අත්දැකීම් පාවිච්චි කරලා තමන් ගාව හිටපු පන්දු යවන්නො කීපදෙනාව එහේ මෙහේ මාරු කරගෙන කොහොම හරි දසුන් මේ මැච් එක ගහනවා. ඉතින් ඒ නිසා ඒක දසුන් කරපු විශිෂ්ට වැඩක් විදිහටයි මම දකින්නෙ.
අපේ රටේ ප්‍රේක්ෂකයොත් හරියට ඡන්දදායකයො වගේ. මොකද ඡන්දදායකයොමනේ ප්‍රේක්ෂකයො වෙන්නෙ, ඒ නිසා ඒකෙ අමුත්තක් නෑ. අපි කාලයක් මහින්ද රාජපක්ෂට හෝයියපුරේ දාලා අත්පුඩි ගහනවා. අන්තිමට යුද්ධෙ දිනපු මහින්ද ලංකාවෙ ඉන්න ලොකුම හොරා වෙලා මැතිවරණ සටන නිමා කරලා ගෙදර යනවා. ලංකාවෙ මාර වැඩ පෙන්නපු රනිල් වික්‍රමසිංහට දුවන්න ගහනවා. සජිත් ප්‍රේමදාස මොන විදිහෙ හොඳක් කළත් ඒ මිනිහට හොඳයි කියන්නෙ නෑ. අනුර කුමාර දිසානායක මහත්තයලා එහෙන් මෙහෙන් පොඩි පොඩි දේවල් ටිකක් කිව්වම 3% ඉඳන් මහා ජයග්‍රහණයක් දක්වා අරගෙන ආවා. තුන්දෙනා 159ක් වුණා.

මේගොල්ලන්ටත් ඒ විදිහටම තමයි මේගොල්ලෝ සලකන්නෙ. අනුර කුමාර දිසානායක මහත්තයලගෙ ආණ්ඩුවේ මේගොල්ලො බලයට පත්වෙනකොට බලාපොරොත්තු වෙන්නෙ හැටි්‍රක් පළමුවැනි ඕවර් එකේ ඉඳලා. හයේ ඒවා පළමුවැනි ඕවර් එකේ ඉඳලා. එහෙම කරන්න බෑ දේශපාලනේදි. ක්‍රිකට්වලදිත් එහෙමයි. කවුරුත් එන්නෙ නෑ අපිට ජයග්‍රහණය දෙන්න බලාගෙන. මං පටන් ගද්දිම කිව්වනෙ, අපි දිනන එක වැදගත් අපිට විතරයි. අපි දිනන එක අයි.සී.සී. එකටවත්, අපි දිනන එක ක්‍රිකට් පෙන්වන නාලිකාවලටවත්, අපි දිනන එක ලෝකෙ ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටවත් වැදගත් නෑ. ඒ නිසා අපි දිනවන්න ක්‍රිකට් ගහන්න, ක්‍රිකට් ක්‍රීඩාව අපි දිනන හැඩයට සකස් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

හැබැයි ඉන්දියාව දිනන හැඩයට ක්‍රිකට් ක්‍රීඩාව සකස් කරන්න හැමෝටම අවශ්‍යයි. ඒක ඉන්දියාවෙ ඩීල් එකක් නෙමෙයි. ඉන්දියාවෙ ඩීල් ඇති, හැබැයි ඉන්දියාවෙ ඩීල් එකකටත් වඩා ඉන්දියාව දිනුවොත් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවෙ පැවැත්ම තියෙන්නෙ. ඉන්දියාවට වගේම දැන් ඇමෙරිකාව ඇතුළෙත් ක්‍රිකට් උන්මාදයක් බවට පත් වුණොත් මේ ක්‍රිකට් ක්‍රීඩාව සමරන්න පුළුවන් එකක් බවට පත්වෙනවා. නාලිකා විසින් ක්‍රිකට් පෙන්වන්න පටන් අරගන්නවා. යම් හේතුවකින් පිට්ටනියෙ ඇමෙරිකා-ඉන්දියා සටනක් නිර්මාණය වුණොත්, ඇමෙරිකාවයි ඉන්දියාවයි එක එකා ගැටෙන්න පටන් අරගත්තොත්, ඇමෙරිකාවයි ඉන්දියාවයි, පාකිස්තානයයි ඉන්දියාවයි වගේ පිට්ටනියට එන හැම වෙලාවෙම හැප්පෙන කරට කර ගැටෙන්න පුළුවන් සටන් සගයන් බවට පත්වුණොත් අන්න ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉහළ තැනකට යනවා.

ඒ නිසා අපේ ක්‍රිකට්වලට අපි දැන් අත්පුඩි ගහමු. සමහර විට අපි පරදියි, සමහර විට අපි කුසලානය ගන්න එකක් නෑ. අපිට බොහෝ වෙලාවට සෙමි ෆයිනල් යන්න පුළුවන් වේවි. මොකද නවසීලන්තය, එංගලන්තය සහ අපිත් එක්ක ඉන්න කණ්ඩායම අපිට එච්චර නරක ප්‍රතිඵල දෙන අය නෙමෙයි. බොහෝ වෙලාවට පාකිස්තානයත් එක්කත් අපිට ඒ තරම් අමාරු වෙන්නෙ නෑ. නවසීලන්තය එක්කත් අපිට යම් හේතුවකින් ගැටලුවක් වෙන්න පුළුවන් නමුත් නවසීලන්තය කියලා කියන්නෙත් ක්‍රිකට්වල ඉන්න ඕනෙ වෙලාවක ඕනෑම දෙයක් කරන්න පුළුවන් කණ්ඩායමක්.

ඒත් අපි මතක තියාගන්න ඕනෙ ලංකාවට ඉන්න, ලංකාව බය, කොයි වෙලාවෙ වුණත් ලංකාවට කරදරයක් වෙන්න පුළුවන් කණ්ඩායම් වෙච්ච ඉන්දියාව, දැන් ඔස්ටේ්‍රලියා කලින්ම ගියා. ඉන්දියාව මේ කොටසෙ නෑ, බටහිර ඉන්දීය කොදෙව් නෑ. අපිට ඉන්න අපේ මිතුරෙක් වෙච්ච සිම්බාබ්වේ අනිත් පැත්තෙ ඉන්නවා. ඉතින් කොහොම වෙතත් දිනන දාටත් පරදින දාටත් දෙකටම අපි අපේ උන්ට අත්පුඩි ගහමු. මොකද අපේ උන් ගහන්නෙ අපි වෙනුවෙන් ක්‍රිකට්. අපේ උන්ට අත්පුඩි ගහන්න වෙන කවුරුවත් ලෝකෙ නෑ. ක්‍රිකට් ක්‍රීඩාවෙ පැවැත්මට අපේ උන්ගෙ ක්‍රිකට් ජයග්‍රහණය වැදගත් නෑ. ඒක මතක තියාගෙන අපි අපේ උන් ටික බේරගමු, අපි අපේ උන් ටික රැකගමු. අපේ උන් උපරිමයෙන් දක්ෂතා දක්වනවා කියලයි අපිට පේන්නෙ. පොඩි පොඩි ප්‍රශ්න තියේවි, අඩුපාඩු තියේවි, වැරදි තියේවි, ඒවා හදාගෙන ඉස්සරහට යන්න අපි පුළුවන් විදිහට අත්පුඩි ගහමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ප්‍රභාකරන් මුලතිව් කැලෙන් එළියට අරන් හෙලිකොප්ටරෙන් නවදිල්ලියට අරන් ගිය හර්දීප් සිං පූරිත්ට ලෝක ලෙඩක් වැටෙයි! Sri Lanka Latest News

Next Post

උපාධිය ගත්තේ අවුරුදු 94දි! පශ්චාත් උපාධිය ගත්තේ අවුරුදු 97දි! ජීවන ගමන නිමා කළේ අවුරුදු 99දි! සුබ ගමන් අත්තම්මේ…! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.