හානියට පත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අදාළ ආයතනවලට යළි බාර දෙන්නයි විද්‍යුත් මාධ්‍ය මගින් දැන්වීම් පළ කර පාරිභෝගිකයන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට අද (26) දැනුම් දුන්නේය.
ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් වලින් ලබාගත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හානියට පත්ව ඇත්නම් එම ආයතන වෙත නැවත ලබාදීම සඳහා මෙම දැන්වීම් පළ කරන ලෙසට අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට එසේ මෙසේ දැනුම් දෙන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සහ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම අද (26) කැඳවූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විණි.










