බොරැල්ල දේවස්ථානයක් තුළ අත්බෝම්බයක් තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයාගේ පුත්‍රයා වන සිවිල් ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
එහිදී සිය පියාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ඕෂල හේරත් මහතා පියවර ගත්තේය.
මෙය සම්පූර්ණයෙන්ම නාට්‍ය පිටපතක් බව කී ඒ මහතා මෙවැන්නක් සිදු කරනුයේ කාදිනල් හිමිපාණන්ගේ කට වැසීමට බවද කියා සිටියේය.










