මහ ලොකුවට වීරකම් ගැන, දේශප්‍රේමය ගැන කයිවාරු ගහන ආණ්ඩුව මේ රටේ අභිමානවත් ජනතාවගේ ආත්ම ගෞරවය පවා තුට්ටු දෙකට පාවා දී අවසන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගසා ඇති බවත්, මෙලෙස අන්තනෝමතික ලෙස මුදල් අච්චු ගැසූ යුගයක් මින් පෙර ඉතිහාසය කිසිදාක හමු නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා අද රට ගිලී ඇති උද්ධමනයට හේතුව එය යැයි ද පැවසීය.
මේසා විශාල ලෙස මුදල් අච්චු ගැසීම හේතුවෙන් බඩු මිල ඉහළ යෑම, උද්ධමනය මෙතරම් බරපතළ ලෙස ඉහළ යෑම සිදුවන බව මුල සිටම තමන් ඇතුළු විපක්ෂය ආණ්ඩුවට අනතුරු ඇඟ වුවද ආණ්ඩුව කිසිවක් මායිම් නොකළ බවද විපක්ෂ නායකතුමා පැවසීය.
සමගි ජන බලවේගයේ දෙනියාය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරවක නගරයේදී පැවැත්විණි. එම අවස්ථාවට සමගාමීව ජන හමුවක් ද පැවැති අතර ඊට අති විශාල පිරිසක් පැමිණ සිටියහ.
ඉතාමත්ම ඉක්මනින් සහල් කිලෝ කිලෝවක මිල රුපියල් දෙසිය, තුන්සියය සීමාව පසු කළ හැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාවට ජීවත්වීම ගැන හිතන්නට වත් ඉඩක් ආණ්ඩුව ඉතිරි කොට ඉතිරිකොට නැතැයිද පැවසීය.
ජනතාව අනාථ කළ යුගය වහාම අවසන් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, පවත්වන ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සූදානම් බවද පැවසීය.