දඹානේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොරෝනා රෝගය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා මහතා ප්‍රකාශ කොට ඇත.
පවුල් 46ක සාමාජිකයන් 1200කට මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බවත් ඒ සියලු දෙනා නිවෙස්වල නිරෝධායනය කොට ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.
කෙසේවෙතත් වසංගතය දඹානේ පැතිරී යාම ආරම්භ වූ මොහොතේ සිට වෛද්‍ය කණ්ඩායම් දිගින් දිගටම දඹානට පැමිණෙමින් ඒ පිළිබද සොයා බැලූූ බවද ඒ මහතා කීය.
කොරෝනා රෝගය හේතුවෙන් ආදිවාසී නායකයාණන්ගේ බිරියද ඊයේ මියගොස් තිබිණ.










