• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

30ට අඩු අයට ෆයිසර් දෙන එකට විශේෂඥ ‌වෛද්‍යවරු විරුද්ධ වෙයි! 60ට වැඩි අයට දෙන්න කියයි!

September 5, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
60ට වැඩි අයට සයිනොෆාම් විතරක් මදි! වෛද්‍ය සංගමය ජනපතිගෙන් වෙන එන්නතකුත් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook
සයිනොෆාම් එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු 20 -30 අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීමේ තීරණය ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය  නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එන්නත් නොලබා සිටින රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසු දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනෙකුත් ආබාධ හේතුවෙන් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදීම සිදු කළ යුතුව ඇති බවයි.

වයස අවුරුදු 60 ට අඩු සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයිනගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම් කිසි අඩු අගයක් පෙන්වන බව බහරේනයේ සහ මහාචාර්ය මලවි මහත්මියගේ පර්යේෂණ කණ්ඩායම්වල දත්තවලින් සනාථ වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල්ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවක් ඇති බවත් එම ප්‍රවණතාව සයිනොෆාම් එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රසෙනෙකා එන්නත් සඳහා මද වශයෙන් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින් පෙන්වා දී ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, අතුරු ආබාධවලින් පෙළෙන රෝගීන් (වකුගඩු බද්ධ කිරීම්, පිිළිකා ) සහ ප්‍රතිශක්තිකරණය දුර්වල අයගේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 2 න් නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බව එමගින් පෙන්නුම් කරන බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, එවැනි පසුබිමක් තුළ එම කණ්ඩායම් සඳහා Pfizer, Astra Zeneca හෝ මොඩර්නා එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යාවශ්‍ය බවයි.

එවන් පසුබිමක් තුළ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙඹි Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු 20 -30 අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීමේ තීරණය ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව එම සංගමය අවධාරණය කර සිටි.

තව ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව එම වයස් කාණ්ඩයේ පිරිසට එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවය නොදී වයස අවුරුදු 30 – 60 ත් අතර පිරිසට ලබා දීම මගින් අවදානම වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීම බවත් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති යම් කොටසක් තවදුරටත් වෛරසයට ගොදුරු වන අතර එමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතර දැඩිසත්කාර ඒකකවල ඇඳන් අවශ්‍යතාවයේ අඩුවක් නොමැති බව එහි සඳහන් ය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, එනනත්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නා පිරිස් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය සහිතව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැඳීම අත්‍යාවශ්‍ය බවයි.

SendShareShare
Previous Post

දඹානේ එක ගෙයක් නෑර කොරෝනා! දැනට 1200ක්!

Next Post

ජිප්සීස් සුනිල් සමුගනී!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.