කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුළ නිපදවා ඇති බවට අමෙරිකානු එක්සත් ජනපදයේ විශේෂඥයින් දෙදෙනෙකු වන Atossa Therapeutics හි ප්‍රධාන විධායක නිලධාරී Stephen Quay සහ කැලිෆෝනියා බර්ක්ලි විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය රිචඩ් මුලර් විසින් සොයාගෙන ඇත.
වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ COVID-19ට හේතු වන වෛරසය වන SARS-CoV-2 හි ජානමය අනුක්‍රමණය DNA විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූ බවකි.
චීන විද්‍යාඥයින් විසින් වුහාන් විද්‍යාගාරයේ COVID-19 වෛරසය නිර්මාණය කළ බවත් පසුව වෛරසයේ ප්‍රතිලෝම-ඉංජිනේරු අනුවාද මගින් ඔවුන්ගේ මාර්ග ආවරණය කිරීමට උත්සාහ කළ බවත්, එය ස්වාභාවිකවම වවුලන්ගෙන් පරිණාමය වූවාක් මෙන් පෙනෙන්නට ඔවුන් කටයුතු කළ බවට චෝදනාවන් එල්ලවී ඇති පසුබිමක මෙම නව චෝදනාව එල්ලවී ඇත.










