නිවසක වුවද ආදායමට වඩා වියදම වැඩි වෙද්දී ණය ගැනීමට සිදුවන බවත් එසේ නැතිනම් තියෙන දෙයක් විකුණා දැමීමට සිදු වනවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ද වී ඇත්තේ එය බවත් කුමන ආණ්ඩුව රට පාලනය කළ ද ආදායමට වඩා වියදම ඉහළ තත්ත්වයක ඇති බවද ඒ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසින් හසුරුවනු ලබන්නේ ජනාධිපතිවරයා මිරිහානෙන් ගෙනෙ මුදල් හෝ අග්‍රාමාත්‍යවරයා මැදමුලණෙන් ගෙනන මුදල් නොව භාණ්ඩාගාරයේ ඇති රටේ මහජනයාගේ බදු මුදල් යයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.










