ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ PCR පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බව ඇය සදහන් කොට ඇත.










