• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අස්සේ බබාලා හදන එක කල්දාන්න කියලා දොස්තර මහත්තුරු කිව්වේ ඇයි!

September 14, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
දවස් 16ක බිළිදියට හම්බන්තොට අම්මා වස දමා මව්කිරි දීලා!
Share on WhatsAppShare on Facebook

පහුගිය දිනෙක අපූරු කතාවක් සමාජගත විය. ඒ, වෛද්‍ය හර්ෂ අතපත්තු විසින් කියුවා යැයි සැලකෙන කතාවක් සම්බන්ධයෙන්ය. ඔහු කොවිඩ් සම්බන්ධව පැවැත්වෙන ප්‍රධානතම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳ ප්‍රකාශයක් කළේය.

‘ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න, අවුරුද්දකින් එය පමා කරන්න ඔබ කැමැති නම්….’
මේ ඔහු එදා කී කතාවයි.

මේ කතාව සමාජ මාධ්‍ය ජාලවල විශාල ප්‍රහසනයකට ලක්ව තිබෙන ආකාරය අපි දුටුවෙමු. බොහෝ තැන්වල එය විවේචනයට ලක්විය. සමාජ මාධ්‍ය ජාලවලදී මේ සම්බන්ධව පළවී තිබුණේ සිනහ මුහුණුය. හැබෑවටම වෛද්‍ය හර්ෂ අතපත්තුට හිනාවිය යුතුද? පහරදිය යුතුද? හාස්‍යයට ලක්කළ යුතුද? එය දෙවරක් නොව දෙතුන්වරක් හිතන්නට අවශ්‍යය.

හැබෑවටම විවාහ වීම, දරුවකු බලාපොරොත්තු වීම ඒ සම්බන්ධව තීන්දු තීරණ ගැනීම රජයේ වෛද්‍යවරුන්ට හෝ රජයට හෝ ආරක්ෂ අංශවලට හෝ තීරණය කළ නොහැකිය. ඔවුන් ඒ සම්බන්ධයෙන් යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කිරීමද වැරැදිය. නමුත් මේ ගතවී යන්නේ ශිෂ්ටාචාරයේ භයානකම කාලය බව සියල්ලෝම දන්නා කාරණයකි. මේ කාලයේ සිදුවෙන්නේ මොනවාදැයි කිසිවකු දන්නේ නැත. තවමත් කොවිඩ් බෝවන ආකාරයක් හෝ කොවිඩ් වැලඳුණාම සුවවන ආකාරයක් හෝ එහි නිවැරැදි සංකූලතා හෝ ඒ සම්බන්ධව ගත හැකි පියවරක් ගැන හෝ කිසිවකු දන්නේ නැතැයි මම මේ ලිපියේ ලියා තබමි. කිසිවකු ඊට අභියෝග කරයි නම්, ඒ කතාව වැරැදියි කියයි නම්, ඔහුගෙන් කාරුණිකව නොව ඉතා බැගෑපත්ව මේ කොවිඩ් කියන්නේ කුමක්දැයි තේරුම් කරදෙන ලෙස ඉල්ලා සිටිමි. ඒ තරමටම අපට නම් කොවිඩ් යනු අපභ්‍රංශයකි. කොවිඩ් ගැන තවමත් කිසිවකු නොදන්නවා යැයි අප කියන්නේ ඒ නිසාය. මේ තරම් විශාල ලෝකයක මේ තරම් තාක්ෂණික දියුණුවක් ඇති කාලයක, මේ තරම් දැනුම ඇති විද්වතුන් සිටින ලෝකයක තවමත් මේ ඇහැට නොපෙනෙන අංශු මාත්‍ර ප්‍රාණියා පිළිබඳ නිවැරැදි තක්සේරුවකට අප පැමිණ නැති බව අපේ විශ්වාසයයි. අප තවමත් ඉන්නේ අඳුරේ අතපත ගාමින්ය.

ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයන්, ලෝකයේ විශාලතම රාජ්‍යයන්, ජනහගනය වැඩිම රාජ්‍යයන්, ජීවත් වීමට සුදුසුම රාජ්‍යයන්, ජීවත් වීමට නුසුදුසුම රාජ්‍යයන්, විශාල කාන්තාර සහිත රාජ්‍යයන්, විශාල හිම කඳු සහිත රාජ්‍යයන්, විශාල ගිනි කඳු සහිත රාජ්‍යයන්, විශාල භූ විෂමතා කලාප සහිත රාජ්‍යයන්, සුන්දරම හෝ අසුන්දරම රාජ්‍යයන්… මේ සියල්ලටම කොවිඩ් සලකන්නේ එකම විදියටය. එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයාට පවා කොවිඩ් වැලඳුණේය. ඔහු මියනොගිය නමුත් ලෝකයේ ඕනෑ තරම් කෙරුම්කාරයන් කොවිඩ්වලින් මියගියේය. ලෝකය දෙස බලන්නට පෙර ලංකාව දෙස බලයි නම් ඒ සඳහා ඔබට ඕනෑ තරම් උදාහරණ තිබේ. ඒ නිසා මේ වෛද්‍යවරයාට හිනාවීමට දෙවරක් සිතීම දැන් ඔබේ වගකීමක් වී තිබේ.

වෛද්‍ය හර්ෂ අතපත්තු කියන කතාවේ නිවැරැදි තක්සේරුව ගැන අප නොදන්නෙමු. සමහර විට ඒ ගැන වෛද්‍ය හර්ෂ අතපත්තුද නොදන්නවා විය හැකිය. වෛද්‍ය හර්ෂ අතපත්තු පමණක් නොව මේ ලොව කිසිවකු මේ ගැන නිවැරැදිව ප්‍රකාශයක් කරන්න නොදන්නා බව අප විශ්වාස කරමු.

හැබෑවටම ඔහු මේ කියන කතාවේ තව එක කොනක් තිබේ. බොහෝ අවස්ථාවල ගර්භනී මාතාවන් කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ ඔවුන් ගර්භනී නිසාද, නැත්නම් කොවිඩ් සංකූලතා නිසාද, වෙනත් සංකූලතා නිසාද කියන්නට අප දන්නේ නැත. ඊට අමතරව මව මියගොස් දරුවා ආරක්ෂා වූ අවස්ථාද, දෙදෙනාම මියගිය අවස්ථාද අනන්ත අප්‍රමාණව වාර්තා වී තිබේ. එසේම දරුවන් විශාල ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් සංකූලතාවලට ගොදුරුවී ඇත. දරුවන්ට සිදුවන කොවිඩ් සංකූලතාවල සීමාවක් ගැන තවමත් නිශ්චිත නිගමනයක් නැත. දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමටද නිශ්චිත ක්‍රමවේදයක් නැත. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වන ආකාරයට කොවිඩ් වැලඳුණු දරුවන්ට කොවිඩ්වලට පසුව වැලඳෙන මොකක්දෝ රෝගයක් ගැනද දැන් දැන් ආරංචි මතුවෙමින් ඇත. මේ රෝගය ගැන හෝ කොවිඩ් රෝගය වැලඳුණු දරුවකු ගැන හෝ නිශ්චිත නිගමනවලට එළඹෙන්නට ලෝකයේ කාටවත් නොහැකි වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලද මේ වන විට පිරීගොස් ඇත. කොවිඩ් ආසාදිත දරුවන්ද, ශ්වසන අපහසුතා සහිත අයි.සී.යූ. ඇඳන්වල ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ දරුවන්ද මේ රෝහල්වල සිටිති. එසේම දරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව ඔබ අප දෙගොල්ලෝම දන්නා කාරණයකි. දින කිහිපයක දරුවන් කිහිප දෙනකු පවා කොවිඩ් ආසාදිතව මියගියේය. ඒ නිසාම වෛද්‍ය වර්ෂ අතපත්තු කියන කතාවේ පැහැදිලි ඇත්තක් තිබේ. ඔහු ඒ කතාව කියන්නේ අතිශය වගකීමකිනි. හැබෑවට ඔබේ බිරිය හෝ ඔබේ දරුවා ආරක්ෂා කරගැනීම ඔබේත් වගකීමකි. එය වෛද්‍ය හර්ෂ අතපත්තුගේ වගකීමක් නොවන බව අප සිහිපත් කළ යුතුය. ඔබේ බිරිය මේ වන විට දරු ප්‍රසූතියකට සූදානම් නම් ඇය මේ වන විට ගතකර ඇත්තේ ඉතා දුෂ්කර කාලයකි. නමුත් එය ගතකොට අවසන්ය.

නිවැරැදිව මාතෘ සායන පැවැත්විය නොහැකි රටක, මාතෘ වාට්ටුවල දරුවන් ප්‍රසූත කිරීමේදී විශාල ගැටලු ඇතිවන තත්ත්වයකට පත්ව තිබියදී රෝහල් තුළ සෑම මොහොතකම අහඹු ලෙස කොවිඩ් රෝගීන් වාර්තා වන තත්ත්වයකදී මේ තීරණය හැර වෙනත් ගත හැකි තීරණයක් නැත. කවදා කොහෙන් කොවිඩ් රෝගියකු මතුවේදැයි නොදන්නා තැනක, කොයි වෙලාවේ කොවිඩ් මරණයක් සිදුවේදැයි නොදන්නා රටක වෙන කරන්නට දෙයක් නැත.

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ මුල්ලේරියාව රෝහලයි. නමුත් මේ වන විට කාසල් රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ අසාධ්‍ය මට්ටමේ මවුවරුන් විශාල ප්‍රමාණයක් එහි සිටින නමුත් ඔවුන්ටද පෝලිමේ ඉන්නට සිදුව ඇති බවයි. මෙහෙව් තත්ත්වයක් යටතේ රෝගීන්ට පිළියම් යොදන්නට රටකට විදියක් නැත්නම් වෛද්‍යවරුන්ට මේ ඉල්ලීම කරනවා හැර වෙන කරන්නට දෙයක් නැත. ඒ නිසා මේ වතාවේ රජය ඔබේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහනවා යැයි නොසිතන්න. ඔබේ පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික තීන්දු තීරණ ඔබේ ආරක්ෂාව ගැන සිතමින් ගන්න. වෙනත් විකල්පයක් නැත. මේ කාලය තව කොච්චර දුර දැයි අපි නොදන්නෙමු. නමුත් කල්ප ගණනාවක් දුර නැති බව අප විශ්වාස කරමු. කොවිඩ් සම්බන්ධව ආරක්ෂිත වැඩපිළිවෙළක් නිර්මාණය වූ දිනෙක ඔබටත්, මටත් යළි නිදහසේ හුස්ම ගැනීමට ඉඩක් ලැබෙනු ඇත. එදිනට ඔබට සේම අපටද අපේ ජීවිතයේ තීරණ තීන්දු නිදහසේ ගන්නට හැකියාව ලැබෙනු ඇත. එතෙක් වෛද්‍ය හර්ෂ අතපත්තුලා පිළිගන්නවා හැර, විශ්වාස කරනවා හැර, ඒවාට එකඟ වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත.

SendShareShare
Previous Post

දුමින්ද රට ගිහින්!

Next Post

සුසන්තිකාට සහ දරු දෙදෙනාටත් කොරෝනා!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.