• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් මුලපුරයි! මහබැංකුව බේරාගැනීමේ අලුත් සටනක් ඇරඹෙයි!

September 14, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත් මුලපුරයි! මහබැංකුව බේරාගැනීමේ අලුත් සටනක් ඇරඹෙයි!
Share on WhatsAppShare on Facebook

විශ්වාසනීයත්වය බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේනම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහී කමක් බවත්, ජනතාවට වගකියන විපක්ෂයක් ලෙස ඊට අපගේ බලවත් විරෝධය පලකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගනිමු!

මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු කිරීම සහ සමස්ත මූල්‍ය ක්‍රියාවලියේ නියමු කාර්‍යභාරය ඉටු කිරීමය.එබැවින්, රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගතයුතු මහබැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්ව තබාගැනීම අනිවාර්ය කරුණකි.ස්වාධීන මහබැංකු ක්‍රියාත්මක වන සෑම රටමක සිය පුරවැසියන්ට වඩා හොඳ ආර්ථික ප්‍රතිඵල උදාකරදී ඇති බව ලොව පුරා ඇති අත්දැකීම් වලින් පෙන්වා දියහැක.

ශ්‍රී ලංකාවේ මහබැංකුවේ විශ්වාසනීයත්වයටද මරු පහරක් එල්ල කරමින් මහ බැංකු අධිපති ධුරය සඳහා අඳුරු ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති අතර එමඟින්, ශ්‍රී ලංකාව පිලිබදව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි වනු ඇත.

ඉතිහාසය පුරාම ඇතැම් රටවල මහබැංකු, වගකීම් විරහිත සහ අකාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්ති සකස් කර ඇති අතර එමඟින් පුරවැසියන් වෙනුවට තම ගජමිතුරන්ගේ සාක්කු පිරවීමට හැකි වී තිබේ. ආර්ජන්ටිනාව, හංගේරියාව, සිම්බාබ්වේ වැනි රටවල් ඊට කදිම උදාහරණ වන අතර එම රටවල් බරපතල ලෙසත්, අවාසනාවන්ත ලෙසත් ආර්ථිකව කඩා වැටී, ඉහළ උද්ධමනයකට හසුවී ඇත.

එවන් රටවල සිදුවන සංසිද්ධියම මෙරට සිදුවෙමින් පවතින අතර මෙරට මහබැංකුව සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය බරපතල ලෙස බිද වැටෙමින් තිබේ.

මෙරට මහබැංකු අධිපති ලෙස පත් කිරීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් එක් අතකින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් මෙන්ම එම ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද වෙයි.ස්වාධීන මහබැංකු අධිපතිවරයෙකු පත් කිරීමේ ජාත්‍යන්තර සම්මතයන් මත පදනම්ව ඔහුව මෙම තනතුර නොදැරීමට මෙයම වුවද හේතුවක් වෙයි. අපේ රට, ණය ආපසු ගෙවීමේ ගැටලුවකට මුහුණ පා සිටින වර්තමාන ආර්ථික අර්බුදය සහ බරපතල විදේශ විනිමය හිඟය තුල අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස යෝජනාකර ඔහුව පත් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවට තවදුරටත් අපේ රට පිළිබඳව ආර්ථික ව්‍යාකූලත්වයක් සහ අවිශ්වාසනීයත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ, තෙල් සංස්ථාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ කුප්‍රකට හෙජින් ගනුදෙනුව, අපේ රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ ග්‍රීක බැඳුම්කර නිකුතුව,වැනි බොහෝ චෝදනා වලින් බරපතල කලු පැල්ලම් එකතු කොට තිබේ.වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල ඔහුගේ කාලය තුළ අවභාවිත කරන ලද බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

ඔහු මහබැංකු අධිපති ලෙස කටයුතු කළ වකවානුවේ සිදුවූ සියල්ල කෝප් කමිටු වාර්තාවේ සදහන්ව තිබේ.

2019 බැඳුම්කර වෝහාරික වාර්තාව කබ්රාල් මහතාගේ ලැදියාවන් අතර ගැටුම් අනාවරණය වී ඇත.

එමෙන්ම,දැනට ඇමරිකාවේ වසර 12 ක සිර දඬුවම් විඳින ඇමරිකානු ජාතිකයෙකු වන සුබේරි නැමැත්තා සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 6.5 කට වැඩි මුදලක් අරභයා කරන ලද අනීතික ගණුදෙනු සම්බන්ධයෙන්ද එවක අධිපතිව සිටි කබ්රාල් කබ්රාල් මහතා ප්‍රමුඛ මහබැංකුවට චෝදනා එල්ල වී ඇත.

මේ මොහොතේ රට මුහුණ දී සිටින බරපතල ආර්ථික අගාධයෙන් ගොඩ ඒමටනම් ජාත්‍යන්තරව විශ්වසනීයත්වය ඇති,කලු පැල්ලම් නැති,පුද්ගලයෙකු මහබැංකු අධිපති ලෙස පත්කරනවා විනා,පෞද්ගලික දැනහැඳුනුම්කම හෝ ගජමිතුරුකම හේතුවෙන් ඔළුගෙඩි මාරු කිරීම පලදායි කටයුත්තක් නොවේ.

විශ්වාසනීයත්වය බරපතල ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේනම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහී කමක් බව ජනතාවට වගකියන විපක්ෂයක් ලෙස අවධාරණය කරන අතර ඊට අපගේ බලවත් විරෝධය පලකරමු.

එබැවින් අජිත් නිවාඩ් කබ්රාල්ව ශ්‍රීලංකා මහබැංකුවේ අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

සුසන්තිකාට සහ දරු දෙදෙනාටත් කොරෝනා!

Next Post

එන්නත් දෙකම අරගත් 183ක් එක සතියක මියගිහින්! එක එන්නතක් ගත් 428ක්!

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.