හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ ඉදිකෙරෙමින් පවතින සිමෙන්ති කර්මාන්ත ශාලාවක සේවකයින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් 42 දෙනෙකුම ඉන්දිය ජාතිකයින් බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීපිකා පටබැඳිගේ සඳහන් කළාය.
හඳුනාගත් ආසාදිතයින් අතරින් මේ වන විට සක්‍රිය ආසාදිතයින් ලෙස සිටින්නේ 52 දෙනෙකු පමණක් බවත්,. ගතවූ සතිදෙකක කාලය තුල සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවත් වාර්තා වේ.
ඉන්දීය ජාතික සේවකයින් 39 දෙනෙකු ඊයේ දිනයේදී ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණු අතර අනෙකුත් කොරෝනා අසාදිතයින් හෙට දිනයේදී රෝහල් ගතකිරීමට කටයුතුකරන බව දීපිකා පටබැඳිගේ වැඩිදුරටත් සඳහන් කළාය.