පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කමිටු දෙකක් වන කෝප් සහ කෝපා සහ කමිටුවල සභාපති ධූර පත් කිරීම සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක මහතා අද කරුණු පැහැදිලි කළේ ය. Sri Lanka Latest News
ඒ අනුව, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන බව ඔහු නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, කෝප් කමිටුවේ සභාපති ධූරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිත ය. ඊට හේතුව, කෝප් කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතව ඇත්තේ පසුගිය රජයේ කටයුතු පිළිබදව වන බැවින්, එහිදී පසුගිය රජයේ චෝදනා එල්ල වූ අයෙකු එම කමිටුවේ සභාපති අසුනේ අසුන් ගැන්වීම කළ නොහැකි වීමයි.










