වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ Truong My Lan ට මරණ දඬුවම නියම කර තිබේ.Sri Lanka Latest News
මෙම නඩු විභාගය සැලකුණේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය.
ඒ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයකි.
ධනවත් කාන්තාවක් වන 67 හැවිරිදි Truong My Lan දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.
වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව විය.