වෙළදපොලේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරිමෙහිලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත් වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජාත්‍යන්තර වෙළද කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අතර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි .Sri Lanka Latest News
එහිදි කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළදපොල තුල පවතින ගැටළු, එම නිෂ්පාදනවල සාම්පල පරික්ෂාකරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධව අවධානය යොමු කල අතර වෙළදපොල තුල පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය , නිෂ්පාදනයන් සහතිකකරණය , නිෂ්පාදකයන් ලියාපදිංචිය , අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය , පාරිභෝගිකයා ආරක්ෂාකිරීම තහවුරු කිරීම පිළිබද සාකච්චා කරන ලදී. පාරිභෝගිකයා නොමගයැවීමෙන් තොරව නියමිත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලට වෙළදපොල තුල අලෙවිකිරීමට අවශ්‍ය දැනුවත්කිරීම් හා නීතිරීති ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමුකළ අතර ජාත්‍යන්තර වෙලදපොලට සරිලන පරිදි පවතින නීති යාවත්කාලීන කිරීම ප්‍රධාන අරමුණක් බව එම නියෝජිතයන් ප්‍රකාශ කරන ලදී.
එම ක්‍රියාදාමය සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහයෝගයද ලබාදෙන ලෙස කොමිසමෙහි නියෝජිතයින් අධිකාරියේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදි .
කාබනික නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කිරීමේදී නියාමන ආයතනයක් ලෙස අධිකාරිය සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පැවැත්වූ මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර වෙළද කොමිසමෙහි නියෝජිත එක්සත් රාජධානියේ වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහනේ ජාත්‍යන්තර උපදේශක ටොම් නස්සීර් මහතා , දේශීය උපදේශක එම් රාජසිංගම් මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සහ නිලධාරීන් සහභාගි විය.
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය










