හම්බන්තොට නව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා සමාගම් 7ක් කැමැත්ත පළකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ කමිටුවක් යටතේ විශ්ලේෂණයට ලක්කිරීමෙන් පසු ඔවුන්ගේ යෝජනා භාරගන්නා බවයි.
එම සමගාම් 7 අතරට නයිජීරියාවේ ලාගෝස්හි ග්‍රාන්ට් ඇන්ඩ් ෂීයර ලිමිටඩ්, චීනයේ සිනෝපැක් සමාගම, මලයාසියාවේ ප්‍රෙට්‍රිකෝ කැපිටල්, සිංගප්පුරුවේ විටෝල් සමුහය, ඉරානයේ මාටින් ටෙජරට්, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටි හරි මැනේජ්මන්ට් සර්විසස් සීමාසහිත පෞද්ගලික සමාගම, මර්කා ඉන්වෙස්ට්මන්ට් පෞද්ගිලක සමාගම සහ ශ්‍රී ලංකාවේ පිහිටි දන්දෙණිය ඉංජීනියරින් යන සමාගම් අයත් වේ.
එම සමාගම් 7 පහත දක්වා ඇත.

newsfirst










