වැල්ලවත්ත මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයට නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර, ඔහු වයස අවුරුදු 60ත් 70ත් පමණ අතර වන උස, කෙට්ටු සිරුරක් හෙබි තළෙලු පුද්ගලයෙකි.
කොණ්ඩය කොටට කපා ඇති අතර හිස මුදුනේ තට්ටය ඇති බවත් උඩු රැවුල තරමක් වවා ඇති බව සහ මළ සිරුර නිරුවත් තිබී ඇති බවත් පොලීසිය පවසයි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර කොච්චිකඩේ පොලිස් වසමේ කම්මල්තොට මෝයකටට නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා අත.
මරණකරු වයස අවුරුදු 60ත් 65ත් අතර පමණ වන අඩි 5ක් උස අයකු වන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසයි.
ඔහු කොණ්ඩය කොටට කපා, උඩු රැවුල වවා ඇති අයකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානය විමර්ශන සිදුකරයි.
adaderana










